(විනීතා එම් ගමගේ)
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතාකරුවන්ට පොලිසිය කළ පහර දීම හෙළා දකිමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයන් හි වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන 25 ක් එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත .
සාමකාමීව පැවැත්වු එම උද්ඝෝණයේ දී කල පහර දීමහා විරෝධතාකරුවන් අත් අඩංගුවට ගැනීම පැහැදිලිවම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් විරෝධතා සංවිධානය කරන්නන්ට රජය කළ තර්ජනාත්මක අනතුරු ඇඟවීමක් බවත් තම සංවිධානයන්හි අදහස යැයි එම වෘත්තිය සමිති කියයි.
කොල්ලුපිටිය ලිබර්ටි සිනමාහල ආසන්නයේ දී එදිනම තවත් පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බවත් එහි දී අත් අඩංගුවට ගෙන ඇති නීතිඥවරියන් දෙදෙනාගෙන් එක් අයෙක් අත් අඩංගුවට ගෙන ඇත්තේ අනෙක් අය අත් අඩංගුවට ගැනීමට හේතු විමසූ අවස්ථාවේ දී බවත් එම වෘත්තිය සමිති ඒකාබද්ධ නිවේදනයේ සඳහන් කර ඇත.
ආණ්ඩුවේ ආධාරකරුව්න පසුගිය වකවානුවේ අවස්ථා ගණනාවක දී නිරෝධායන නීති අමු අමුවේ උල්ලංඝණය කරමින් හැසිරුණත් ඔවුන්ට නීතීය ක්‍රියාත්මක නොකල බවත් නිරෝධායන නීතින් අනුව උද්ඝෝෂණය කළ පිරිසකට පමණක් පහර දීමෙන් පෙන්වන්නේ ව්‍යවස්ථාපිත අයිතිීන් ආණ්ඩුවේ දේශපාලන උවමනාවන්වලට අනුව උල්ලංඝණය කිරීමට පොලිසියේ ඇති සූදානම යැයි ද එහි සඳහන් වේ.
කොරෝනා වසංගතයට මුවාවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිමාසිකම් උල්ලංඝණය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය හෙලා දකින අතර එය පරාජය කිරීමට වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන ඒකාබද්ධව කටයුතු කිරීමට සූදානමින් සිටින බවත් එම සංවිධාන විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහැදිලිවම... වියරු මිනීමරු ස්වභාවයක් පෙන්වුුයේ... කෝ මේ චණ්ඩිකම්... ගෝඨාභය ජනාධිපති වූ පසු සිවාජිලිංගම් යාපනයේ හිර ගෙදර ඉස්සරහ තිබුණු දේවානම්පියතිස්ස රජතුමාගේ පිළිරුව සහ සංඝමිත්තා තෙරණියගේ පිළිරුව ගලවාල දැම්මා.. කෝ ඊට විරුද්ධව කිසිම දෙයක් කලේ නැහැ.. මේ එන්නේ දැඩි භීෂණ යුගයක්.. මේ පෙරහුරු ඔයා දැන් මේවට සතුටුවෙන අයට අඬන්න වෙන දිනය ඉතාම ලඟයි..
බල සුභ නිමිති පෙර මඟ නැකතටත් වඩා.... මේවා නම් සුභ නිමිති නම් නෙවේ ඔන්න...වැලිවේරිය එහෙම දැන් මතක නැද්ද ?
රැස්වීම සහ උද්ගෝෂණ කිරීම තහනම් අවස්තාවක , ඒ දෙවල් කරීම ඉතාමත්ම නීත්විරෝදී ක්‍රියාවක්.
ආණ්ඩුව වහ කෑවා. චන්ද ඔක්කොම අනිත් පැත්තට. කෝ මේ රටේ ප්රජාතන්ත්ර වාදය..?තොතොණ්ඩමන්ගේ මරණයට නොතිබුන කොරෝනා නීති ඇයි මේ මිනිස්සුන්ට? අනික ඒ අය හිටියෙත් එකිනෙකාට දුරස්ථව...කොල්ලුපිටියේ තිබුන උද්ඝෝෂණයට ගැහුවේ ඇයි..? මිනී දහස් ගණනක් මරපු මේ ආණ්ඩුවට තවදාහක් මරණ එක එතරම් අමාරු නැහැ. හෙට ඔබ වෙන්න පුළුවනි. බලමු 69 ලක්ෂෙන් මේ පාර කීයද ලැබෙන්නේ කියලා.
