සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලුදෙනාට ඇති අයිතියට එක්සත් ජනපදය සහයෝගය දක්වන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලුදෙනාට ඇති අයිතිය ඇමෙරිකා එක්සත් ජනපදයේ බෙදාහදාගත් ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායට අනුකූල යැයි ද එම තානාපති කාර්යාලය කියයි.
ඇමෙරිකා එක්සත් ජනපදය තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
‘‘අද දිනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපට පවත්වන්නට නියම කරගෙන තිබූ පෙළපාළියක් අවහිර කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළ බව අපි දන්නෙමු. එම පෙළපාළිය අවහිර කරන මෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර නොමැත. සෑමවිටකම මෙන් රටේ සිටින තානාපති ආයතන දරන වෑයම් සහ මුහුණු ආවරණ පැළඳීමට නියම කිරීම, මහජන රැස්වීම්වල විශාලත්වය සීමා කිරීම සහ අනෙකුත් ක්‍රියාමාර්ග හරහා කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය සඳහා ඔවුන් විසින් දරනු ලබන අඛණ්ඩ වෑයම් අපි අගය කරන්නෙමු.’’
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්. එයාලගෙ රටේ පෙළපාලිවලට මේ දවස්වල මල් ඉහිනවා. එහෙම මල් ඉහඉහා ඉන්න ගමන්නේ අර කළු ජාතිකයත් මළේ. අපේ රටේ ඔය කාලකන්නි නිකම්මු වැඩක් නැතිව පිස්සු නටන ඒවට රටේ නීතිය අනුව ක්‍රියා කරාවි...
ලැජ්ජයි, ජනාධිපතිතුමා...
දැක්කා නේද සුද්දාගේ තියෙන ප්රජාත්ත්රවාදයෙහි හැටි. මෙයින් ඇමරිකානු භීතිකාව ඔළුවට ගෙන බොරුවට පරල වෙන දේශපාලන ගැත්තන්ට දැන්වත් සත්‍ය යනු කුමක්දැයි අවබෝධ වන්නේ නම් මැනවි ! තොන්ඩමාන් මලගෙදරට නැති නීතිය මෙතනට ? අනේ .. මගේ කට .. නීතිය ... පක්ෂග්රාහී නීතිය .. තොන්ඩමාන් මිනියට ඇයි මේ නියෝගය නොගත්තේ.
එතකොට ඇත්තටම ඕක නවත්තන්න ඕන වෙලා තිබ්බෙ කාටද ?
ලැජ්ජයි! සුදුජාතික වර්ගවාදයට, විශේෂයෙන් වර්ගවාදී ඇමරිකන් පොලිසියට එරෙහිව ලෝකයේ අනිත් රටවල වගේ ලංකාවෙත් පවත්වපු උද්ඝෝෂණයට, ඇමරිකන් ගැති පාලකයින්ගේ වුවමනාවට ලංකාවේ පොලිසිය අවහිර කරපු හැටි මුළුරටටම අපකීර්තියක්. ලංකාවේ පොලිසියට ඇමරිකන් පොලිසියට වගේ ජාතිවාදී චෝදනා නැහැ. උසස් මනසකින් කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වගේ උගත්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පහුගිය කාලේ ශ්‍රී ලංකා පොලිසිය සහ මහජනතාව අතර හොඳ සම්බන්ධතාවක් ගොඩ නැගුවා. කොරෝනා නීති සහ ඇඳිරි නීතිපිටින් දාලා 65,000ක් මිනිස්සු අත්අඩංගුවට ගත්තත් පොලිස් විරෝධයක් රටේ ඇති වුනේ නැත්තේ පොලිසිය ක්‍රියාත්මක කරන්නේ පාලකයන්ගේ මර්දන ප්‍රතිපත්ති බව ජනතාව දන්නා නිසා. දැන් මේ උද්ඝෝෂණය නැවැත්තුවේ කොරෝනා නීති නිසා නම්, හරකුන් පටවනවා වගේ කුඩා ලොරියකට විශාල උද්ඝෝෂකයන් පිරිසක් පටවා ගෙන යෑම කොරෝනා නීති වලට අනුකූලද?
