
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ත්‍රිත්ව තුරන් කිරීමේ (Triple Elimination) වැඩසටහන අද (1) සිට ඇරැඹූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
ඒ අනුව ගැබිණි මව්වරුන්ගේ රුධිරය පරීක්ෂා කිරීම (හෙපටයිටිස් - බී - Hepatitis B virus -තිබේදැයි සොයා බැලීමට) පරීක්ෂා කිරීම මේ වන විටත් ආරම්භ වී තිබෙන අතර අද සිට ඉදිරියට දිවයිනේ සියලු මාතෘ සායන වලදී මෙසේ රුධිරය පරීක්ෂා කිරීම සිදු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය ( HIV) හා උපදංශය (Syphilis) සම්ප්‍රේශණය වැළැක්වීමට රුධිරය පරීක්ෂා කිරීම කලක සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය. එම වැඩසටහන (Dual Elimination) සාර්ථක බවටත්, මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය ( HIV) හා උපදංශය (Syphilis) සම්ප්‍රේශණයවීම වැලැක්වු රටක් ලෙස වසර 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ශ්‍රී ලංකාවට ලැබුණු බවත් අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd