(විනිතා එම් ගමගේ)
අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පරීක්ෂකවරුන් ලෙස කටයුතු කිරීමට පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල සුදුසුකම් ලත් ගුරුවරුන් කැඳවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවැසීය.
රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් පිටවී ගුරු වෘත්තියට සුදුසුකම් ලබා සිටින ගුරුවරුන් විශාල පිරිසක් පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල උගන්වන බවත් මේ අතරින් විභාග පරීක්ෂකවරුන් ලෙස කටයුතු කිරීමට සුදුසු පිරිස් තෝරාගන්නා බවත් සනත් පූජිත මහතා සඳහන් කළේය.
එම විභාග දෙකෙහි රාජකාරි සඳහා කැඳවා සිටි ගුරුවරුන් ගෙන් සියයට 30 කට ආසන්න පිරිසක් ඒ සඳහා සහභාගි නොවන බැවින් මෙම තීරණය ගත් බව ද හෙතෙම කියා සිටියේය.
එමෙන්ම මෙවර උසස් පෙළ විභාගයේ හා ශිෂ්‍යත්ව විභාගයේ පරීක්ෂකවරුන් ලෙස කටයුතු කරන ගුරුවරුන්ට විශේෂ දීමනාවක් ලබා දීමට කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේය.
මීට පෙර අවස්ථාවල පිළිතුරු පත‍්‍ර පරීක්ෂාවේ දී සිංහල හා දෙමළ මාධ්‍ය පිළිතුරු පත‍්‍ර පරීක්ෂාව අවසන් වූ පසු ඉංග‍්‍රීසි මාධ්‍ය පිළිතුරු පරීක්ෂාව සිදුවූ නමුත් මෙවර සිට භාෂා තුනේම පිළිතුරු පත‍්‍ර එකට පරීක්ෂා කරන බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කාටදෝ ගානක් කපාගන්න කරන වැඩක් වගේ මට පේන්නේ.. රජයේ ගුරුවරයෙක් විභාගයේදී වංචනික වැඩක් හෝ වැරැද්දක් කළොත් විනයානුකුලව කටයුතු කරන්න පුළුවන් නිසා තමන්ගේ රස්සාවට තියෙන ආදරේට රජයේ ගුරුවරු වැරදි වැඩ කරන්නේ නැහැ. නමුත් මේ කුලියට ගත්ත පුද්ගලික ගුරුවරුන්ගේ අවංක භාවය ගැන තියෙන විශ්වාස කරන්නේ කොහොමද? එන හැම කෙනාම අධ්‍යාපනේම කන්න ලැහැස්තිවෙන්නේ මොකද?
සුදුසුකම් හා පළපුරුද්ද තිබේ නම්, ගත්තාට කම් නැහැ. ඒ වුනාට ගුරු වෘත්තිය සමිති නැට්ට කෙලින්කරගෙන විරෝධතා පටන්ගනීද දන්නේ නැහැ...