ඇමෙරිකානු තානාපතිනිය "FOREIGN MINISTRY" යට කැදවා විමසුමක් කිරීමට විදේශ ඇමතිද? වෙන කුඩා රටක විදේශ නිලධාරියෙක් මෙහෙම කළානම් දිනපතාම ගෙන්නලා ප්‍රශ්න කරනවා. මේවට කට වහගෙන ඉන්න සිංහල අපට හැකිද ? වරක් ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් පැය 24 න් රටෙන් පිටකලා මතකද ? ඇමෙරිකාවට ලංකාවේ කෙනෙකුට ගොස් මේ ආකාරයට හැසිරිය හැකිද ? කෝ අපේ අය? ඇයි දෙයියනේ අර ස්වාමීන්වහන්සේලාට මේවට මැදිහත් වෙන්න බැරිද ?
බලාගෙන යනකොට රට පාලනය කරන ඇමෙරිකානු පුරවැසියා ඇමෙරිකානු තානාපතිටත් වැඩිය ඇමෙරිකානුවෙක්.
ආන්ඩුව පැනලා දෙන්න ගිහින් ඉල්ලන් කාලා වගේ, පවු අසරන පොලිස්සියෙ මහත්තුරුන්ට විනය පරීක්ෂන තියයි.
ඒක හරි ඇති... ඒත් මෙයාලා ඡන්ද ටික දිහා බලාගෙන ඇමෙරිකාවට, අධිරාජ්‍යවාදයට විරුද්ධව මහා ලොකුවට කෑගහන්නේ.. ඒත් ඇත්තම දේ ඇමෙරිකාවට බයයි. ඒක දාගන්න තමයි ඊයේ ඔය මර්ධනය කළේ... මේකෙන් අවසානේ වුණේ ආණ්ඩුවේ ඡන්ද තව ටිකක් අඩුවීමයි.
එහෙ එහෙම උනාට මෙහෙ එහෙම නැහැ. ඇමෙරිකාව පටන්ගන්නත් කලින් මෙහෙ නීති පද්දතිය පටන් ගත්තේ.
කිසිම දවසක තමන්ගේ වැරදි කල්ක්රියාවන් පිළිගත්ත අයද මේ කියන්නේ?
ඔන්න ඕක තමයි බලෙන් කරන්න ගිහින් නාගන්නවා කියන්නේ.
අපි කිවූවේ නැහැ නමුත් කළ දේ හොඳා,
අපේ කෙනා ආපු දවසේ ඉදල හැමදාම කරේ නාපු එක. කරලා අයින් කරනවා නැත්නම් එපා කියපු දෙයක් කරලා පස්සේ නානවා. අනේ අපේ සිරිසේන මහත්තය තවම බලයේ ඉන්නවද කියල හිතෙනවා
ඇමරිකන් තානාපතිට වඩා ඇමරිකන් පුරවැසියාට කොහොමත් අමාරුයි නේ උද්ගෝෂණය කලාම. මොකෝ තමන්ගේ රටනේ නේද?
මේ ඡන්දෙන් ආණ්ඩුව ඇපත් නැතිව ගෙදර යනවා.
ඔන්න ඕකයි තත්වේ
වැඩි විස්තර විමලේගෙන් අහලා දැනගන්න පුළුවන්..
වීරවංශ ගම්මන්පිල නැතිව ඔය උද්ඝෝෂණයේ ගතියක් වැඩක් නැහැ.
ආ... ඒ් පාර බළලා මල්ලෙන් ඒළියට පැන්නා නේද? අපේ ආණ්ඩු කරන අයටත් කරන්න බලා ඉන්න අයටත් හැදෙනවා නම් මෙන්න හොඳ පාඩම්.
කෝ අපේ බමුණා?
නිදහස් අදහස් පිළිබඳ ගැටළුවක් ඇති බව පේනවා...
ඇමරිකන් තානාපතිට නැති වුණාට අපේ ලොකු සර්ට දේශප්‍රේමය කියන එක ඉහළින්ම තිබෙනවා.. කුමාර් ගුණරත්නම්ලා හිතුවේ අපි ඉස්සර ලංකාවේ ආණ්ඩුවට විරුද්ධව කොළඹ පාරවල් වහගෙන දිනපතා උද්ඝෝෂණ කරපු මිනිස්සු, මෙහෙ ඉඳන් ඇමරිකාවට විරුද්ධව උද්ඝෝෂණය කරන එක සුළු වැඩක් කියලා, නමුත් එතුමා කුමාර් ගුණරත්නම්ලාට, ඇමරිකාවට විරුද්ධව එක ඇඟිල්ලක් උස්සන්න ඉඩ දුන්නේ නැහැ .. උද්ඝෝෂණ කරලා ගෙදර යනවිට කාර්යාලෙත් නිකම්ම ගිනිබත් වෙලා...