( තිළිණි ද සිල්වා )
මාලදිවයිනේ මාලේ අගනුවර සීමාව තුළ හා ඉන් පිටත සිටින සිරවී සිටින ශ්‍රී ලාංකිකයන්ට බෙදාහැරීම සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිලෝග්‍රෑම් 10,000 ක් යුතු ඇසුරුම් 2000 ක් එරටට යැවූ බව විදේශ සබදතා අමාත්‍යාංශය පවසයි.
එම ඇසුරුම් තොගය මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත මේවන විට යවා ඇති බවත් එම අමාත්‍යංශය සඳහන් කරයි.
කොරෝනා වසංගතය පැතිරයාමත් සමඟම මාලදිවයින් රජය එරට අවදානම් රතු කලාපයක් ලෙස පත්කර ඇති අතර මාලේ අගනුවර සිටින අතිශයින් අවදානම් තත්ත්වයකට මුහුණදී සිටින හෙයින් ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ලබාගැනීම සීමා වී ඇති හෙයින් ලාංකිකයින් සදහා මෙම ඇසුරුම් ලබා දීමට පියවර ගත් බවද එම අමාත්‍යාංශය කියා සිටී.
මෙම වියළි ආහාර අඩංගු ඇසුරුම් ඉකුත් 7 වන දින ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් (එයාර් කාගෝ) නොමිලේ මාලදිවයිනට රැගෙන ගිය බවද අමාත්‍යාංශය පැවසීය.
මෙම ලබාදීමට නියමිත එක් ආධාර කට්ටලයක් අයිතම 18 කින් සමන්විත වන අතර මෙම ශ්‍රී ලාංකිකයන්ට බහුල වශයෙන් අවශ්‍යවන ක්ෂණික ආහාර ද්‍රව්‍ය , සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය ඖෂධ වැනි මූලික භාණ්ඩ ඊට ඇතුළත් වෙයි.
ශ්‍රී ලාංකිකයන් 7000 ක් පමණ මේ වනවට මාලදිවයිනෙන් නැවත මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින අතර මෙයින් 2000කට ආසන්න ප්‍රමාණයක් මාලේ අගනුවර රැදී සිටින බව විදේශ සබදතා අමාත්‍යාංශය පෙන්වා දේ.
මොවුන් ගෙන්වා ගැනීමට එරට බලධාරීන් සමග සාකච්ඡා පවත්වමින් සිටින අතර පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට පිටත්වීමට පෙර ගෙවීම් සිදුකිරීමේ පදනම මත පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට පහසුකම් සැලසීම සඳහා මාලදිවයින බලධාරීන් කැමැත්ත පළකොට තිබෙන බව ද එම අමාත්‍යාංශය කියා සිටී.
ශ්‍රී ලංකා රජයෙන් විශේෂ මුදල් වෙන්කිරීමක් මගින් ලබාදුන් අරමුදල් යටතේ හා ශ්‍රී ලාංකික ප්‍රජා සංගම් හා ප්‍රාදේශීය සංවිධාන සමග එක්ව විදේශීයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා වියලි ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ලබාදෙමින් විදේශ රටවල වෙසෙන සංක්‍රමණික ප්‍රජාවලට අඛණ්ඩව සහාය ලබා දෙන බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන්නන්හට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට අඛණ්ඩව සහාය ලබාදීම සහ පහසුකම් සැලසීම ද සිදුකරන අතරදීම අත්‍යාවශ්‍ය අවස්ථාවන්හිදි එම රටවලදීම හදිසි වෛද්‍ය ප්‍රතිකාර ද ලබාදීම සදහා ද සහාය දක්වන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් එම්බසියේ දුරකථන ක්‍රියා විරහිතයි. සමහර වෙලාවට ක්‍රියාකළත් ආන්ස්වර් කරන්නේ නෑ. බොහෝ පිරිසක් ඉන්නවා ඒවා ලබා ගැනීමට බලාපොරොත්තුවෙන්... අපේ තානාපති නිලධාරින් අකාර්යක්ෂමයි. කරුණාකර නිසි බලධරයෙක් වේනම් මේ ගැන සොයා බලන්න.
ඇඳිරිනීති කාලයේ ලංකාවේ රැඳී සිටි විදේශිකයන්ට මේ වගේ ඔවුන්ගේ රටවලින් ආධාර එවන්න ඕන වුනාද? මේක තමයි ඔවුන්ගේ සහ අපේ වෙනස. නමුත් සමහර අපේම අය මේක පිළිගන්න අකමැතියි. සමහර රටවල් අපේ රටේ අය රෝගී බව දැනගෙනම මෙහාට එව්වා. දැන් විදෙස් රටවල් වල ඉන්න ලාංකිකයන්ට ලංකාවෙන් ආධාර යවන්න වෙලා. ඇතැම් රටවල් මේ වෙලාවෙ කටයුතු කරන්නේ ඉතාම පහත් විදියට.
දිලාන් මහත්මය අපේ බලධාරීන් අපේ පුරවැසියන්ට අපේ රටේ දොර මාස 3 තිස්සේ වහල තිබෙනකොට අල්ලපු රටේ මිනිස්සුද අපේ පුරවැසියන්ට සලකන්න ඕනේ ? මම දන්නා තරමින් ලෝකේ කිසිම රටක් තම පුරවැසියන්ට රටේ දොර කොරෝන නිසා වැහුවේ නැහැ , සමහර රටවල් විශේෂ ගුවන් යානා යවමින් තම පුරවැසියෝ ගෙන්වා ගත්තා.
