(නිමල කොඩිතුවක්කු)
මැතිවරණයට තරග කිරීමෙන් ඉවත් වූ සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් නායක මංගල සමරවීර මහතාට යළිත් එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කර සිටින බව එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය.
මංගල සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර ඇති බවත් පක්ෂයේ දියුණුව වෙනුවෙන් යලිත් අත්වැල් බැඳ ගන්නා ලෙස එතුමාට ආරාධනා කරන සිටින බවත් දිසානායක මහතා සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(12) පැවැති පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
වංචාවෙන් දූෂණයෙන් තොර රට වෙනුවෙන් වැඩක් කළ හැකි පුද්ගලයන් සදහා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය විවෘතව ඇති බවද නවීන් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"වංචාවෙන් හා දූෂණයෙන් තොර " යන කොටස ප්රවෘතියෙන්ම උපුටා ගත්විට... මේ නොදන්නා කමටයි අහන්නේ.. එහෙම දේශපාලන පක්ෂ සිරිලකේ තියෙනවද? එහෙම නැතිනම්, තිබුණද?
මංගල කියන හාදයා "වංචාවෙන්, දූෂණයෙන් තොර රට වෙනුවෙන් වැඩක් කළ හැකි පුද්ගලයෙක්" කියලනේ කියන්නේ.. අපි දන්නා මංගල සමරවීර වෙන කෙනෙක්වත්ද එතකොට..? මාර විහිලු අප්පා මේවා...!!!
මංගල මහතා මොන පැත්තට ගියත්, එතුමා වටේට හා කාර්ය මණ්ඩලයේ කවදත් ඉන්නේ, ශ්‍රී ලංකා එහෙමත් නැතිනම්, පොහොට්ටුවේ අය... මේ අමිහිරි සත්‍යය එතුමාගේ ඡන්ද දායකයන් හොඳින්ම දන්නවා. ඒ නිසා මංගල මහතා මොකෙන් ආවත්, පොහොට්ටුවට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට වාසියි. යූ.එන්.පී අයට හබක්. මෙන්න මේ හේතු නිසා තමයි ඒ ප්‍රදේශ වල යූ.එන්.පී ඡන්ද පදනම පිරිහුණේ... කව්රු අන්ලයික් දැම්මත්, තිත්ත ඇත්ත ඕකයි.
චක් ගුඩු ගුඩු චක්... කියලා කියන්න තමයි වෙන්නේ...
මෙන්න අලුත් ගමන..
හොඳයි.., එජාපයට තමයි මෙය ගැලපෙන්නේ...
බුද්ධාගමට නිගරු කරලා ඒ පවට නන්නත්තාර වෙලා... රනිල්ගේ ගොඩට තමයි මෙයා ගැලපෙන්නේ..
මේ රටත් කෑවා. ගිය ආණ්ඩුව කාලේ බදු ගැහුවේ කොහොමද..? මතකයිනේ...
මංගල කොහේගියත් අරගොඩටම ඇදිලා යනවා. කුඩුගහන කෙනා බේබද්දන්, සල්ලාලයන් ඔය කවුරුත් තමන්ට හිතවත් ආවේණික ගොඩට නැවත කැරකිලා එනවා. ඕක තමයි වුණේ.
එජාපයේ තියන ටිකටත් කෙළවාගන්නයි හදන්නේ...
ගොනා හැරෙන කොට පොල් පැලය කන්නයි යන්නේ කියලා කාටත් පේනවා!
මෙයාගේ අලුත්ම කතාව තමයි මිනිහා කියනවා දරුවන් මහණ කිරීම හරියට දරුවන් LTTE එකට දෙනවා වගෙයි කියලා....