(විනීතා එම් ගමගේ)

පාසල් විවෘත කිරීමට අවසර ලැබුණත් කිසිදු පාසලක ආපනශාලා දැන්ම විවෘත කිරීමට අවසර ලබා නොදෙන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සූදානම් කිරීම සඳහා වූ චක‍්‍රලේඛය සහ උපදෙස් සංග‍්‍රහයේ සඳහන් වේ.  

රජය විසින් ක‍්‍රියාත්මක කරන පාසල් සිසුන් ස`දහා ආහාර ලබා දීමේ වැඩසටහන ද පාසල් ආරම්භ වූ වහාම ක‍්‍රියාත්මක නොකිරීමට ද එම චක‍්‍රලේඛය මගින් පාසල්වලට උපදෙස් ලබා දී තිබේ.

කෙසේ වෙතත් ආහාර විකිණීම සිදුනොකරන නමුත් සමහර පාසල්හි ආපන ශාලාව ආහාර ගැනීමට යොදා ගන්නා බැවින් එසේ යොදා ගන්නා ආපන ශාලා දිනකට දෙවරක් පිරිසිදු කිරීම හා විෂබීජහරණය කළ යුතු යැයි ද එහි ස`දහන් ව ඇත.

එහි දී පාසල් දරුවන් වැඩියෙන් අල්ලන තැන් සහ මුළු පොළව අත් සෝදන සින්ක් තදින් අතුල්ලමින් පිරිසිදු කළ යුතු අතර ජලය බැසයන ස්ථාන සහ සින්ක් විෂබීජහරණය කරමින් තදින් අතුල්ලමින් පිරිසිදු කළ යුතු බවට ද එහි උපදෙස් දී තිබේ.  

ආපන ශාලා වසා ඇති බැවින් හා පාසලෙන් ආහාර දීමේ වැඩ සටහන් ද ක‍්‍රියාත්මක නොවන බැවින් දරුවන් පාසල් එවද්දී නිවසේ සකස් කෙරෙන සමබල ආහාර වේලක් එවන මෙන් ද එහි දී උපදෙස් දී ඇත.  

එමෙන්ම ප‍්‍රමාණවත් තරම් පිරිසිදු ජලය පානය කළ යුතු බැවින් ජලය ලබාගැනීමට සුදුසු වන පරිදි පුද්ගලිකව බෝතලයක් කෝප්පයක් පැවැතිය යුතු බවත් ඒවා දෛනිකව පිරිසිදු කර එවිය යුතු බවත් එම උපදෙස් සංග‍්‍රහයේ ස`දහන් ව ඇත.

මේ වනවිට මෙම උපදෙස් සහිත චක‍්‍රලේඛය සියලූ පාසල් වෙත ලබාදීමට කටයුතු කර ඇති අතර ගුරුවරු හා කාර්ය මණ්ඩල පැමිණෙන ලබන 29 වැනිදා පාසල් ආරම්භ වනවිට ඒවා ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යෙදිය යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.