ප්‍රදීප් මහත්මයා ආණ්ඩුව මාලදිවයිනේ තානාපතිකමට යැව්වේ වයස අවුරුදු 80ක් විතර වෙන විශ්‍රාමික ගායන සහ රංගන ශිල්පියෙක්.., එ්ක පාර්ලිමේන්තුවට ඉදරිපත් කර රනිල්ගේත් අනුදැනුම ඇතිව කළ පත්වීමක්.., එම වයසක මනුෂ්‍යාට තානාපති සේවය ගැන හෝ අාපදා කළමනාකරණය ගැන හෝ කිසිම දැනුමක් හෝ පළපුරුද්දක් නොමැත. දැන් සියලුම පාර්ශව අපහසුතාවයට ලක්වී ඇත.. එහෙ අතරමන්වුණු මිනිසුන්නේ ජීවිත පවා අවදානමට ලක්වී ඇත..
Dilan මහත්මයා, තමන්ගේ පවුලේ මනුස්සයට තමන්ගේ ගෙදර දොර වහලා. තවකාලිකව අල්ලපු ගෙදරට වෙලා ඉන්න අවස්ථවේ අල්ලපු ගෙදර මනුෂ්‍යය ඔහුට සැලකුවේ නැත කියල අල්ලපු ගෙදර මනුෂ්‍යාට දොස් කියන එක හරිද ?.
එම්බසි එකේ දුරකථන අංකය කිසිම වෙලාවක වැඩ නැහැ. ඉන්න නිලධාරින් හිතන් ඉන්නේ මාලේ ඉන්නේ කිසිම දෙයක් දන්නේ නැති මෝඩ රැලක් කියලා. වියලි අහාර කියලා බෙදන්න යන්නේ බිස්කට් , පස්පංගුව වගේ දේවල්. මේ වෙලාවේ ඕන කරන්නේ කන්නවත් නැතුව අසරණ වෙලා ඉන්න පිරිස හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩ පිළිවලක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමයි.
මාලදිවයිනේ මහකොසමාරිස්තුමාගේ තවත් දක්ෂතාවයක්.., තම රටවැසියාට ආධාර ඔවුන් උපන් දේශයෙන් (ලංකාවෙන්) අරගෙන යන්න ඕනෑ වුනේ කොමසාරිස්ගේ දක්ෂතාවය නිසා විය හැකියි. ඔහොම වෙන්නත් ඕනෑ. ගායකයන්, කොමසාරිස්වරුන් වුණාම, මීට වඩා වෙන දෙයක් බලාපොරොත්තු විය නොහැකිය. ඔය කාර්යාල වහලා දාන්න අපරාදේ සල්ලි...
හාල් පරිප්පු යවලා හරියන්නේ නැහැ.. නාවික හමුදාවේ නැවක් යවලා, කට්ටියම හම්බන්තොටට ගොඩ බස්සවන්න. එහෙ ඕනෑතරම් තිබෙනවා.. වහලා දමපු අලුතෙන් හදපු රජයේ ගොඩනැගිලි.., ඒවා නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් භාවිතා කරලා මේ මිනිස්සු රට ඇතුළට ගන්න. කරුණාකර අනාගතයේදී තානාපතිවරු පත්කරන කොට ක්ෂේත්රයේ පළපුරුද්ද තිබෙන පුද්ගලයන් පත්කර යවන්න. අවුරුදු 70-80 වයස විශ්‍රාමික කලාකරුවන්, දේශපාලකයන්, වෛද්‍යවරුන් පත්කර යවන්න එපා... මේ විදිහට පුරවැසියන් අතරමන් කරන්න එපා...
බඩු නම් බෙදුවා... එ්ත් අහිංසක මිනිස්සුන්ට ලැබුනේ නැහැ... තම කාමරවලට වෙලා ඉන්න මිනිස්සු ගොඩයි. කිසිම සරණක් නැහැ...
මාලදිවයිනේ තානාපති කම කරන්නේ පළිඟුමැණිකේ වැනි ඉතා හරවත් සිංහල ටෙලිනාට්‍ය වලට රංගපෑමෙන් දායකවුණු, ඉතා හරවත් සිංහල ගීත ගායනා කරපු රටම ආදරය කරන විශ්‍රාමික කලාකාරයෙක්. අවුරුදු 80ක් විතර වයස වෙන එ් මනුස්සයට ඔය තානාපතිකම් වැනි වැඩ බැරිවුණාට, ඉතා වටිනා කලාකාරයෙක්..., ඔය මලදිවයින් තානාපති කියන උරචක්රමාලාව එ් මනුස්සයාගේ කරේ එල්ලුවේ පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ දේශපාලකයන් දෙගොල්ලොම එකතුවෙලා, මේ අසීරු අවස්ථාවේ කරුණාකර තානාපති කටයුතු ගන්න දන්නා නිලධාරියෙක් මාලදිවයිනේ වැඩබලන තානාපති ලෙස පත්කරලා යවලා, ඔය මනුස්සයාව ලංකාවට ගෙනත් හෝටලයක් නිරෝධායනය කරලා, නිවාඩු පාඩුවේ ඉන්න අරින්න, නැතිනම් ඔහුට මාලදිවයිනේ ලෙඩක් දුකක් හැදුණොත් වෙන්නේ මහා අපරාධයක්.., ඔය මලදිවයිනේ සිටින අනාථයින්ගේ ප්‍රශ්න විසඳන්න ඔහුට බැහැ...
ප්‍රදීප් මහත්මයා මාලදිවයිනේ පමණක් නොවේ අරාබි රටවල්වලත් මේ අවස්ථාවේ අපේ සහෝදරියන් විවිධාකාර අතවරවලට ලක්වෙනවා. හරිම කණගාටුදායක තත්වයක්...