( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අටවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ඉක්ම යන තෙක් නව පාර්ලිමේන්තුවක් නොකැදවීමෙන් තමන්ගේත් , රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම එම පක්ෂය විසින්ම අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී.
මෙම පෙත්සම විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවුණි.
ඒ අවස්ථාවේදී පෙත්සම්කාර පක්ෂයේ මහලේකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රෝලන්ඩ් පෙරේරා මහතා මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණයේ අවසර ඉල්ලා සිටියේය.
විනිසුරු මඩුල්ල එම ඉල්ලීමට අවසර ලබා දුන්නේය.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජනාධිපති වරයා වෙනුවෙන් නීතිපතිවරයා සහ නීතිපති වරයා නම් කරනු ලැබ සිටිති.
පැවති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මාර්තු මස 02වැනිදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය පෙත්සම් මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.
විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබුනේ අට වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු 09වන පාර්ලිමේන්තුව තෝරා ගැනීමට මැතිවරණය ජූනි මස 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කල බවය .එම මැතිවරණ දිනය පාර්ලිමේන්තු ව විසුරුවා හැරි දිනයේ සිට මාස තුනකට පසු දිනය ක් වන අතර මැතිවරණ කොමිසමේ එම තීරණය නීතිවිරෝධී බවද පෙත්සම්කරු කියා තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ඉක්ම යාමට පෙර නව පාර්ලිමේන්තුව කැඳවනු ලැබිය යුතු නමුත් එසේ නොකර සිටීම සහ පැරණි පාර්ලිමේන්තු ව හෝ නොකැදවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරු කියා තිබිණි.
පවතින තත්ත්වය තුළ 08 වන පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කළ යුතු බවද පෙත්සම්කාර එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය පෙත්සමින් සදහන් කර තිබිණි.
එබැවින් මෙම ක්‍රියාවලිය තුලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ට තීරණය කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා තිබිණි.
එසේම 08 වන පාර්ලිමේන්තුව ජූනි මස 03 වැනිදා සිට බල පවත්වන බවට ප්‍රකාශයක් කරන ලෙස ද පෙත්සම මගින් ඉල්ලා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ දේශපාලනේ මේ රට විනාශ කළා. හැමදාම මේ දේශපාලන මගුල තමයි කනට ඇහෙන්නේ... ඒ පැත්ත, මේ පැත්ත කොයි පැත්තත්, බලයට පොරකනවා. මිනී මරාගන්නවා. දෙතුන් පැත්තෙම ගැලරියේ සිටින්නන් තමන්ගේ අයගේ වරද වහගෙන අනුන්ගේ වරද හොයනවා. රෙදි නැතිව ඉඳගෙන අනුන්ගේ නිරුවතට හූ කියනවා. උගත් සුළු පිරිසක් හැරෙන්නට පාර්ලිමේන්තුවේ සිටින මෝඩ නූගත් රැල දක්කන්නා සේ මේ හය, හතර තේරුම් ගන්න බැරි මිනිසුන්ව දක්කනවා. ඕක තමයි මේ රටේ තියෙන දේශපාලන යථාර්ථය...
ඕවා තමයි ඩීල් කියන්නේ...
රනිල්ට කැමති කවුද ?
රනිල් කවද්ද තනියෙන් වැඩක් කරලා දින්නේ. මිනිහා කියපුවා කරපු හැමෝම ජෝකර්ලා වුණා. අකිලත් ජෝකර් වුණා.. එජාපේ මේ ඡන්දයෙන් ඉවරයි.. ශ්‍රීලනිපයටත් එච්චරයි වෙන්නේ...