(ඩී කේ.රත්න)
ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් පවත්වාගෙන යනු ලබන ජාතික කොවිඩ් 19 අරමුදල සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් රුපියල් ලක්ෂ 94 ක මුදලක් පරිත්‍යාග කර තිබේ.
එම අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන නිළධාරීන් ඇතුළු සමස්ත සේවකයින් විසින් පරිත්‍යාග කෙරුණු දිනක වැටුප වූ මෙම මුදලට අදාළ චෙක්පත ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය හා ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පියදාස රත්නායක මහතා විසින් අද ඌව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ රාජා කොල්ලුරේ මහතා වෙත එම කාර්යාලයේදී භාරදෙනු ලැබීය.
ඌව පළාත් ආණ්ඩුකාරවර සම්බන්ධීකරණ ලේකම් සංජීව විජේකෝන් මහතාද එම අවස්ථාවට එක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූණ ලොකු කරගන්න පඩි කපන් අරමුදලට සල්ලි දෙනවට වැඩිය හොඳ නැද්ද ඔය විදියට කරලා පළාත් අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්න වලටත් උත්තර දුන්නා නම්..
මේක එකතු කරන්නේ බල බලා ඉන්න.
මේ අරමුදලේ නම වෙනස් කරන්න ඕන 'හොඳටම' කියලා.
හරි සන්තෝසයි ,තාම අරයා නේද ඔය සල්ලි සේරම භාරව ඉන්නේ...? කල්ල මරේ ඉතින්... මොකද අර පන්දාහ බෙදුවෙත් කී දෙනාටද ...? ඔය රංගනයේ ඉන්න ඇඳන් ඉන්න සාටකේ සහ කපටි සූට් එක ගලවලා ආයේම එයාගේ රටට පනියි..