පොලීසිය කළ පහරදීම අනුමත කරන්න නොහැකියි. ඒත්,මේ වෘත්තීය සමිතිම නේද මේ අයව පත්කරගන්න ක්‍රියාකාරී වුණේ? තොණ්ඩමන්ට නැති නිරෝධායන නීති මේ අයට.ඔබලාට මෙතන අතපසු වූ තැනක් තිබුණා.ඔබලාට ඒ ගැන ඉවක් තිබුණේ නැහැ.ඔබලා පොලීසියට පෙර අධිකරණයට ගොස් සාමකාමී විරෝධතාවට නිරෝධායන නීතිවලට එකඟව අවසර ලබාගැනීමට ඉඩ තිබුණා.ඒත්,පොලීසිය ඉස්සර වුණා.එසේත් නැතිනම්,විරෝධතාව මදකට නවතා පොලීසිය ගෙනා අධිකරණ තහනමට එරෙහිව කරුණු ඉදිරිපත්කොට,තොණ්ඩමන් අවමඟුල නිසා නිරෝධායන නීති උල්ලංඝනය වූ සැටි පෙන්වුවානම් පොලීසියට යස පාඩමක් ඉගැන්වීමට තිබුණා.
මොලේ කචල්ද? මෙරටේ නිතිය අනුව අධිකරණ නියෝගයක් ගත්තානම් එයට ගෞරව කිරීම මෙරට නීති ගරුක පුරවැසියන්ගේ පරම යුතුකම වන්නේ. එම නියෝගයේ වැරදි ඇතැයි සිතේනම් ඒ බව ගරු අධිකරණයට දන්වා පෙරකී නියෝගය අවලංගු කරගැනීම හෝ වෙනස් කරගැනීම තමා කළයුතුව තිබුනේ.
භීෂණයේ කසකරුවන් දැන් පෙරමුණේ..., බෙර හඬ ඇසෙන මානේ, අනේ මගේ රට !! බුදුන්ගේ දේශය ලේ විලක් වන බව දැනේ !
අමතක වුණා කියන්න... මේ කියන වෘත්තීය සමිතිවල සාමාජිකයින් වෙතයි. තමතමුන්, තම වෘත්තියට අදාල සමිතියකට බැඳෙන්නේ තම වෘත්තිමය ගැටළු විසඳාගැනීමට නොවේද? ඔබ වෘත්තියේ ගැටළු කිසිවක් නැතිද? අඩුමගානේ පඩිනඩි වැඩිකර ගැනීමවත්..? ඔබලාගේ දහදිය මහන්සියෙන් හම්බකර ගෙවන සාමාජික මුදලට නිසි ප්‍රතිඵල අත්වේද? එසේ නම් මේ ඇමරිකාවේ එදිනෙදා සිදුවූ අකටයුත්තකට (ඇමරිකාවේ කිසියම් වෘත්තියකට අදාලව සිදුවුණු දෙයක් නොවේ.) මෙහෙ නීතිය බල්ලට දමා තප්පුලන්නේ ඇයි? ඇමරිකාවේ සිදුවූ එම අකටයුත්ත මානව හිතවාදී ලොව සියලු ජනයා හෙලා දකින අතර, එම පුද්ගලයාගේ එකකුස උපන් සහෝදරයාගේ ඉල්ලීමක් වන " අප නීතිගරුකව මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙමු. හැමවිටම නීතියේ ආධිපත්‍ය සුරකිමු. කියන වචන ටිකටවත් ගරු කලයුතු නොවේද?
අනෙකුත් සාධාරණ උද්ඝෝෂණ ගැන මෙතනට අදාළ නැහැ. මේක තනිකරම මේ රටේ සිටින විකෘති මොලකාරයින්ගේ විගඩමක්... අඩුම තරමේ මේ උම්මන්තකයින්ව වසර 5කට වත් සිරගත කළයුතුයි. මේ උන්මන්තකයින්ට මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජනජීවිතය අදාළ කරන්න ඉඩ දෙන්න බැහැ. සියලුම අයිතීන් හා වරප්‍රසාද ලබමින් ජීවත් වෙන රටේ සුළු ජාතීන්ව කුපිත කරවීමේ අරමුණත් මොවූ තුල තියෙන්න බැරි නැහැ. ඒ සඳහා අන්තවාදීන්ගෙන් යහමින් මුදල් ලැබෙනවාද විය හැකියි. මේ රට හදන්න නම්, මේ වාමාංශික යයි ලේබල් අලවාගෙන සිටින මොංගල් කාරයින්ව වනසා දැමිය යුතුයි. මොවුන්ට වෙඩිතබා මර්ධනය කළා නම් තමයි වඩා හොඳ....
හිට්ලර් පාලනයක් කෝ ප්රජාතන්ත්රවාදය කෝ?
ශ්‍රී ලංකාව උඩු යටිකුරු වේ.. 18 වැනි සංශෝධනයද රට තුල ඇත්තේ..?
