(නිමල කොඩිතුවක්කු)
ජනතාව වෙනුවෙන් ලබා දෙන බව කී ලීසිං සහන වහාම ආණ්ඩුව ලබා දියයුතු බව සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එමෙන්ම ලීසිං මාෆියාවට එරෙහිව කඩිනමින් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් පැවසූ ප්‍රේමදාස මහතා අශ්වයා පලා ගියවිට ස්තාලය වසන ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත නිසා වටිනා ජීවිතයක් අහිමි වූ බවත් සඳහන් කළේය.
ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ මහතාගේ නිවසට අද(14) ගිය අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.
ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත හේතුවෙන් පවුලකට ස්වාමියක් මෙන්ම දරුවන්ට පියෙක් අහිමි වූ බවත් ඒ මහතා කීය.
සුනිල් මහතාගේ එක් දරුවෙක් සරසවි අධ්‍යාපනය ලබන බව කී ඒ මහතා අනෙක් දරු දෙදෙනාද අධ්‍යාපනය ලබමින් සිටින බව කීය.
පියෙක් අහිමිවීමෙහි දැඩි වේදනාව ඔවුන්ට දැනෙන අතර ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට කළ හැකි සියල්ල ඉටු කිරීමට තමන් පසුබට නොවන බවද හෙතෙම පැවසීය.
ඒ මහතා සුනිල් මහතාගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු උදෙසා මූල්‍ය පරිත්‍යාගයක් ද කරනු ලැබීය.
ආණ්ඩුව විසින් ලබාදෙන බවට පොරොන්දුවූ කල්බදු සහන ලීසිං සමාගම් වෙත නිසියාකාරයෙන් දැනුවත් නොකිරීම නිසා සිදුවු මෙම අවාසනාවන්ත ඝාතනය තුලින් ගම්‍ය වන්නේ රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඉහළ ගොස් ඇති බව යැයිද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජාතික ආරක්ෂාව සලසන බවට පැවසූ මේ ආණ්ඩුව යටතේ අද වනවිට මිනීමැරුම්, පහරදීම්, මංකොල්ලකෑම ආදී කටයුතු වැඩි වශයෙන් අසන්නට ලැබෙන බවද ඔහු වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් බහුබූත කියවන්න එපා.. මහත්තයෝ... ඔබතුමන්ලගේ ගවපාලන රජය කරපු හරිය තමයි මේ... ජනාධිපතිවෙලා මාස මාස හයෙන් මේ ඔක්කොම හදන්න ගෝඨාභයට දුන්නේ දිව්‍යලෝකයක් නෙවෙයිනේ.. ඒ මාස හයෙනුත් මාස හතරක් ලොවම එක තැන නතරවෙලා.. මේ මොකුත් නොදන්න තොත්ත බබෙක් වගේ කතා කරන්න එපා.. කොහොමත් තොත්ත බබෙකුටත් හපන් කියලානම් අපි හැමෝම දන්නවා... අපි හොඳටම දන්නවා කල දුටු කළ වල ඉහමින්... බොරදියේ මාළු බාන්න ඔබ දක්ෂයි කියලා.. කොහොමත් කොරෝනාවල ඔබතුමා බෙහෙතුත් හොයා ගත්තනේ නේද...? නිකම් මරු කියන්නේ නැතුව ඉන්න...
අපේ සෙට් එකෙත් ඉන්නවා කිසිම දෙයක් කරන්න බැරි.., අනුන්ට උපදෙස් දෙන ළිං මැඩියෙක්.
මේ ලීසිං ගැටළුවේදී මෙතෙක් පැවති කිසිඳු රජයක් ඇස් කන් පියාගෙන සිටියා මිසක් එයට නිසි විසඳුමක් දුන්නේ නැහැ. ඒ නිසා මේ රජයට පමණක් චෝදනා කිරීම අනුමත කරන්නට බැහැ... සුනිල් මහතා මිය නොයන්නට තත්ත්වය තවමත් එසේම තමයි ...
ජාතික ආරක්ෂාව ගැනත් ආයිමත් කියන්නකෝ... මේ නම් හසරක් නොදන්න කෙනෙක්... මෙයා කොහෙද රනිල් මහත්තයාගේ කිට්ටුවෙන්වත් තියන්නේ?
වහල්ලු පිරිලා මෙතන. සිද්ධිය ගැන හිතලා කමෙන්ට් කරනවා.
අශ්වයා පලා ගියවිටවත් ස්ථාලය වහපු නැති මුන්දැලා දැන් විකාර කථාකරනවා. පැත්තකට වෙලා ඉන්න හලෝ. ජනාධිපතිතුමා දන්නවා කරන්න වුවමනාදේ...
මගේ ලොරියට නොගෙවූ මාස 03ක වාරික මුදල් මෙම මාසයේ 31ට පෙර ගෙවි යුතු බව ලීසිං සමාගමෙන් අද මට දන්වා ඇත. එතකොට කෝ සහන?