‘පාසල් විවේක කාලය වෙන වෙනම ලබාදෙන්න’ පාසල් නැවත ආරම්භ කිරීමේ දී පාසල තුළ සිසුන් ඒකරාශි වීම හෝ කණ්ඩායම් ගැසීම වැළැක්වීම සඳහා පාසල් විවේකය එකම අවස්ථාවක නොදී වෙන වෙනම දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන් වෙත උපදෙස් දී තිබේ. 14 June 2020
‘අප්‍රිකානු කලාපයෙන් පසු දුනු ඊතල භාවිතා කළ රට ශ්‍රී ලංකාව’ මෙරට වසර 48,000කට පමණ පෙර ජීවත් වූ ආදිවාසීන් සතුන් දඩයම් කිරීම සඳහා සත්ව අස්ථිවලින් නිපදවූ ඉතා දියුණු ඊතල හා වෙනත් මෙවලම් භාවිතා කර ඇති බවත්, අප්‍රිකානු කලාපයෙන් පසු දුනු හා ඊතල භාවිතා කළ ලොව ප්‍රථම රට ශ්‍රී ලංකාව බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් ඇතුළු දෙස්විදෙස් පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් පාහියංගල ලෙනෙහි සිදුකළ පුරාවිද්‍යා ගවේෂණයකදී හෙළිවී තිබේ. 14 June 2020
විදෙස්ගත වී සිටි ලාංකිකයින් 7000 ක් පමණ ශ්‍රී ලංකාවට ගෙන්වා අවසන් කොරෝනා වසංගතය හමුවේ මෙරටට ගෙන්වා ගන්නයි ඉල්ලා ඇති විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන් 7000ක් පමණ මේ වනවිට ගෙන්වාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලංකාදීපයට පැවැසීය. 14 June 2020
කෑගල්ල පොදුවෙළඳසැල් සංකීර්ණයේ ගින්නක් කෑගල්ල නගරය මධ්‍යයේ ඇති පොදු වෙළෙඳ සැල් සංකීර්ණයේ හදිසි ගින්නක් හටගෙන තිබේ. 14 June 2020
පුපුරණ ද්‍රව්‍ය සහිත පාර්සලයක් නිශ්ක්‍රීය කරයි කිලිනොච්චිය , කණ්ඩාවලෙයි යුද හමුදා 573 බළසේනා මූලස්ථානය ඉදිරිපිට මාර්ගය අසල පුපුරණ ද්‍රව්‍ය සහිතව සකසා තිබූ පාර්සලයක් අද (14) දහවල් යුද හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් නිශ්ක්‍රීය කොට ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 14 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1889 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1889 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 14 June 2020
පාකිස්තානයේ හිටපු අගමැතිට - හිටපු ක්‍රිකට් නායක අෆ්රිඩිට කොරෝනා පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය යුසුෆ් රාසා ගිලානිට සහ එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන ෂහිඩ් අෆ්රිඩිට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. 14 June 2020
බූස්ස බන්ධනාගාරයේ සඟවා තිබු හෙරොයින් ජංගම දුරකතන අත් අඩංගුවට බුස්ස බන්ධනාගාරයේ රාජකාරියේ යෙදි සිටින විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදි බන්ධනාගාරයේ විශේෂ ඒකකයේ ඩී.01වාට්ටුවේ සඟවා තිබු හෙරොයින් ග්‍රෑම් 7ක් ජංගම දුර කතනයක් ,දුර කතන බැටරි 3ක් චාජර් 3ක්, දුර කතන අංක සහිත කුඩා පොතක් සොයාගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. 14 June 2020
දෙවැනි දිනටත් ඉන්දියාවේ දිනක කොරෝනා ආසාදිතයන්ගේ ගණන 11,000 ඉක්මවයි ඉන්දියාවෙන් අඛණ්ඩව දෙවැනි දිනටත් දිනක් ඇතුළත නව කොරෝනා ආසාදිතයන් 11,929ක් අද (14) වාර්තා විය. 14 June 2020
‘’කොරෝනා මර්දනයට ලැබුණු විදේශ මුදල් ගැන නිවැරදි තොරතුරු වහාම රටට හෙළි කරන්න’’ කොරෝනා මර්දනයට ලැබුණු විදේශ අරමුදල් පිළිබඳ නිවැරදි තොරතුරු වහාම රටට හෙළිකරන්නේ රජයෙන් ඉල්ලා සිටින බව බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 June 2020
ගැමුණු අර්ධ සුඛෝපභෝගී බස් අහෝසි කරන්නයි ඉල්ලයි අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව වහා අහෝසි කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා රජයෙන් ඉල්ලා සිටියේය. 14 June 2020
ලිසීං සහනය ජනතාවට දිය යුතු බව සජිත් කියයි ජනතාව වෙනුවෙන් ලබා දෙන බව කී ලීසිං සහන වහාම ආණ්ඩුව ලබා දියයුතු බව සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 14 June 2020
ගුවන්තොටුපළ අගෝ. 1 ට පෙර විවෘත කරන්න රජයේ අවධානය කටුනායක ගුවන්තොටුපල ලබන අගෝස්තු 01 වෙනිදාට පෙර විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (14) පැවසීය. 14 June 2020
කොළඹ ජාතික රෝහලේ ලක්ෂ 79 කොල්ලය වැලැක් වූ පොලිස් කොස්තාපල්වරයකු රිය අනතුරකින් මරුට කොළඹ ජාතික රෝහලේ ඒ මුදල් ගෙවීම් අංශයේ උපන් රුපියල් ලක්ෂ 79 ක මුදලක් කොල්ල කෑමේ සිද්ධිය වලක්වමින් මුදල් කොල්ල කෑ සැකකාර වෛද්‍යවරයා මුදල් සමග අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයෙකු රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටිය දී අද (14)අලුයම මියගොස් ඇත 14 June 2020
ඇඳිරිය කඩමින් පොලිස් අණ නොතකා ධාවනය කළ සුඛෝපබෝගී රිය අත්අඩංගුවට ඇඳිරිනීති කාලයේදි පොලිස් අණ නොතකා ධාවනය කළ සුඛෝපබෝගී මෝටර් රථයක් එහි රියැදුරු සමඟ අද(14) අලුයම අත්අඩංගුවට ගත් බව හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීහු කියති. 14 June 2020
