වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ පෞද්ගලික වෙළඳ ආයතනයකට නඩු අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් කළ හැකි කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනයක් පාලන මිලට වඩා වැඩි මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී පාරිභොගික අධිකාරිය මඟින් ඊයේ (25) දහවල් නීතීයේ රැහැනට හසුකර ගනු ලැබීය. 26 March 2020
කොළඹ,ගම්පහ,කලුතර ඇඳිරිනීතිය 3 වැනිදා තෙක් කොළඹ, ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්ක තුනට පනවා ඇති ඇදිරි නිතිය ලබන මස 03 වැනිදා දක්වා දීර්ඝ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. 26 March 2020
‘අදත් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැහැ’ කිසිදු කොරෝනා ආසාදිතයකු අද (26) දිනයේදීද මේ වනතුරු හමු නොවූ බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය. 26 March 2020
පොලොන්නරුවේ කුඹුරු අක්කර 18000 ක් කීඩෑ උවදුරෙන් විනාශයි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර මාස් කන්නයේ වී වගා කරන ලද කුඹුරු අක්කර 18,000 ක් පමණ කීඩෑ හානිය හේතුවෙන් විනාශයට පත්ව ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා අද (26) පැවැසීය. 26 March 2020
මැනිං මාරකැට්ටුවේ කළුකඩ වෙළෙදාම නවත්වයි පිටකොටුව මැනිං වෙළඳ පොළේ ඇතැම් වෙළඳුන් තුන් හතර ගුණයක් වැඩි මිලට එළවළු තොග අලෙවි කිරීම පාරිභොගික අධිකාරිය මඟින් අද (26) වළක්වනු ලැබීය. 26 March 2020
ආයෝජන මණ්ඩලයේ සියලු කම්හල් වසා දමන්න නියෝග ආයෝජන මණ්ඩලය යටතේ පවතින සියලු කම්හල් වසා දමන්නැයි කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආයෝජන මණ්ඩලයට නියෝග කර ඇත. 26 March 2020
එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර ශ්වසනය එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර කෘතිම ශ්වසනය ලබා දිය හැකි වන පරිදි එම යන්ත්‍ර වැඩි දියුණු කිරීමට මහනුවර ජාතික රෝහලේ හෘද උරස් ඒකකයේ හෙද නිලධාරියෙක් වන ගාල්ලේ බිහාන් හිමාෂණ හපුතන්ත්‍රි මහතා සමත් ව ඇත. 26 March 2020
සෝනියාගේ සහායත් අගමැති මෝදිට ඉන්දීය කොංග්රස් පක්ෂ සභාපති සෝනියා ගාන්ධි මහත්මිය කොරෝනා වෛරසයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය යෝජනා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට යොමු කර තිබේ. 26 March 2020
මාතලේ පුණ්‍යවර්ධන සමිතියෙන් අඩු ආදායම් ජනතාවට සහන රට තුළ පවතින තත්වය හමුවේ මාතලේ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි ජනතාව සදහා සහන සැලසිමට අවශ්‍ය සහය ලබා දිම පිණිස මාතලේ ශ්‍රි පුණ්‍යවර්ධන සමිතිය මගින් රුපියල් ලක්ෂයක මුදලක් මාතලේ වාණිජ මණ්ඩලයේ සභාපති කේ.මහෙන්ද්‍ර මහතා වෙත ලබා දිම අද(26) සිදු කෙරුණී. 26 March 2020
මොරටු නගර සභාවෙන් නොමිලේම වියළි සලාක මල්ලක් මොරටුව මහනගර සභා බලප්‍රදේශයේ පවුල් 9000 ක් සඳහා වියළි සලාක මලු නොමිලේ බෙදා දීමේ වැඩසටහනක් මොරටු පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ සහ මන්ත්‍රීවරුන්ගේ සංවිධායකත්වයෙන් අද (26) සිදුකෙරිණි. 26 March 2020
කොරෝනා වයිරසයෙන් පිලිපීනයේ වෛද්‍යවරු 9ක් මරුට කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් වෛද්‍යවරුන් 9 දෙනකු මියගොස් ඇතැයි පිලිපීන වෛද්‍ය සංගමය අද (26) ප්‍රකාශ කළේය. 26 March 2020
