(තිළිණි ද සිල්වා)
මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කර තිබේ.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා ඔම්බුඩ්ස්මන් ධූරයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
පරිපාලන බලතල ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන් වෙතින් වගකීම් පැහැර හැරීමක් හෝ සීමාව ඉක්මවා ක්‍රියා කිරීමක් සිදුව තිබේනම් හා ඉන් මහජනයාට අපහසුතාවක් හෝ පීඩාවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයාබලා විසඳුම් දීම ඔම්බුඩ්ස්මන් කාර්යාලය ස්ථාපනය කිරීමේ පරමාර්ථය යැයිද එම නිවේදනයේ සදහන් වේ.
කොළඹ 01, ජනාධිපති මාවතේ පැරණි චාර්ටඩ් බැංකු ගොඩනැගිල්ලේ 03 වැනි මහලේ කාර්යාලය ස්ථාපනය කර තිබේ.මහජනතාවට තම පැමිණිලි හෝ දුක්ගැනවිලි කාර්යාලයට පැමිණ පෞද්ගලිකව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇත.ෙනැතහොත් “ජනාධිපති කාර්යාලයේ ඔම්බුඩ්ස්මන්, ජනාධිපති කාර්යාලය, කොළඹ 01” ලිපිනයට තැපල්මගින් පැමිණිලි හා දුක්ගැනවිලි ඉදිරිපත් කල හැක.
0112338073 දුරකථන/ ෆැක්ස් අංකය හෝ [email protected]විද්‍යුත් ලිපිනය ඔස්සේ පැමිණිලි යොමු කළ හැකි වේ.
ජන ජිවිතයේ සාමකාමී පැවැත්මට හානිකර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, පරිසර හානි සහ නීති විරෝධි ක්‍රියා පිළිබඳ මහජන පැමිණිලි ද තමා වෙත වෙත යොමු කළ හැකි බව ඔම්බුඩ්ස්මන් එස්.එම්. වික්‍රමසිංහ මහතා කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් අගනා ක්‍රියාවක්. ඒත්, මෙවැනි බොහෝ ඉහළ තනතුරු සඳහා මෑත කාලයේ පත් කරනු ලබනුයේ, ආරක්ෂක හමුදා ප්‍රධානීන් බව පෙනේ. මේ තනතුර සඳහා වික්‍රමසිංහ මහතාට වඩා සුදුසු වෙනත් උගතුන් නොමැතිද?...
මේවට තමයි කියන්නේ හතර හිනා කියලා. හමුදාවේ පැන්ෂන් ගිය අය ඉවර වෙලා ඇති පැන්ෂන් ගිය පොලිස් කාරයෙක්ව දාලා තියන්නේ... මේවා හොඳයි මේ රටේ ඉන්න කකුල් දෙකේ ගවයින්ව අන්දන්න. කොවිඩ් මර්ධන කාර්ය බලකායේ හිටපු වැදගත් නිලධාරීන් නිරුවත් කරපු නායකයෝ ඉන්න රටේ මේ මනුස්සයට කරන්න තියෙන හොඳම දේ දැන්ම ඉල්ලා අස්වෙන එක. නැත්තන් වෙන්නේ ඔම්බුඩ්ස්මන්ටත් එහෙම යන්න.
හොඳයි... ඒත් හැමදේටම පත්කරන්නේ හමුදාවේ, පොලීසියේ මිනිස්සු බව පෙනෙනවා. මෙය රටම මිලිටරිකරණයට ලක්කිරීමක්..
මට මතක් වෙනවා 1994 චන්ද්‍රිකා අාපු ගමන් මේවගේ කළා. වෙච්ච දෙයක් නැහැ ... මට සැකයි ඔය තොරතුරු දෙන්න එන මිනිස්සු ඒවා දීලා යන්න අැරලා මගදි උස්සයිද කියලා... මුකුත් එපාද? ෆිනෑන්ස් එක වහපු එක මංකොල්ලයක් එහි තැන්පත් කරුවන්ට ඔවුන්ගේ මුදල් නැවත දීලා ඔප්පු කරන්න අද එහි සේවය කළ අය අනාත වෙලා... බැසිල් ඕකට අැහැ ගහගෙන හිටියේ... දැන් අවස්ථාව රක්ෂණයෙන් සුලුමුදලක් දීලා මැතිවරණය කොටාගෙන ඊට පස්සෙ ද ෆිනැන්ස් එක වෙන කෙනකුගෙ නමට... ඕක මංකොල්ල කන්න තමයි මේ අර අඳින්නේ.. ඒක විසඳලා පෙන්වන්න.
ශ්‍රී ලංකා පොලිසියටද ශරීර කැමරා (body camera) ලබා දෙන්න. පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යන විට ඔවුන් ඒවා භාවිතා කිරීමට සලස්වන්න. එවිට කතාවේ දෙපැත්තම දැක ගත හැකිය. එය දෙපැත්තටම සාධාරණය. එවිට සාමාන්‍ය ජනතාවගෙන් එන බහුතරයක් පැමිණිලි, දුක්ගැනවිලි අවසන් වනු ඇත.
අමුතුවෙන් දුක්ගන්නාරාළ කෙනෙක් ඕන වෙන්නෙ නෑනේ.. රට කරවන බලයේ ඉන්න අය බලයට ආවෙම රටේම ප්‍රශ්න වලට විසඳුම් දෙනවා කියලයි. ප්‍රශ්න ගැන ඇහුම්කන් දෙනවා කියලනේ. සමහර විට එයාලට තුනෙන් දෙක ගන්න වැඩකරන්න තියෙන නිසා වෙලාවක් නැතුව වෙන්න ඇති.
මෙය රට මිලිටරිකරණය නොවේ. අපේ රටේ ජනතාව වෙනුවෙන් කරන ක්‍රියාවකි. සිවිල් නිලධාරින්ට වඩා හමුදාව හොදයි. හොද විනයක් තියෙනවා. පොලිසියේ අයට වඩා... මේ මාස ගණනාවක් රට හොදින් ගමන් කරනවා. මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව නැතුව. අපි විවේචනය නොකර හොද දේවල් අගයමු. ජනාධිපතිතුමාට උදව් කරමු මෙවර චන්දයෙන් හොද මිනිස්සු ටිකක් පත් කරමු. හොරු එපා. වසර 20 කට වඩා හිටපු සියළුම මන්ත්‍රීවරු ගෙදර යවමු. රට ලස්සන කරමු. සුන්දර දිවයිනක් කරමු.