( තිළිණි ද සිල්වා )
කොරෝනා වසංගත ව්‍යාප්තිය මේවන විට සාර්ථකව පාලනය කර ඇති හෙයින් ලබන අගෝස්තු 1 වැනිදා සිට ශ්‍රී ලංකාව විදෙස් සංචාරකයින් සදහා විවෘත වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිර්මාලි ප්‍රනාන්දු මහත්මිය අද (09) පැවසුවාය.
ඒ අනුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ , රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ , හම්බන්තොට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලබන අගෝස්තු 1 වන දින සිට විදෙස් සංචාරකයින් සඳහා විවෘත කෙරෙන බවද ඇය පැවසුවාය .
දිවයිනේ සුන්දරත්වය නැවත වරක් අත්විඳීමට ලොව පුරා සංචාරකයින් සාදරයෙන් පිළිගන්නා අතර, ඔවුන්ට ආරක්ෂාව පිළිබඳ ඉහළම ප්රමිතීන් ලබා දීමට සැලසුම් කර ඇති බවත් , විදෙස් සංචාරකයින් සඳහා රට නැවත විවෘත කිරීම සඳහා ගෝලීය සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් විසින් නිර්දේශ කරනු ලබන සියලුම පූර්වාරක්ෂාවන් සංචාරක සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන එම අධිකාරියේ සභාපතිනිය වැඩිදුරටත් පැවසුවාය..
මෙරටට පැමිණෙන සංචාරකයින් නිරෝධායන ක්‍රියාපටිපාටිවලට භාජනය විය යුතු නැති අතර ඔවුන් සඳහා අනිවාර්ය සෞඛ්‍ය පරීක්ෂාවක්, විෂබීජ නාශක ක්‍රියාවලියක් සහ පී.සී.ආර් පරීක්ෂණයක් ගුවන් තොටුපොළේ දී නොමිලෙ පවත්වන බවද කිර්මාලි ප්‍රනාන්දු මහත්මිය කීවාය.
එම පී.සී.ආර් පරීක්ෂණ පැය 24 ක් ඇතුළත අපේක්ෂා කරන අතර, ප්‍රතිපල පැමිණෙන තුරු සියළුම සංචාරකයින් ගුවන් තොටුපල ආසන්නයේ නම් කරන ලද හෝටල් වෙත පෙර වෙන්කරවා වාහන හරහා යවන බවද සංචාරක සංවර්ධන අධිකාරි සභාපතිනිය පැවසුවාය .
මෙරටට පැමිනීමට බලාපොරොත්තු වන සංචාරකයින්ට වීසා බලපත්‍ර නිකුත් කිරීම අන්තර්ජාලයෙන් පමණක් සිදුවන අතර සංචාරය කිරීමට පෙර වීසා සදහා අයදුම් කළ යුතුයැයිද ඇය කියා සිටියාය.
පැමිණෙන සෑම විදේශ සංචාරකයෙක්ම ලංකාවට පැමිණීමට පෙර පැය 72 ක් ඇතුළත , පිළිගත් රසායනාගාරයකින් ලබාගත් භැට්එසඩැ ඡක්‍ඍ පරීක්ෂණ වාර්තාවක් , සහතික කළ නවාතැන් වල අවම වශයෙන් රාත්‍රී 5 ක් ආවරණය වන පරිදි තහවුරු කරන ලද සංචාරක ගමන් විස්තරයක් , සෞඛ්‍ය සහ රෝහල්ගත ආවරණයක් සහිත සංචාරක රක්ෂණයක් හා , ඇමරිකානු ඩොලර් 100 ක වීසා ගාස්තුවකට යටත් කෙරෙන බවද සභාපතිනිය වැඩිදුරටත් පැවසුවාය .
සංචාරකයින් ගෙන් ඇමෙරිකානු ඩොලර් 100 ක වීසා ගාස්තුවක් අයකිරීමට හේතුව වන්නේ අර්ධ වශයෙන් පී.සී.ආර් පරීක්ෂණවල පිරිවැය සහ අතිරේක සෞඛ්‍ය වියදම් සදහා යැයිද ඇය කීවාය.
මේ වන විට අධිකාරිය සමඟ තරු පහේ හෝටල්, බුටික් හෝටල් / විලාස්, තරු හතරේ, තරු තුනේ හෝටල්, නේවාසිකාගාර, විවේකාගාර සහ නිවාස නවාතැන් ඇතුළත් ආයතන 2669 ක් ලියාපදිංචි වී ඇති අතර ඒවා හරහා විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම අනුගමනය කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ සහ පූර්වාරක්ෂාව සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සකස් කර ඇතැයි ද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය පැවසුවාය.