‘කොරෝනා යැයි සැක කිසිවෙකුත් කරාපිටියේ නැහැ’ කොරෝනා බවට සැක සහිත රෝගීන් කිසිවෙකුත් මේ වනවිට කරාපිටිය රෝහලේ නොමැති බවත් විශේෂිත වාට්ටුවේ ප්‍රතිකාර ලබමන් සිටි සියලුම දෙනා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය. 26 March 2020
රට තුළ සිටින සංචාරකයන් 18,000 කට පහසුකම් මේ වන විට රට තුළ සිටින විදෙස් සංචාරකයින්ට රටේ පවතින වත්මන් තත්ත්වය තුළ අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ වන විට විදේශ අමාත්‍යාංශය හා අදාළ තානාපති කාර්යාල සමඟ කටයුතු කරමින් සිටින බව එම අධිකාරිය අද (26) පැවසීය . 26 March 2020
නිරෝධායනය අවසන් කළ තෙවැනි කණ්ඩායමත් පිටව යයි යුද හමුදාවේ අධීක්ෂණය යටතේ නිරෝධායනවලිය සාර්ථකව අවසන් කළ තවත් 223 දෙනෙකු අද (26) නිවෙස් බලා පිටත් කළ බව යුද හමුදාව පවසයි. 26 March 2020
මරණීය දණ්ඩනය ලබා සිටි තවත් අයෙක් ගෙදර යයි මිරුසුවිල් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව වසර 05ක් බන්ධනාගාර ගත ව සිටි යුධ හමුදා විශේෂ බලකා දිගදුර විහිදුම් බලකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. 26 March 2020
මේරියන්ස් සාමාජිකයෝ 12 දෙනා ස්වයං නිරෝධායනය වෙති ඕස්ට්‍රේලියාවේ සංගීත ප්‍රසංගයකට ගොස් පැමිණි ජනප්‍රිය ගායන ශිල්පි නලීන් පෙරේරා මහතා ප්රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයෝ 12 දෙනා සහ තවත් සංගීතඥයෙක්, ගායකයෙක්, හා ජනප්‍රිය නිවේදයකයෙක්, ඔවුන්ගේ නිවෙස්වලටම වී ස්වයං නිරෝධායනය වෙමින් සිටිති. 26 March 2020
කොළඹට ජල කප්පාදුවක් කොළඹ 1,2,3,6,7,8,9,10,11,12,13 යන පෙදෙස් වලට හදිසි බිද වැටිමක් හේතුවෙන් අද (26) රාත්‍රි 10 තෙක් ජල සැපයුම අත්හිටුවීමට තිරණය කර තිබෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 26 March 2020
ඌවෙන් මහජන සහන කටයුතු විධිමත් කරන්න සම්බන්ධීකරණ ඒකකයක් කොරෝනා මර්දන වැඩපිළිවෙළ හා මහජන සහන කටයුතු විධිමත් කිරීම සඳහා සම්බන්ධිකරණ ඒකකයක් ඌව ආණ්ඩුකාර කාර්යාලයේ (26) අද ආරම්භ කළ බව ඌව ආණ්ඩුකාර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ රාජා කොල්ලුරේ මහතා පැවසීය. 26 March 2020
ඇඳන් - පරීක්ෂණ කට්ටල ගෙන්වන්න පෞද්ගලික අංශයටත් අවස්ථාව දෙන්නැයි රනිල් කියයි ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය රැකගැනීම සඳහා ස්වසනය පහසු කරවන ඇඳන් සහ ස්වසන රෝග සම්බන්ධයෙන් පරීක්ෂණ කළ හැකි උපකරණ කට්ටල මෙරටට ගෙන්වීමට පෞද්ගලික අංශයටද අවස්ථාව දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රජයට දැනුම් දී තිබේ. 26 March 2020
ස්වයං නිරෝධනය අවසන් වු විදේශිකයෝ 11ක් මව්රට යති ගාල්ල වරාය පොලිස් බල ප්‍රදේශයේ තුල ස්වයං නිරෝධායනයට ලක්ව සිටි විදේශිය ජාතිකයින් 11 දෙනෙකු ස්වයං නිරෝධන කාලය අවසන් විමෙන් පසු සිය රටවලට ගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි. 26 March 2020
වයිරසය ශරීරගත වූ 500ක් නිදැල්ලේ කොරෝනා වයිරසය ශරීරගත වූ රෝගීන් සංඛ්‍යාව 101 යැයි රජයේ සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙතත් මේ වනවිට එම වයිරසය ශරීරගත වූ 500 කට ආසන්න පිරිසක් සමාජයේ ගැවසෙමින් සිටිතැයි විශ්වාස කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ලංකාදීපයට පැවැසීය. 26 March 2020
අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ආ පුද්ගලයෙක් මරුට කොටපොළ සතොසට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකු අද (26) හෘදයාබාධයකින් මියගිය බව කොස්මෝදර පොලිසිය කියයි. 26 March 2020
රුසියාවට ගුවන්යානා ඇතුළුවීම-පිටවීම තහනම් රුසියානු ජාතිකයන් රැගෙන විදේශයන්හි සිට පැමිණෙන ගුවන් යානා හැර වෙනත් කිසිදු ගුවන් යානයකට හෙට (27) මධ්‍යම රාත්‍රියේ සිට රට තුළට ඇතුළුවීමට හෝ පිටවීමට ඉඩනොදෙන බව රුසියානු රජය ප්‍රකාශ කරයි. 26 March 2020
සතොසෙන් දෙන වියළි ආහාර නිරෝධායන මධ්‍යස්ථානවලට සතොස ලබාදෙන අත්‍යවශ්‍ය වියළි ආහාර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැලිසර කදවුර ගෙන ඒවා නිරෝධායන මධ්‍යස්ථානවල සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අලෙවි කරන බව මාධ්‍ය ලේකම් කර්නල් රත්නසිංහ මහතා පැවසීය. 26 March 2020
වෙළඳ කලාපවල සේවක සේවිකාවෝ නේවාසිකාගාරවල කොටු වෙති කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයන් විශාල පිරිසක් දැනට පවතින තත්වය යටතේ , ඔවුන් සේවය කළ කර්මාන්තශාලාවල තවදුරටත් සේවය කිරීමට නොහැකි වී ඇති අතර ඔවුන්ගේ නිවෙස් වෙත යාමට ද නොහැකිව , ඔවුහු රැඳී සිටින නේවාසිකාගාරවල කොටු වී සිටිති. 26 March 2020
අවමංගල්‍යයකට-මංගල්‍යයකට සහභාගී විය යුතු ගණන ගැන ඕස්ට්‍රේලියාවෙන් තීන්දුවක් ඕස්ට්‍රේලියාව තුළ අවමංගල්‍ය උත්සවයකට සහාභාගි විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යව 10 දෙනෙකු බව එරට රජය තීරණය කර ඇත. 26 March 2020
මුඛ ආවරණ ගැන පළවන දුර්මත සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම්දීමක් කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මහජනතාව මුඛ ආවරණ භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සමාජගත වෙමින් පවතින දුර්මත පිළිබඳව අවධානය යොමුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෛද්‍ය උපදෙස් මාලාවක් ඉදිරිපත් කර තිබේ. 26 March 2020
24 පැයේම උපදෙස් සේවාවක් රත්නපුර රෝහලෙන් කොරෝනා නිරෝධානය වාට්ටුවක් ස්ථාපිත කළ ද රත්නපුර ශික්ෂණ රෝහලේ වෙනත් ප්‍රතිකාර සිදුකරන අතර රෝගීන්ගේ පහසුව පිණිස කායික වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, ළමා රෝග, ප්‍රසව හා නාරිවේද සහ හෘද රෝග ප්‍රතිකර සම්බන්ධයෙන් පැය විසිහතර පුරා ක්‍රියාත්මක උපදෙස් සේවාවක් ස්ථාපිත කර ඇති බව රත්නපුර රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනූජ් රුද්‍රිගු මහතා පවසයි. 26 March 2020
රත්නපුර රෝහලේ වෛද්‍ය හෙද ඇතුළු කාර්ය මණ්ඩලයට තාවකාලික නවාතැන් ස්ථාන කොරෝන වයිරසය ශරීර ගතවූවන් නිරෝධායනය කිරිමට වාට්ටුවක් වෙන් කිරිමත් සමග රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සහ වෙනත් රාජකාරීවල නිරත රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් නතරවීමට ස්ථාන තුනක් රත්නපුර නගරය ආශ්‍රිතව ස්ථාපිත කිරිමට රත්නපුර දිස්ත්‍රික් කොරෝනා රෝග මර්ධන කමිටුව පියවර ගනී. 26 March 2020
යාපනය දිස්ත්‍රික්කයට යළි දැනුම් දෙනතුරු ඇඳිරිය දිගු කරයි යාපනය දිස්ත්‍රික්කයට පනවා තිබූ ඇදිරිනිතිය නැවත දැනුම්දෙන තුරු දිර්ඝ කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශ නිවෙිදනයක් නිකුත් කරමින් සදහන් කරයි. 26 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026