IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහනුවර පාසල් 42 ක් සඳුදා සිට විවෘතයි


(චමිල් රූපසිංහ)

මහනුවර නගර සීමා බල ප්‍රදේශයේ වසා දමා තිබුණු පාසැල් 45 න් 42 ක් එළඹෙන සඳුදා (14) විවෘත කිරීමට කිරීමට තීරණය කළ බවත්  ත්‍රිත්ව,තක්ෂිලා හා කලෙයිමගල් යන විද්‍යාල තවදුරටත් වසා තැබෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පැවසීය.
 
මධ්‍යම පළාත් කොරෝනා කමිටු සමාජිකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු අද  (11) සියලු දෙනාගේ එකඟතාව මත පාසැල් විවෘත කිරීමට තීරණය කළ බවද ආණ්ඩුකාරවරයා කීය.
 
පාසැල් දරුවන් අවදානමකට ලක්වන්නේ පාසැලට එන යන අතරමඟදී බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙස තමන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බවත් පාසැල හා නිවස දරුවන්ට ආරක්ෂිත බවද ආණ්ඩුකාරවරයා පැවැසීය.පාසැල්වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද උපරිමයෙන් ආරක්ෂා කරන ලෙස දැනුම් දී තිබෙන අතර ඒ සම්බන්ධව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු මගින් විදුහල්පතිවරු දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් ගමගේ මහතා ප්‍රකශ කළේය.
 
අධ්‍යාපනය කටයුතු නිසි ලෙස සිදුකර ඔවුන් ඊළඟ පන්තිය දක්වා උසස් කළ යුතු බවත් කී ආණ්ඩුකාරවරයා පාසැල් දිගින් දිගටම වසා තැබිය නොහැකි බවත් කොවිඩ් වසංගතය රටින් තුරන් කිරීමට තවත් කාලයක් ගතවන බැවින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තමන් ආරක්ෂා වීමටත් තමන්ගෙන් වෙනත් අයට වෛරසය ව්‍යාප්ත වීම වලක්වා ගැනීමටත් සැවොම උනන්දු වන ලෙසත් කීය.

පාසැල් ආරම්භ වන වේලාවේදී හා අවසන් වන වේලාවේදී බස් රථ වැඩිපුර ධාවනයේ යෙදවීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගන්නා දැනුම්දී තිබෙන බව ආණ්ඩුකාරවරයා පැවසු අතර අකුරණ ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වන බැවින් එම ප්‍රදේශයේ වසා දමා තිබෙන පාසැල් 5ක් තව දුරටත් වසා තැබෙන බවද කීය



අදහස් (0)

මහනුවර පාසල් 42 ක් සඳුදා සිට විවෘතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site