කෝටි එකහමාරක කේරළ ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවට යාපනය කුසුමන්තුරේයි මුහුදු තීරයේදී කේරළ ගංජා ජාවාරමේ නිරතවූවන් සොයා කළ විශේෂ සෝදිසි මෙහෙයෙමුකදී රුපියල් කෝටි එකහමාරකට අධික කේරල ගංජා කිලෝ 103 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 14 June 2020
’මනම්පිටියේ වැලි නිධිය දේශපාලන බලවතුන්ගේ මාෆියාවක් වෙලා ’ මහවැලි ගඟේ මනම්පිටියේ වැලි නිධිය මේ වනවිට දේශපාලන බලවතුන්ගේ මාෆියාවක් බවට පත්වී ඇතැයිදඑම නිසා එය නතර කිරීමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය වහා පියවර ගතයුතුයැයි මනම්පිටිය වැලි නිධිය සුරැකීමේ සංවිධාන එකමුතුව අද(13) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය. 13 June 2020
මාලදිවයිනේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින රාජ්‍යය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු අද (13) දහවල් , මාලේ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 13 June 2020
තේ වත්තක වළ දමා තිබූ බිලිඳු සිරුර ගොඩගනී නොර්වුඩ් තේ වත්තේ ඉලුක් යායක වළදමා තිබු බිලිදු මළ සිරුරක් හැටන් වැඩබලන දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් එස්.රාම්මුර්ති මහතා සහ දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කේෂාන් මදුසංඛ මහතා ඉදිරියේදි නොර්වුඩ් පොලිසිය අද ( 13) ගොඩගත්තේය 13 June 2020
අලුත උපන් බිලිඳා තේ වත්තේ වළ දැමු මව අත්අඩංගුවට අලුත උපන් බිලිදෙකු තේ වත්තේ වලදැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත. 13 June 2020
කාබුල් නුවර දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අද (12) සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 12 June 2020
කල්බදු නොගෙවූ වාහන පැහැරගත්තොත් කොල්ලකෑමේ නීතියට වැඩ කොරෝනා වසංගත සමයේ ලීසීං ණය වාරික ගෙවීමට රජය ලබාදුන් සහන නොසලකා හරිමින් වාහන අත්පත් කරගත් ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් වලට එරෙහිව වාහන සොරකම් කිරීම හෝ කොල්ලකෑම යටතේ නෛතික පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලුම පොලිස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත. 12 June 2020
කොරෝනා ගැන අනතුරු ඇඟවූ වෛද්‍ය ලීගේ බිරිඳට පුතෙක් ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලොවට මුලින්ම අනතුරු ඇඟවූ චීන වෛද්‍යවරයා වන ලී වෙන්ලියෑන්ගේ බිරිඳ පුතකුට උපත ලබා දී ඇත. 12 June 2020
ගෙවුණු පැය 24 දී ඉන්දියාවෙන් ආසාදිතයන් 10000ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන පළමු වතාවට අද (12) 10000 ඉක්මවා ගියේය. 12 June 2020
‘ශ්‍රී ලංකාවට ගෙන්වා දෙනවානම් ශ්‍රමිකයින් 20000කගේ වගකීම ගන්න සූදානම්‘ විදෙස් රටවල විවිධ රැකියාවන් ගොස් කොවිඩ් 19 වසංගතය නිසා පීඩාවට පත්ව තම මව් රටට පැමිණිමකට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40000න් 20000 කගේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක කේ.ඩී.ලාල්කාන්ත මහතා කීය. 12 June 2020
ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක් මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කර තිබේ. 12 June 2020
එජාපයෙන් මංගලට යළි අරාධනාවක් මැතිවරණයට තරග කිරීමෙන් ඉවත් වූ සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් නායක මංගල සමරවීර මහතාට යළිත් එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කර සිටින බව එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය. 12 June 2020
ප්‍රතිශක්ති ඌණතා ඇති දරුවන් පාසලට ගෙන්වීම ප්‍රමාද කරන්න උපදෙස් පාසල් නැවත පටන් ගැනීමේ දී ප්‍රතිශක්ති ඌණතා ඇති සහ ප්‍රතිශක්ති ඌණතා සඳහා ඖෂධ ලබා ගන්නා සිසුන් පාසලට ගෙන්වීම ප්‍රමාද කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත. 12 June 2020
ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති නවීන් ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. යෝගරාජ් මහතාත් පත්කර තිබේ. 12 June 2020
ලංකා ගුරු සංගමය මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි දුප්පතුන්ට ආධාර පිණිස යැයි සදහන් කරමින් නැගෙනහිර පළාත් ගුරුවරුන්ගේ ගුරු වැටුපෙන් කොටසක් අඩු කිරීම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛය මඟින් තම සංගමයේ සාමාජිකයන්න්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් , එම චක්‍රලේඛය අවලංගු කරන ලෙසත් , රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ලබා දෙන ලෙසද ඉල්ලා ලංකා ගුරු සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(12) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. 12 June 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026