(ඩයනා උදයංගනී)
මරණීය දණ්ඩනය හා වෙනත් දඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටින දරුණු අපරාධකරුවන් විසින් දුරකතන ඔස්සේ සිදුකරන ජාවාරම් නැවැත්වීමේ පියවරක් ලෙස එම අපරාධකරුවන් දුරකතන සබඳතා අවහිර කළ බන්ධනාගාරවල රැඳවීමට පියවර ගෙන ඇතැයි අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ඒ අනුව එම අපරාධකරුවන් තාවකාලිකව බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට යොමු කිරීමටත්, ඔවුන් වෙනුවෙන් ලාදුරු රෝගීන් රඳවා තැබීම සඳහා භාවිතා කළ මඩකලපුව, මාන්තිව් දූපතේ නව බන්ධනාගාරයක් ඉදිකිරීමටත් පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
බන්ධනාගාරයේ සිට මෙහෙයවන මත්කුඩු ආදී ජාවාරම් නැවැත්වීම සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දී ඇති උපදෙස් අනුව මෙම පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.
ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



ඡායාරූප - ගයාන් අමරසේකර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නිසා ඇමැතිවරුන්ගෙත් කොන්ද ටිකක් කෙලින්වෙලා වගේ. නැත්නම් මේ අය නිකම්ම නිකන් සිරිපාලලා තමයි.
ඉතාමත් හොඳ ආරක්ෂිත පියවරක්... මේ බන්ධනාගාරය වෙත හා අනෙක් ඒවාටත්, එස්.ටී.එෆ්. ආරක්ෂාව දැමිය යුතුයි. මන්ද යත්, බන්ධනාගාර නිලධාරීන් තඹේකට විශ්වාස කළ නොහැකි බැවිනි. බොහෝ නීතීඥයන්ද, සමහර බන්ධනාගාර නිලධාරීන්ද අපරාධකරුවන්ගේ ගජ මිතුරන්ය. අපරාධ කරුවන්ගේ නෑ හිතවතුන් හා ඔවුන් අතර ඇති හිතවත්කම් ගැන අධිකරණ භූමියේදී මා දුටු අවස්ථා බොහෝය. මේ මාර්ගය අපරාධ කරුවන්ට යම්යම් දේ ලැබෙනා මාර්ග විය නොහැකිද? ඒ නිසා බුද්ධි අංශ යොදවා මේ ගැන තොරතුරු රැස්කරන්න...
අර මොකද්ද ටීවී චැනල් එකක මල්ලි කෙනෙකුත් ඕවා පාවිච්චි කරනවනේ...
කරනවා නම් කරපල්ලා නැත්නම් දාලා පලයව්... ඔය තනතුරුවලට අදාළ නිල ඇඳුම් ගස්වල එල්ලලා. ඒ වගේම දියවන්නාවේ අයටත් කියන්නේ දැන්වත් තම වගකීම් කරපල්ලා.. නැත්නම් නුඹලාගේ ඇමතිකම්, මන්ත්රීකම්, අරකම්, මේ කම් දියවන්නාව පට්ටියේ වැසිකිලිවලට දාලා උපන් ඇඳුමෙන්ම ගම්බිම් බලා යන්න.. තවතවත් පව් නොදී අහිංසක මහජනතාවට.. දියවන්නාවේ 225 ටම මෙම අදහස් අදාලය..
එක කාලයක් සීසීටීවී හයි කරනවා කියලත් කිව්වා නේද? ළඟදී එල්ලුම් ගහට නියමවෙලා ඉන්න හිටපු අධීක්ෂණ මන්ත්‍රී කෙනෙක් හිර කුඩුවේ ඉඳලා ජංගම දුරකථනයක් යොදාගෙන පණිවිඩයක් අන්තර් ජාලයේ පලකර තියෙනවා දැක්කා. එයා වෙන කොහෙවත් යවන එක නම් බොරු... කන්න දෙන්නෙත් චයිනීස් හෝටල්වල රස බොජුන් කියලයි ආරංචි...
කයිට්ස් දුපතේ බන්ධනාගාරෙට මේ අයව දැන්මම යවන්න.
ඇමතිතුමෝ, ඔය කියන අධි ආරක්ෂිත බූස්ස හිරගෙදර නේද? කන්ජිපානි ළඟ තිබිලා ෆොන් හයක් ගිය සතියේ හොයා ගත්තේ...
රැඳවියන්ට ගේන විසිට් එක නවත්වපුවාම ඔය ප්‍රශ්නේ නිකම්ම නවතින බව මේ කිසිම බලධාරියෙකුට හෝ නිලධාරියෙකුට තේරෙන්නේ නැද්ද? ඒ වගේම රැඳවියන්ව බලන්න එන සියලුම දෙනාව අත්‍යාවශ්‍ය හේතු මත පමණක් බැලීමට සලස්වා ඔවුන්ව දැඩි පරීක්ෂාවකින් පසුව ඇතුල් කර ගැනීමෙන් මේක ලේසියෙන්ම නවත්වන්න පුළුවන්. ඕක කරගන්න ඔය කිසිම ඉහල නිලධාරියෙක්ට තේරෙන්නේ නැත්නම් මම ඕක කරලා දෙන්නම්... හිරේට යනවා කියන්නේ සියලු සැප ඉවරයි කියන එක ජනතාවට තේරුම් යනකන් මිනිසුන් හිරේ යාම නවතින්නේ නැහැ. විසිට් එක නැවැත්වීමෙන් පසුත් රැඳවියන් අතට බඩු යනවා නම් එතන වගකීම ඒ අංශය බාර නිලධාරින් බව කවුරු වුණත් දන්නවා. එතැනදී ඔවුන් රාජකාරිය පැහැර හැරීම මත සේවයෙන් පහ කළා නම් කිසිම නිලධාරියෙක් මේවට සම්බන්ද වෙන්නේ නැහැ. ඕක කරගන්න බැරුව හෝ නොතේරෙන කම හින්දා කන කට්ටක්...
ඒ කියන්නේ සමහර බන්ධනාගාර වල දුරකථන සබඳතා අවහිර කරලා නැහැ. වක්‍රව කියන්න පුලුවන්නම් දුරකතන පාවිච්චි කරන්න කියලා නේද? සෑම බන්ධනාගාරවල දුරකථන සබඳතා අවහිර කරලා දැම්මාම ඔය දුරකතන ප්රශ්නය ඉවරයි නේද?