(ඩයනා උදයංගනී)
මහරගම, අපේක්ෂා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් වෙනුවෙන් ලංකා ගමනා මණ්ඩලයෙන් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.
කොවිඞ් 19 වසංගත තත්ත්වය නිසා පොදු ප්‍රවාහණ සේවාවල ඇතිවූ ගැටලු හේතුවෙන් අපේක්ෂා රෝහළේ පැවැත්වෙන සායන සඳහා දිනපතා පැමිණෙන රෝගීන් විශාල ප්‍රමාණයක් අපහසුතාවට පත්වන බැවින් මෙම පියවර ගත් බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම ප්‍රවාහන සේවාව පෙරේදා (8) සිට ක්‍රියාත්මක බවත් රෝහලට පැමිණෙන රෝගීන් විසින් ‘අපේක්‍ෂා එක්ස්ප්‍රස්’ යනුවෙන් නම් තබා තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මහරගම අපේක්ෂා රෝහලට සායන සඳහා දිවයිනේ සෑම පළාතක සිටම පැමිණෙන රෝගීන් වෙනුවෙන් මෙම බස් සේවාව ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා කීවේය.
එමෙන්ම මෙම රෝගීන්ට ලබාදෙන ඇතැම් ඖෂධ අවම උෂ්ණත්වයක් යටතේ තබා ගත යුතු හෙයින් මෙම බස් රථ තුළ ඒ සඳහා ශීතකරණ පහසුකම් ද ස්ථාපිත කර ඇතැයි ඇමතිවරයා කීවේය.
දැනට මෙම බස් රථ මගින් මාතලේ, නුවරඑළිය, අනුරාධපුර, හගුරන්කෙත, මහනුවර නිකවැරටිය, ගොඩකවෙළ, ගල්ගමුව, මුලතිව් වැනි දුර බැහැර ප්‍රදේශවල සිට දිනපතා රෝගීන් ප්‍රවාහනය කෙරෙන බව කී ඇමතිවරයා සෙසු දිස්ත්රිරක්කවල සිටින රෝගීන් ද ඉල්ලීමක් කරන්නේ නම් ඔවුන් සඳහා ද මෙම බස් රථ සේවාව ලබාදීමට පියවර ගන්නා බව කීවේය.
කොවිඞ් 19 වසංගත තත්ත්වය නිමා වූ පසුවත් අපේක්ෂා රෝහලට සායන සඳහා දුරබැහැර සිට ගමන් කරන රෝගින්ට මෙම ප්‍රවාහණ පහසුකම දිගින් දිගටම ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ වැඩක්, පෞද්ගලික බස් මාෆියාවට යට නොවී දිගටම කරගෙන යන්න.
බොහොම හොඳ ක්‍රියාවක් ඇමතිතුමා බෙහෙත් සඳහා පමණක් ශීතකරණයක් වැඩ හොඳ වායුසමනයකරනලද බස්රථ යොදවා ගත්තනම් ඒසී බස් ධාවනයෙන් ඉවත් කර තිබෙනවා.. ඒවා ගැන සලකා බලන්න..
නුවරඑළිය ඩිපෝවෙන් රෝගීන්ගේ බෙහෙත් ගෙනයාමට ශීතකරණයක් සහිත බස් රථයක් යොදවා ඇතිබව දැනගන්නට ලැබුණා. මෙවැනි සේවාවන් වැඩි දියුණු කරන්න.. බස් මාෆියාවට යට නොවී දිගටම කරගෙන යන්න.