රාජපක්ෂ පරණ ආණ්ඩුව මෙන්න ඇවිත් දෝ මන්දා.?
මේ උද්ඝෝෂණය පවතින වසංගත තත්වය හමුවේ නොකළ යුතු දෙයක්. සමහරු තමන් වෙත අවධානය යොමු කර ගන්න නුසුදුසු අවස්ථාවල නුසුදුසු දේවල් කරනවා. මොවුන්ගේ හෝ මොවුන්ව මෙහෙය වන කිසියම් කණ්ඩායමක් විසින් පවතින රජය විසින් මැනවින් පාලනය කර ඇති කොරෝනා වෛරසය කෙසේ හෝ නැවත සමාජය තුල ව්‍යාප්ත විය හැකි වාතාවරණයක් සකසා ඒ තුළින් මැතිවරණය කල්දමාගැනීමේ කූඨ අරමුණු නැතැයි කිව නොහැකිය. ඊනියා ප්රජාතන්ත්රවාදය හෝ මානව හිමිකම් හෝ පිළිබඳ කතා කරන අවස්ථාවක් කර ගන්නවාට වඩා සියල්ල ස්වකැමැත්තෙන්ම අතහැර වසංගතය පාලනය කිරීමට මූලිකත්වය දිය යුතුය. තොණ්ඩමන්ගේ අභාවය සමග මෙය පටලවා ගැනීමට අවශ්‍ය නැත. මක් නිසාද යත් බහුතර ජනතාවක් අතර නායකයකු වූ අයකු ජීවිතයෙන් සමුගන්නා අවස්ථාවක ඔවුන්ට තම නායකයා නැවත කිසිදිනක දැකගත නොහැකි බව දන්නා එම ජනතාවගේ හැඟීම් වැළැක්වීම අසීරු බැවිනි. සිවාජිලිංගම් ප්‍රශ්ණයේදී ජනාධිපති කවුරුන් වුවද පැවතියේ විකෘති බහුතරයක් සහිත සිවාජිලිංගම්ලාගේ ත්රස්තවාදයට බෙදුම්වාදයට රුකුල් දෙන පාර්ලිමේන්තුවකි. ජනාධිපතිතුමා එහිදී දුර්වල පන්දු වලට පහර දීමේ අටියෙන් කඩුල්ල ආරක්ෂා කර ගන්නා ප්‍රවීන ක්‍රීඩකයකුගේ විලාශයෙන් හැසිරී ඇත.
රටේ බොහෝ දෙනෙක් කොරෝනා අර්බුදයෙන්, ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න උත්සාහ කරනවා. තවත් සමහරු ලංකාව ලස්සන, පිරිසිදු රටක් කරන්න උත්සාහ කරනවා. ලංකාවට වැදිලා තිබුණු යහපාලන සාපයෙන් තවමත් හරියට ගලවුනෙත් නැහැ. කොරෝනා නිසා රටේ දමලා තිබුණු බාධක යාන්තම් ඉවර වුණා විතරයි.. මේ කට්ටිය බැලුවා අපිත් මොනවා හරි කරන්න ඕනෑ කියලා. මේ අය අවුරුද්දක් විතර ලංකාවේ කසල ශෝධනයට යොදවන්න ඕනෑ. ඇමෙරිකාවේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න කලින් ලංකාවේ කරන්න කොච්චර දේවල් තියනවද?
අධිකරණ නියෝගයක් ඇත. එයට ගෞරව කිරීම මෙරට නීතිගරුක පුරවැසියන්ගේ පරම යුතුකම වන්නේ. ඇමරිකාවේ වෙච්චදේකට ඇයි ලංකාවේ අය මැරීගෙන දඟලන්නේ? ඩොලර් යහමින් පොකට්ටුවට වැටි ඇති බව නම් පැහැදිලි උද්ඝෝෂණය කරන්න තැනක් වෙන්කර ඇත... යන්න එහි කරන දෙයක් කරගන්න..
හරියට හරි... මේ උද්ඝෝෂණ කාලකන්නි නිසා අපිට පැට්රල් පුච්චාගෙන පාරවල් වල රස්තියාදු වෙන්න බැහැ. මොවුන් වගේ හැත්තක් ඉන්නවද? ලොක්කා කිසිම දැඟලීමක් නැහැ. අඩ සිනහවකින් හෙමින් තල්ලුවෙලා ගිහිල්ලා පොලිස් වාහනයට නැග්ගා. එයා ගුටි කෑවේ නැහැ.. එයා පස්සේ යන අනික් මැට්ටන් පොලිසියට විරෝධතා දාන්න ගිහිල්ලා ගුටිකෑවා...
ආණ්ඩුව ඡන්දෙට සුබ නැකතින් වැඩ අරඹලා...