මෙම මාර්ගෝපදේශ මාලාව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවිය වන www.sltda.gov.lk ලබා ගත හැකි බව එම අධිකාරිය කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නීතිවලට යටත් වෙලා ලංකාවට සංචාරකයන් ආවොත් මෙන්න කැට. මොකෝ ලෝකෙ තියෙන්නේ ලංකාව විතරක් නෙමේ නිසාත්, ආසියාවේ අනිත් රටවල ලංකාවේ වගෙ මෝඩ තීරණ නැති නිසාත්... උදාහරණයක් විදිහට මේ වෙනකොට තායිලන්තෙට යන කෙනෙකුට ඔය කියන නීති කිසිම දෙයක් නෑ.. අනිත් එක ලංකාවේ සංචාරය කරන සංචාරකයෙකුට සංචාරය අතරතුර වැසිකිළි යන්න වුවමනා වුණොත් ඒ වැඩේ කරන්න හරි හමන් තැනක් නැති රටක්. එහෙව් රටේ වැසිකිළියක්වත් හරියට හදාගන්න බැරි ලොක්කන් කියන අය දානවා ලෝකේ කොහෙවත් නැති නීති. මේ අයට නම් අමුකැවිලා කියලා මට හිතෙන්නේ...
දැන් අපේ රටේ සිද්දවෙන මුහුදු වෙරළ ඛාදනය නිසා.. මෙයාලට එන්න එපා කිව්වා නම් නේද හොඳ..?
ලංකාවේ සුමාන 3ක් ගතකරපු ජර්මන් පවුලක් මෙන්න මෙහෙම කිව්වා.. ලංකාව හරිම ලස්සන රටක්.. එ්ත් මිනිස්සු හරි කැතයි, එයාලා ජීවත් වෙන්නේ ඉතාම පහත් ගති පැවතුම් සහ සිතිවිලි සමගයි.. තවත් මේ මිනිස්සු හරිම අපිරිසිදුයි.. මෙන්න මේ දේවල් නැතිවුණා නම් ලංකාවත් උසස් ගණයේ සංචාරක රටක් බවට පත්වෙන්න තිබුණා.
යුරෝපයේ නම ගිය ලැබ් එකකින් මේ වාර්තාව දෙන්න පැය 24ක් විතර ගන්නවා. වීසා ගන්න මේ සහතිකය සහ හෝටල් වෙන්කරපු රිසිට් එක අයැදුම්පත සමග ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා.. ඒවා සලකලා බලලා තමා වීසා දෙන්නේ. ඊටපස්සේ තමා ගුවන් ටිකට් පත මිලදී ගන්න පුළුවන්..., යුරෝපේ ඉඳන් ලංකාවට පැමිණෙන්න පැය 10-15ක් ගතවෙනවා.. මේවා ඔක්කොම පැය 72ක් තුළ කරන්න බැහැ. ඩොලර් 100ක් වීසා ගාස්තුවකුත් ගෙවන්න ඕනේ.. ලංකාවට අාවාම ටුවරිස්ට් බෝර්ඩ් එක කියන හෝටලයක් නැවතිලා ඉන්න ඕනේ... බලධාරීන්ට පිස්සුද? මේ කියන නීතිරීති යටතේ ලංකාවේ පැල පැදියම් වෙන්න බලාගෙන එන හිපියන්, ඉන්දියන් කාරයන්, චීන්නු හැරෙන්න සතියක දෙකක නිවාඩුවකට එන මුදල් වියදම් කරන යුරෝපයෙන්... ඕස්ට්‍රේලියාවෙන්, ජපන් සංචාරකයින් ලංකාවට එන එකක් නැහැ.. ටුවරිස්ට් බෝර්ඩ් එක කලොත් කරන්නේ මේ වගේ මෝඩ වැඩක්... තායිලන්තය, වියට්නාමය, ඉන්දුනීසියාව වැනි කලාපයේ අනෙකුත් රටවල් ජූලි මාසේ වෙනකොට කොන්දේසි විරහිතව එම රටවල් සංචාරකයන් සඳහා විවෘත කරනවා. සංචාරකයින් මෙහෙ එන්නේ නිවාඩු ගතකරන්න මිසක් වද විඳින්න නොවේ... අමතක කරන්න එපා සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 7-9ක් අතර රටට ලැබෙනවා. අපේ නිෂ්පාදන පිටරට යවා උපයන්නේ ඩොලර් බිලියන 11කි. විදේශ ශ්‍රමිකයින් 7-8 යි
සංචාරකයින්ට අගෝස්තු 1 වෙනිදා ඉඳන් එන්න පුළුවන්... කොන්දේසි ඔක්කොම ප්‍රසිද්ධ කරලා, අරාබිකරයේ අතරමන්වෙලා ඉන්න ශ්‍රී ලාංකික පුරවැසියන්ට රටට එන්න පුළුවන් කවද ඉඳන්ද? මොන කොන්දේසි මතද? එහෙම එකක් තවම ප්‍රසිද්ධ කරලා නැහැ. අපේ රටේ පුරවැසියන්ට බලධාරීන් සලකන හැටි දන්නවා නම් කිසිම සංචාරකයෙක් මේ පැත්ත පළාතක එන්නේ නැහැ...
