(ඉන්දිකා රාමනායක)
කොල්ලූපිටියේ දී හා පුරහල දී විරෝධතාවේ නිරත වු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 42 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
පෙරටුගාමී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්, ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව යන මහත්වරුන් ද එම පිරිස අතර සිටි බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවශ්‍ය දේකට විරෝධතා කළානම් කමක් නෑ. ලංකාවට කිසිම අදාලත්වයක් නැති දේකටයි මේ කලබල ඇති කලේ. හොඳ වැඩේ...
අප 1971ට පෙර හිටපු තැන දැන් මෙයාලා ඉන්නේ. පව්!
යන්තම් දවස් 80 කට පස්සේ මිනිස්සු පාරට බැස්සා .. මේ කාලකන්නි උද්ඝෝෂණය කරනවා. මේ අය තමයි කැම්පස් ටිකත් කන්නේ. හිරකළ යුතුමයි.
අර අරාබිකරයේ අතරමන් වෙලා ඉන්න ශ්‍රී ලංකා පුරවැසියන් සම්බන්ධව වචනයක්වත් කියන්නේ නැති මේ කණ්ඩායම, ඇමරිකාවේ ඉන්න කළු ජාතිකයන් ගැන මෙපමණ උනන්දු වෙන්නේ... මෙහි නායකයෙකු වන කුමාර් ගුණරත්නම් කියන පුද්ගලයා ඕස්ට්‍රේලියන් පුරවැසියකු නිසාද?
ලෝක විහිළුවක්. ඇමරිකාවේ සුදු ජාතික වර්ගවාදයට එරෙහිව පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න සුදු ජාතික ඇමරිකන් ආණ්ඩුවත් ඉඩ දුන්නා. ඒ මොකද කිව්වා නම්; එකක්, ඒ විරෝධතාවය සාධාරණ නිසා. අනික සුදු ජාතිකයන්ද ඇතුළුව කිසි භේදයක් නැතුව, විශේෂයෙන් තරුණ පරම්පරාව සුදු ජාතික වර්ගවාදයට එරෙහිව නැගී ඉන්න නිසා. හැබැයි දුඹුරු හමක් තියෙන ලංකාණ්ඩුව තමන්ගේම හමේ පාටට එරෙහිව ලෝකේ පුරා සිද්ධ වෙන අසාධාරනකම් වලට එරෙහි විරෝධතාවලට ඉඩ දෙන්නේ නැහැ. අපිට තියෙන්නේ අපේ අභීත කළු සිංහලයන් සුදු ජාතික අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කරපු උදාර ඉතිහාසයක්. ලෝකේ කාටවත් ඉස්සෙල්ල, 16 වෙනි ශත වර්ෂයේ මුලයි අපේ සිංහල රජවරු, අපේ මුතුන් මිත්තෝ පෘතුගීසි අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කලේ... ඊට පස්සේ ලන්දේසි අධිරාජ්‍යවාදයට... ඊටත් පස්සේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට එරෙහිව. අද කොහොමද? අද රට පාලනය කරන්නේ ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ගේ ගැත්තෙක්. ඒ හින්දා තමන්ගේ හාම්පුතාට එරෙහිව කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ.
පහුගිය යහපාලන වහල් ආණ්ඩුව මොන පාවාදීම් කළත් කතා කරන්න සහ අදහස් ප්‍රකාශ කරන්න දීපු අසීමිත නිදහසින් උපරිම ප්‍රයෝජන අරන් බලයට ආපු ජනාධිපතිවරයා, අද රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උදුරාගෙන. ඔන්න වෙච්ච වෙනස...
මේ පටන් ගත්තා විතරයි. ඔය හොර ආඩම්බර ඇමෙරිකන් කාරයින් රටෙන් එළවිය යුතුමයි. නැත්නම් හැත්ත බුරුතු පිටින් මෙහෙට එන්න ගනීවි. වියට්නාමයෙන් කෑවා. ඉරාකයෙන් මදි නොකියන්න කෑවා. ඇෆ්ගනිස්ථානයෙන් තවමත් ඉඳහිටලා බඩ පුරා කනවා. හැබැයි ඇමෙරිකන් ආක්රමණිකයා ඉස්මුරුත්තාවට එන්නම කන්නේ අපේ රටෙන්... යම් විදිහකින් ආණ්ඩුවක් mcc ගිවිසුම අත්සන් කරලා රට පාවා දුන්නු දාට මේ එම්බසියට බෝම්බ ගහලා හරි බිමටම සමතලා කරනවා. ඇමෙරිකාව කියන්නේ ලෝකයට හැමදාමත්ම තර්ජනයක් වුණු පිස්සන් රැසක් ජීවත්වන රටක්.
ජයවේවා සහෝදරවරුනි. අපි ඔබ සමගයි. දූෂිත ඇමෙරිකන් ගැති ආණ්ඩුව පෙරලා දමමු මේ ඡන්දෙන්.
