(විනීතා එම් ගමගේ)
අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව වහා අහෝසි කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා රජයෙන් ඉල්ලා සිටියේය.
මේ වනවිට අර්ධ සුඛෝපභෝගී බස්රථ 483 ක් ඇති බවත් ඒවා ආසන ගණනට මඟීන් ගෙන යන අතර ඒ සඳහා ප්‍රවේශ පත්‍රයකට සාමාන්‍ය ගණන මෙන් එකහමාරක් අය කරන බවත් පෙන්වා දුන් විජේරත්න මහතා මේ වනවිට සාමාන්‍ය සේවාවන් හි බස්රථ ද ආසන ගණනට පමණක් මගීන් ගෙන යන බැවින් එකම සේවාව ගෙන යන බස්රථ සේවාවන් දෙකකට ප්‍රවේශපත්‍ර මිල ගණන් දෙකක් තිබීම විශාල අසාධාරණයක් බවත් කියා සිටියේය.
එම අර්ධ සුඛෝපභෝගී සේවාව අහෝසි කරන ලෙස ඉල්ලා සිටින්නේ මේ නිසා යැයි ද හෙතෙම සඳහන් කළේය.
මේ සම්බන්ධව ජනාධිපතිවරයාට හා විෂය භාර අමාත්‍යවරයාට ලිඛිතව දන්වා යැවූ බව ද විජේරත්න මහතා පැවසීය.
විජේරත්න මහතා මේ අදහස් පළ කළේ නුගේගොඩ පිහිටි එම සංගම් කාර්යාලයේ දී අද14* පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තව දුරටත් අදහස් දැක්වූ විජේරත්න මහතා බස්රථවලට හා ත්‍රිරෝද රථවලට ලබා දුන් කල්බදු පහසුකම් සහනය ලීසිං ලබාගෙන ඇති අනෙක් සියලු වාහනවලටත් මාස තුනකට හෝ ලබා දෙන්නැයි ද ඉල්ලා සිටියේය.
බස්රථවලින් සියයට 40 ක් ලබාගෙන ඇත්තේ ලීසිං මත බවත් බස්ල ත්‍රිරෝද රථල ඇතුළු ලීසිං මත ලබාගත් විවිධ වාහන ලක්ෂ 10 කට වඩා රට පුරා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
කොවිඞ් වසංගතය හේතුවෙන් බස්රථ ධාවනය ඇන හිටීම හා බස්රථවල මගීන් සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් මේ වනවිට රුපියල් බිලියන 15 කට ආසන්න ප්‍රමාණයක පාඩුවක් බස් හිමියන් ට සිදුව ඇතැයි ද විජේරත්න මහතා පැවැසීය.
පවතින තත්ත්වය යටතේ බස් ගාස්තු වැඩිකිරීමට ඉල්ලා සිටින්නැයි තමන්ට බස්හිමියන්ගෙන් දැඩි පීඩාවක් එල්ල වෙමින් පවතින බව ද සභාපතිවරයා කීය.
මේ අතර මාර්ග බලපත්‍රය ඇපයට තබා ගනිමින් බස් හිමියන්ට ලබා දීමට තීරණය කර ඇති ලක්ෂ 3 ක ණය මුදල පළක් නැති ණයක් යැයි කී විජේරත්න මහතා සමහර මාර්ග බලපත්‍ර රුපියල් ලක්ෂ 3ක් නොවටිනා බැවින් එවැනි බලපත්‍ර මේ ණය මුදල සඳහා වළංගු නොව බව ද මේ නිසා එමණය මුදල බොහෝ දෙනෙකුට පලක් නොවන බවද පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස්ගැමුණු මහතාගේ අදහස ගැන විමසා බැලුවහොත්, මේ අර්ධ සුඛෝපභෝගී බස් වලින් කෙරෙන්නෙත්, අනෙක් වශයෙන්ම වෙන දේ.. එකම ජාතියේ ඉන්දියානු ලොරි චැසිවලට බස් බොඩි තබපුවා. තිර රෙදි කෑලි ටිකක් දා තිබෙනවා. ඒවත් දූවිලි වැදිලා. බුලත් කන මගීන් කෙළ පිසිනවා මා දැක තියෙනවා. අප්පිරියාවේ බැහැ. ඒ නිසා මේ බස්වලට වැඩිපුර මුදලක් දීම නොකළයුතු දෙයක්. ලීසින් වැඩේට සහනයක් දිය යුතුයි. පව්.. ඒත්, කටකපලා, බුරුතු පිටින් මගී හිංසනය කරනා ගමන් පොල් පටවන්නා සේ ගෙනියාමට නොලැබීම ගැන හිතේ දැඩි දුකක් ඇති බව පේනවා...
කරුණාකර ගැමුණුතුමා කියන විදිහට රට පාලනය කරන්න. රටේ මහජනතාවට අවශ්‍ය විදිහට රට පාලනය කිරීමට අවශ්‍ය නැත.
හලෝ මොකද කලබල අර්ධ සුඛෝපබෝගී බස්වල වාඩිවෙලා ගියාට ගාස්තුව වැඩියි. ඔබලාගේ බස්වලත් වාඩිවෙලා පමණක් නම් යන්නේ ගාස්තුවත් අඩුනම් අනිවාර්යයෙන්ම මිනිස්සු ඔබලාගේ බස්රථවල නගිනවා. හැබැයි අර්ධ සුඛෝපබෝගි බස්වල වෙනත් පහසුකම් තිබෙනවා නම් ඒ බස්වල මිනිස්සු යනවා...