අනුර තායිලන්තේ ඉල්ලගෙන කන්නේ නැහැ. හම්බකරගෙන කනවා. අපි තමයි ලෝකේ අනික් රටවලින් හිඟාකන්නේ...
අපි සාර්ථකව කොරෝනා මර්ධනය කළාට ඒ රටවල්වල තවම කොරෝනා තිබෙනවා. ඔය උණ බලන එකට කොරෝනා තියෙනවද කියලා අහුවෙන්නේ නැහැ.. ඒ නිසා හැමෝම පරීක්ෂා කරලා මිසක් ගන්න එපා.. නැතිනම් වෙන්නේ මහා විනාශයක්...
සංචාරකයින්ට කලින් පුරවැසියන්ට රටට එන්න අවස්ථාව සලසා දෙන්න. අපි ගොඩක් ඉවසන් හිටියා. අපිව ගෙන්න ගන්න ඕන නැහැ. අපි ටිකට් අරන් එන්නම්. නමුත් අපිට එන්න... ඇවිත් නිදහසේ ගෙදර යන්න අවස්ථාව උදාකර දිය යුතුයි.
යකෝ සංචාරකයන් ලංකාවට එන්නේ ඇවිදලා යන්න. එතකොට පිටරට සේවය කරන අපි එන්නේ අපේ දරුපවුල දෙමාපියන් දැකලා යන්න සංචාරකයින් එක වතාවකට ගෙවන මුදලට වඩා විශාල මුදලක් වසරකට අපිත් එවනවා.. ඒත් අපි ගැන මීක් සද්දයක් නැහැ. උපන් බිමට යන්න වරම් නැති අහිකුණ්ඨිකයින් වෙලා අපි ඔහොම යමු... අගෝස්තු 01 වෙනකල්.
තම පුරවැසියෝ 40000 කගේ පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝණය වන පරිදි ඔවුන්ට රටට ඇතුළුවන්න බැරි විදිහට රට වහලා දමලා , මාස 2 පමණ ඇදිරිනීතිය පනවලා, රටේ ආර්ථිකය කඩාකප්පල් කරලා කොරෝනා සාර්ථකව මර්ධනය කළා කියන්නේ කොහොමද ? මේක හරියට පැට්‍රොල් ටැංකියක බස්සලා ගිනි තියලා අපි කිනිතුල්ලෝ සාර්ථකව මර්ධනය කළා කියනව වගේ කතාවක් .
භුතාන් එක සංචාරකයෙකුගෙන් ඩොලර් 250 දවසකට අයකරනවා. හැකිතරම් හයි වැලුව් ලොව් වැලුව් සංචාරකයන් භුතාන් වලට පැමිණෙනවා.
මෙරටට පැමිණෙන සංචාරකයින් නිරෝධායන ක්‍රියාපටිපාටිවලට භාජනය විය යුතු නැති අතර ? ආයෙත් ඔවුන්ගෙන් ශ්‍රී ලංකාවට කොවිඩ් නොආවොත් පුදුමයි. ශ්‍රී ලංකාවත් අනෙක් ගොඩක් රටවල් වගේ විනාස නොවුනොත් පුදුමයි සල්ලි ගැන විතරක් හිතන්න ගිහිල්ලා.
හැම කෙනාම කතා කරන්නේ විදේශිකයන් ගැන එකෙක් කතා කරනවද? ලංකාවේ මිනිස්සු කොහොමද ගේන්නේ කියලා? වෙන රටවල් මුලින්ම තමන් ගේ මිනිස්සු ගෙන්න ගන්න වැඩ පිළිවෙලවල් කතා කරනවා.. එ්කට මුන්. උදාහරණයකට ඊජිප්තුවට අරාබියේ ඉන්න ජනතාව ගේන්න සමහර දවස්වලට ගුවන් යානා 15-17ක් විතර යවනවා. ඒවා කරන්නේ වෙන ගුවන් සමාගම් එක්ක කතාකරලා... අපේ රට මොනවද කරන්නේ...?
ගිහාන් මහත්මයා, ඔබගේ කතාව ඇත්ත... අරාබිකරයේ සහ මාලදිවයිනේ ඉන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට ගෙන්න ගන්න කියලා ආණ්ඩුවට බල කලේ මම දන්නා තරමින් එකම දේශපාලකයෙක් පමණි.. ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුවන ආචාර්ය හර්ෂ ද සිල්වා මහත්මයා පමණි. නමුත් බොහෝදෙනකු ඔහුගේ අදහස දේශපාලන කෝණයකින් බලලා පහර දුන්නා. ලංකාවේ ඉන්න බොහෝ දෙනෙකු සිතන්නේ තමන් ගැන පමණි...