ඔබලා ඇමරිකාවේ එකෙක් මැරිලා එයා වෙනුවෙන් කඩේ යනවා. ඒත් අපේම අය මැදපෙරදිග හිරවෙලා එන්න බැරිව තොග පිටින් එහෙ මැරෙනවා. ඔවුන්ව ගේන්න උද්ඝෝෂණය කරහල්ලකෝ. ඒ නුඹලාගේම සහෝදරයෙක්, සහෝදරියක්, අම්මෙක්, තාත්තෙක්. මැදපෙරදිග අය වෙනුවෙන් කතා කළ එකෙක් ඉන්නවද? ඔය දේශපාලන පක්ෂවල. අපේම උන් වෙනුවෙන් කඩේ පලයල්ලා. ඇමරිකාව වෙනුවෙන් ලෝකෙම යනවා කඩේ...
රට සන්සුන්ව, තියෙනවා දකින්න බැරි මේනියාවක් මේ අයට තියෙනවා.
ඇමරිකාව වෙනුවෙන් කිඹුල් කදුළු හෙලන අය, මැදපෙරදිග ලංකාවේ අය වෙනුවෙන් යමක් කරහල්ලකෝ...
ඇමෙරිකාවේ උන් පාරට බැස්සේ කලු ජාතිකයන් වෙනුවෙන් නෙමෙයි. ඒ ට්‍රම්ට විරුද්ධ අය අවස්තාවාදි දේශපාලනය. අපේ උන්ටත් කොහෙවත් නැති වර්ගවාදී හේතුවක් අල්ලගෙන පාරට බහිනවා.. යකෝ පිටරට හිරවෙලා ඉන්න අපේම අහිංසක ශ්‍රමිකයින් ගෙන්නගන්න උද්ඝෝෂණය කරපල්ලා..
පෙරටුගාමී අයගේ දේශපාලන මතය ගැන එකඟ නැති වුවත්. පොලීසියේ අය ගහපු හැටි දැක්කාම හිතාගන්න පුලුවන් දුර්වලයින්ට මෙහේ පොලීසියේ සමහර මදාවියන් සලකන විදිය ගැන... මේ වගේ රටක ජීවත් වෙන්න නම් සල්ලි හෝ බලය ඕනෑවෙනවා. තොණ්ඩමන්ගේ එකට මීක් ගෑවේ නෑ.. හැබයි මේ දේශපාලන වශයෙන් දුර්වල කණ්ඩායමට නෙලුවා.. මාර නෙලිල්ලක් කියලා තමා කියන්න වෙන්නේ. අර තව කොහේද පොඩි දරුවෙක් කුදලාගෙන යනවා පොලීසියට.., තාත්තා හොයාගන්න බෑ කියලා. හැබයි අර පොලීසිය හොයහොයා හිටිය රවීලගේ එතකොට රාජිතලගේ නෝනා හෝ ළමයි උස්සන් ගියේ නෑනේ.. බලය සහ සල්ලි කතාකරන තව සිදුවීම් පෙලක් තමයි.. අපේ රටේත් පොලිසියේ නුසුදුසු මදාවියන් එලවන්න කාලේ හරි. ඔවුන් විනයගරුක නොවෙන තාක් මිනිස්සු විනය ගරුක වේවිද?
යවන්න යවන්න වැලිකඩ යවන්න.. රාළහාමිලාට හුස්ම ගන්න දෙන්න... අපි වෙනුවෙන් එයාලා නිවාඩු නොගෙන වඩා එකදිගට වැඩ කළා. ඡන්දෙ ඉවර වෙනකම් ඇතුළේම තියන්න ඕනෑ...
අත්අඩංගුවට ගත්ත ඔක්කොම පෙරටුගාමී එකේ අය වෙන්න බෑ. ඔය පක්ෂේ 42ක් නං නෑ. අනික කැම්පසුත් වහලානේ
මොවුන්ගේ මානසික තත්ව පරීක්ෂාවක් කරලා, අංගොඩ නිරෝධායනය කළා නම් හොඳයි...
ඔයාලට ඇමරිකාවට ගිහිල්ලා උද්ඝෝෂණ කළා.. කලත් මෙහෙම ගුටිකන්න වෙන්නේ නැහැ, අපේ සර් කැමති නැහැ කලින් හිටිය රටට බනිනවට.. එ්ක වෙන්න ඇති, දැන් අපේ 69 ලක්ෂයට සැපද ඉස්සරහට ගුටි පූජාව දෙන්න පටන් ගන්න යන්නේ...
මෙවැනි විරෝධතා, උද්ඝෝෂන මැඬලීමට පොළීසියට බයිසිකල්චේන් පාවිච්චි කිරීමට අනුමැතිය ලබාදිය යුතුයි.