(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
රත්මලාන සොයිසා පුර අවන්හලට වෙඩි තැබීමේ සිද්ධියේ සැක කරුවන් පරිහරණය කළ යතුරු පැදි දෙකක් පොලිස් භාරයට ගත් බව බස්නාහිර දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි .
වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින කොණ්ඩජනියා නැමැත්තා කප්පම් ගැනීම සදහා ආපන ශාලා වෙත පැමිණි යතුරුපැදිය පානදුරේ එලුවිල ප්‍රදේශයෙනුත් වෙඩි තැබීම යොදාගත් මෝටර් රථය රැගෙන ඒම සඳහා යොදා ගත් යතුරු පැදිය මොරටුමුල්ල ප්‍රදේශයේ නිවසක සගවා තිබිය දී සොයා ගැනීමට ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි .
බස්නාහිර දකුණ පලාත භාර පති කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් මත බස්නාහිර දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්‍ත පෙරේරා පොලිස් පරීක්ෂක කුමාර නලවංශ මහත්වරු පරීක්ෂණ පවත්වයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පොලිස් නිලධාරින් නැද්ද එදා හිටපු සෙට් එක..?
දැන් නම් අවංක ලෙස පාතාලය මර්ධනය කරන බව පෙනී යනවා. පසුගිය අවුරුදු පහක කාලයේදී නටපු නාඩගම් නිසා තමයි මෙතරම් පාතාලයන් ශක්තිමත් වුනේ...