
(සුජිත් හේවාජුලිගේ)
අල්ලස්, දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු මැති ඇමතිවරුන් හිටපු මැති ඇමති බිරින්දෑවරුන් දරුවන් සහ ඥාතීන් ඇතුළු තවත් විස්සකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන පැවැත්වෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.
ඉදිරියේදී ඒ අයගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ පිරිස විදේශගත වීම වැළැක්වීම සඳහාද ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වාර්තාවේ.
මින් වැඩි පිරිසක් ළග පෙන්වූ වත්කම් ප්‍රමාණයට වඩා වත්කම් ප්‍රමාණයක් තිබී සොයා ගෙන අැත
අල්ලස් කොමිසම 2024 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා 226 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඉන් 55 දෙනෙකුම දේශපාලඥයන් බව ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd