(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
ලෝක උරුම සිංහරාජ වනාන්තරය නැරඹීමට මතුගම මාර්ගය හරහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව උදෙසා නව මාර්ගයක් ඉදිකර තිබේ.
කලවාන මතුගම මාර්ගයේ පැමිණ කැප්පෙට්ටිය මණ්ඩිය හරහා කොක්කාවිට, බටහේන හරහා පහසුවෙන් සිංහරාජයේ කුඩව පිවිසුම වෙත ළඟාවීමට හැකිය. සිංහරාජය නැරඹීමට මතුගම දෙසින් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් හට සිංහරාජය වෙත ළඟාවීමට හැකි කෙටිම මාර්ගය මෙය වේ.
මෙම මාර්ගය ඉදිකිරීම් රත්නපුර දිස්ත්‍රික් හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ මැදිහත් වීම මත කලවාන ප්‍රාදේශීය සභාවේ සභාපති චමින්ද ඉන්දාප්‍රිය මහතා සහ කොඩිප්පිලිකන්ද කොට්ඨාසයේ මන්ත්‍රී ජගත් කොඩිතුවක්කු මහතාගේ මැදිහත් වීම මත ඉදිකර තිබේ. මෙම මාර්ගය ඉදිකිරීම හේතුවෙන් 25 ක පමණ දුරක් අඩුවෙන් සිංහරාජය වනාන්තරය වෙත පිවිසිමට අවස්ථාව උදා වී තිබේ.මෙම මාර්ගය කාපට් කිරීමද ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.
මෙම මාර්ගයේ ගමන් කිරීමේදී දිය ඇලි, ඇළදොළ ,විවිධ සතුන් පක්ෂීන් නැරඹීමට අවස්ථාව සංචාරකයන් හට හිමිවේ. ඉදිරියේදී මෙම මාර්ගය අවට ප්‍රදේශය සංචාරක කලාපයක් කිරීමට කලවාන ප්‍රාදේශීය සභාව බලාපොරොත්තු වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් කැලේ කපලා ලී ටික පටවගෙන යන්න පාරක් එපැයි ... !
මේ නව මාර්ගයට අමතරව, විශාල වශයෙන් මේ වනාන්තරයේ තිබෙන වටිනා ගස් හොරෙන් කපා එම ගස් කඳන් පිටින් ප්‍රවාහනය කිරීම සඳහා තවත් නව මාර්ගයකුත් ඉදිකිරීමට කොන්ත්‍රාත්තුවක් ලබාදීමට රජය තීරණය කරාවිද ???
මේ වගේ පිස්සු වැඩ කරන්නේ ලංකාවේ නිලධාරින්ම පමණයි..!
විල්පත්තුව කපලා පාර දැම්මොත් ජාතිවාදය.. සිංහරාජ කපලා පාර දැම්මොත් සංවර්ධනය...
හොඳ ගස් ටිකකට වැඩේ දෙන්න ඇති පාර හදනවා කියලා...
මේ පාර හදලා තියෙන්නේ කැලෑවක් කපලා එලි කරලා නේද? ඉස්සරහට ඕක කාපට් කරලා වටේට කඩ හැදුණාම ඔය වටේට තියෙන කැලේට මොකද වෙන්නේ?
පාර ලස්සනට කපලා. දැන් ඉතින් නායයන්න තමයි තියෙන්නේ..
ඔය ලස්සනට ගස් ටිකට වැඩේ දීලා තියෙන්නේ. මේ අය නම් මිනිස්සු වෙන්න බැහැ .. කාලකන්නි...
මේ වැඩෙන් ගස් කැපීමට ලොකු රුකුලක් ලැබේවි... සිංහරාජ වනාන්තරය ශ්‍රී ලංකාවට අහිමි වේවි..
තව 2/3 කුත් දෙන්න.
සංචාරක ව්‍යාපාරය ගැන හරියමක් නොදැන මෙවැනි හානි කරන්න එපා !! ඔවූන්ගේ ආශාව පයින් ගොස් සුන්දරත්වය නැරබීම මිස වාහන හෝ කාපට් පාරවල් නොවේ.
මම මේ කල්පනා කරන්නෙ ඔය ගොඩක් වියතුන් එතකොට සමහර හාමුදුරුවරු මහ බලාපොරොත්තු තියාගෙන ගෝඨාභය ජනාධිපති කලේ මේ වගේ විනාශයන් කරන්නද කියලා හිතෙන්නෙ මට විතරද...
දේශපාලකයන් සහ ඔඔවුන්ට කඩේ යන නිලධාරීන්, ඔවුන් දන්නවා රටට ස්වාභාවික සම්පත් වලට හෙන ගැගැහුවත් තමන්ගේ සුකවිහරනය සදහා හම්බකර ගන්නෙ කොහොමද කියලා.
අපරාදේ , මේ තුලින් වනය එලි වෙනවා, ගස කැපෙනවා, කොන්ත්‍රාත් කරුවෝ හා අදාල අය සම්තින්ග් හොයා ගන්නවා. පාර විතරක් නොවෙයි ඒ දෙපස ගොඩ නැගිලි ඉදි කරයි.
කෝ මේ අපේ රවින්ද්‍ර කාරියවසම් මහත්මයාලා...? කරුණාකරලා මේ වියාපෘතියෙන් පරිසරයට සිදුවන හානිය පෙන්වාදෙන්න. සමහරවිට එතුමන්ලා මෙයට දැනටමත් විරෝධය පලකරලා ඇති...
අහෝ..!!! සෙමින් වැනසෙන ලෝක උරුමය..
වහල් ආණ්ඩුව සිංහරාජ වනාන්තරය විනාශ කරමින් හදපුපාර විවෘත කරන්න ලැජ්ජා වෙන්න ඕනේ. වහල් ආණ්ඩුව හිටපු අවුරුදු 5ටම විනාශ කරපු රක්ෂිත වනාන්තරවලට වඩා වැඩි ප්‍රමාණයක් මේ මාස 6ට විනාශ කරලා තියෙනවා... හැබැයි මාධ්‍යය ඒ ගැන කතාවක් නැහැ බයට.... දැන් පරිස්සමට තිබ්බ දේ ඈලියාවට ගිහින් තියෙන්නේ... එදා හිටපු ගිහි පැවිදි හොර දේශප්‍රේමියන් අද හොයා ගන්නවත් නැහැ...
ඉතා හොඳ කාලෝචිත ක්‍රියාවකි. මෙකෙත් කලක් විවිධ දුෂ්කරතා මැද අමාරුවෙන් කැලේ ගමන් කරපු වන සතුන්ට දැන් පහසුවෙන් රිසිසේ අඩු වෙහෙසකින් හා අඩු වියදමකින් මෙම මාර්ගය හරහා ආහාර පාන සොයා වනයේ ගමන් කළ හැකිය.
කවුරු කළත් මේක මහ ගොන් තකතීරු කමක්... වනාන්තරය බලන්න කියලා කැලේ කපල පාරක් දාන්න පුලුවන්ද දේශපාලකයන්ට ඕන විදියට? කන්න ඕනෑ වුණු වෙලාවට කබරගොයාත් තලගොයා කරන්න හරි දක්ෂයි. මේ අය... අලියද, අතද, සීනුවද, පොහොට්ටුවද කියලා වැඩක් නෑ. මේ වගේ දේවල් වෙන්න දෙන්න හොඳ නෑ. හැබැයි කරුමෙකට වගේ එහෙම විරුද්ධ වීමක් ලංකාවේ වෙන්නේ නෑ. එකෙක් හරි හඬක් නැගුවොත් අනිත් වහල්ලු එකතුවෙලා ඒක යටපත් කරනවා.