(ඉන්දිකා රාමනායක)
කොළඹ ජාතික රෝහලේ ඒ මුදල් ගෙවීම් අංශයේ උපන් රුපියල් ලක්ෂ 79 ක මුදලක් කොල්ල කෑමේ සිද්ධිය වලක්වමින් මුදල් කොල්ල කෑ සැකකාර වෛද්‍යවරයා මුදල් සමග අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයෙකු රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටිය දී අද (14)අලුයම මියගොස් ඇත
ඉකුත් එකොළොස් වන දින රාත්‍රියේ රාජකාරිය නිම කර යතුරු පැදියකින් බැරැක්කය බලා යන අතර තුර බම්බලපිටිය සම්බුද්ධ ජයන්ති මන්දිරය ආසන්නයේ දී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලැබ අනතුරෙන් බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී කොස්තාපල්වරයා අද (14) අලුයම මියගිය බව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු වන (93 666) අලහප්පෙරුම නැමැති කොස්තාපල්වරයා බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්සෙන් පන්නලා හප්පලා වෙන්නැති ශුවර් එකටම...
අනේ ! පව්.. ඒ අවංක නිලධාරියාට සිදුවූ විපත ගැන හරිම කණගාටුයි... ඔබට නිවන් සුව ... !!!
නැවත කියවා බැලුවා නම් හොඳයි...
සුරක්ෂිත රටක්... බිය සැක නැති හෙටක්. (අදක් නෙවේ හරිය) දැන් ඉතින් සතුටුද ?
ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලැබ අනතුරෙන් බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී කොස්තාපල්වරයා අද (14) අලුයම මියගිය බව පොලිසිය කියයි
අනිවාර්යයෙන්ම මංකොල්ලයට සම්බන්ධ අය තමයි, මේ අනතුර කරන්න ඇත්තේ.. මේක තමයි ලංකාවේ හැටි. නීතිගරුක කෙනාට ඉන්න දෙන්නේ නැහැ.
මැරුණද..? මැරුවාද.? ඩිෆෙන්ඩරයේ ආව මිනීමරුවාගේ වයස කීයද...? ඒ කොලු මාරයා කාගේ කවුද....? පිළිතුරු අවශ්‍යයි.
අපේ කරාපිටියේ වෛද්‍ය පිඨයේ වසර 2කින් කණිෂ්ඨ ශිෂ්‍යයෙක් විදියට තමයි හරින්ද්‍ර හිටියේ... දක්ෂ කෙනෙක්.. රංගනයට, වෙස් ගැන්වීම්වලට හැකියාවක් තිබුණේ දැනුමෙන් පිරිපුන් කෙනෙක් ඔය විදිහට පත්වෙයි කියලා හිතන්න අමාරුයි. ඔහු ඉක්මනින් නිදහස්වෙලා එන්න ඕනේ වෛද්‍ය වෘත්තියට... එ්කයි මගේ පැතුම හරෙන්ද්‍ර මල්ලි වරදක් කලා කියලා හිතෙන්නේ නැහැ මට නම්...
අයිතිකරු, රියදුරු හෝ ඩිෆෙන්ඩර් වාහනය පිළිබඳ තොරතුරක් නෑ. මේක හරියටම ප්ලෑන් කරපු එකක් වගේ.
මෙන්න සුරක්ෂිත රටක්...
එකම රටක්, එකම නීතියක්, මෙන්න බොලේ වැඩක්...
ජාතික රෝහලේ හොරකම ඇල්ලුවාම ඒකෙම ICU එකට ගිහින් දැම්මද? හරියට ප්‍රතිකාර කරයිද? මැරෙන්න අරින්න ඇති...
මගේ දැඩි ශෝකය පලකරමි.. නිවන් සැප ලැබේවා. යළි ඉපදෙනවා නම් වෙනත් රටක උපදීවායි පතමි.
රත්වත්තේ කෙනෙක්ලු ඩිෆෙන්ඩර් අයිතිකාරයා...
බීමතින් ඩිෆෙන්ඩර් එලවලා පොලිසියේ කෙනෙක් හැප්පුණාම ඒ පොලිස් නිලධාරියා මැරුණම කිසිම ප්‍රශ්නයක් නැතුව බෝගම්බර බන්ධනාගාරයේ රෝහල් ගතවෙලා ඉන්න පුලුවන්කමක් ඇත්තේ රත්වත්තේ පරම්පරාවේ අහිංසක දරු පැටියෙක් නිසා වෙන්න ඇති. එක රටක්, එක නීතියක් අකුරටම ක්‍රියාත්මක වෙන හැටි දකින කොට සනීපයි කියලා තමයි කියන්න වෙන්නේ...