(චමිල් රූපසිංහ)
හදිසියේ ඇති වු ගින්නකින් පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ කොටසක් විනාශ වි ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.
පේරාදෙණිය ගන්නෝරුව ගොරකදෙණිය මාර්ගයේ පිහිටි මෙම පෙරටුගාමි සමාජවාදි පක්ෂ කාර්යාලයේ නවාතැන් ගෙන සිටින පිරිස ඊයේ දිනයේ කොළඹදී පැවැති විරෝධතාවය සඳහා ගොස් ඇති බවත් ඊයේ (9) රාත්‍රී 11.30ට පමණ 119 අංකයට මෙම පෙරටුගාමි සමාජවාදි පක්ෂ කාර්යාලය ගිනිගෙන ඇතිබව ලැබුණු ඇමතුමක් මත පේරාදෙණිය පොලිස් නිලධාරින් විගසින් මහනුවර ගිනිනිවිම් ඒකකය කැඳවා ගින්න මැඩ පැවැත්වු බවද පොලිසිය පැවැසීය.
අද (10) දහවල් වන විටද එම කාර්යාලයේ කිසිවෙකුගෙන් මේ පිළිබඳව කිසිඳු පැමිණිල්ලක් මෙම ගිනිගැනිම සම්බන්ධව පොලිසියට නොලැබි ඇති බවත්, එනමුත් මෙම පෙරටුගාමි සමාජවාදී පක්ෂ කාර්යාලයේ ඇතිවූ ගින්න පිළිබඳව පොලිස් වශේෂ පරික්ෂණ කණ්ඩායම් ( සෝකෝ ) ගෙන්වා මේ වනවිට පරීක්ෂණ පවත්වන බවද, පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විශේෂ විමර්ශන කටයුතු අරඹා ඇති බවද පේරාදෙණිය පොලිසිය පැවැසිය.
මධ්‍යඹ පළාත් සභා හිටපු මන්ත්‍රී සුනිල් වික්‍රමසිංහ මහතා , මෙම ගිනිගැනිම නිසා එහි යතුරුපැදි දෙකක්ද, ශබ්දවාහිනි යන්ත්‍රයක් හා වැදගත් ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් එහි තිබූ බවත් මෙහි සිටින කිහිප දෙනා ඊයේ කොළඹදි පැවැති සාමකාමි විරෝධතාවය සඳහා ගොස් ඇති බවද, එම අවස්ථාවේදී මෙම ගිනි ගැනීම් ඇතිවී ඇති බවත්, මේ සම්බන්ධව පොලිසිය විසින් අපක්ෂපාතී පරීක්ෂණයක් කරනු ඇති බව තමාගේ විශ්වාසය බවද එහිදි පැවසූ අතර මෙම ඉඩම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයෙකු වන මෙහි හිමිකරු හා මෙහි භුක්තිය හිමි පෙරටුගාමි පක්ෂය අතර අධිකරණයේ නඩුවක් පවතින බවද ඔහු පැවැසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම කතාවක් නැහැ. මෙහෙම ගියොත් ආණ්ඩුවට කල් පැවැත්මක් නැහැ.
අමන ආණ්ඩුවේ වැඩක්...
රටට මෙලෝවැඩක් නැති කුණු රොඩු ගිනි ගත්තම මොකද?
සිරස ඉබේ ගිනිගත්තා.. වැලිකඩ සිරකරුවො ස්වකැමැත්තෙන්ම වෙඩි තියා ගත්තා. රතුපස්වල අය හමුදාවේ තුවක්කු උදුරාගෙන තමන්ටම වෙඩි තියා ගත්තා.. දැන් මේකත් ඉබේම ගිනි අරගෙන.. ආශ්චර්යය ..
පොහොට්ටුවේ පහත් වැඩක්...
මේක මේ නිවස හිමිකරුවාගේ වැඩක් වෙන්න ඕනෑ...
වැඩිකල් යන්න කලින් තවතව දේවල් සිද්ධ වෙයි. අපේ අනුනායක හාමුදුරුවොත් අනු දැන වදාළේ " හිට්ලර් කෙනෙක් වෙලා හරි රට හදන්න" කියලනේ... උන්වහන්සේකේ අනුශාසනාව පිළිඅරගෙන ටිකෙන්ටික වැඩ පටන් අරගෙන වගෙයි පෙනෙන්න තියෙන්නේ.
මේ ගිනිගැනීම් ගැන ආයේ අමුතුවෙන් මොන පරීක්ෂණද? මොවුන් විසින්ම ගිනිතබාගෙන රජය අපකීර්තියට පත්කිරීම මොවුන්ගේ ස්වභාවයයි. මොවුන් හැමදාම කලේ ඔයටික තමයි. පරීක්ෂණය සිදුකළ යුත්තේ, මොවුන් මේ දේපළ රක්ෂණය කර තිබෙනවාද, යන්නයි.. එසේ කොට මොවුන්ගේ පටු අරමුණත් ඉටුකරගෙන හොඳ වන්දියකුත් ලබා ගනියි. එවැනි කුඨ උපක්‍රම තමයි මොවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග. බිල්ඩිම ඩෝසර් කරලා ඉඩමත් රජයට පවරා ගැනීමයි කළයුත්තේ...
මමනම් හිතන්නේ විදුලි කාන්දු වීමක් කියලයි.
ඉඩමේ අයිතිය ජනතා විමුක්ති පෙරමුණටලු. ඉන්නේ පෙරටු ගාමීන්ලු. නඩුවකුත් යනවලු. පෝය දවසක්ලු. වියසිදුරකුත් තිබුණලු. කැස්බෑවෙකුත් හිටියලු. ජෙප්පොත් බේරලා පෙරටුගාමීනුත් බේරලා පොහොට්ටුවට මඩත් ගහලා ජනාධිපතිතුමාව හිට්ලර්ට අන්දලා කොහොමද ජෙහාන් ගහපු ගේම?
ජනාධිපති කොහොමත් හිට්ලර් වගේ තමයි...
මේක ගිනි අරගෙනද.. ගිනි තියලද..? පොහොට්ටුවේ උපාසකයින් වැඩ අල්ලලාදෝ මන්දා..?
මොක කළත් නියමෙට දීලා තියෙනවා...
ඇයි මොකක්ද ප්රශ්නය? ඔහෙලට ත්‍රස්තවාදී වැඩවලට ඉඩනැති නිසාද?
ඇයි මොකක්ද ප්රශ්නය? ඔහෙලට ත්‍රස්තවාදී වැඩවලට ඉඩ නැති නිසාද?
ත්‍රිවීල් පක්ෂයකට මෙතරම් විශාල කාර්යාලයක් කුමටද?
මේක බලවතුන්ගේ වැඩක්...
මේක ආණ්ඩුවේ වැඩක් නොවේනම් සක්කර දෙවියන්ගේ වැඩක් විය හැක...
ආණ්ඩුවේ තුප්පහි වැඩ...