
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ගුවන් හමුදා කදවුර ආසන්නයේ අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව,ගනේමුල්ල,ඉබ්බාගමුව හා හොරණ පදිංචි කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකි.
අත්අඩංගුවට ගෙන ඇති මෙම පිරිස බොරලැස්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යන දැන්විම් ආයතනයක අයිතිකරැ හා ඔහුගේ සේවකයන් පිරිසකි.
අනුරාධපුර,තම්මැන්නාපුර විදුහලට ආධාරදිම සදහා පසුගියදා පුද්ගලික ආයතනයක් එකගතාවය පළකොට ඇතැයි පොලිසිය කියයි.
ඒ අනුව මෙම විදුහල පිළිබදව වාර්තාමය වැඩ සටහනක් නිෂ්පාදනය කරදෙන ලෙසට එම පුද්ගලික ආයතනය විසින් බොරලැස්ගමුව පිහිටි මෙම දැන්විම් ආයතනයට භාර කොට ඇති අතර ඒ අනුව ඔවුන් විසින් රැගත කිරිම් සදහා ඩ්‍රෝන කැමරාව ගුවන්ගත කොට ඇති බවද පොලිසිය සදහන් කළේය.
අනුරාධපුර ගුවන් හමුදා කදවුර ආසන්නයේ මෙම පාසල පිහිටා ඇති අතර ඩ්‍රෝන කැමරාව ගුවන් ගතකරන අවස්ථාවේදි ඒ බව ගුවන් හමුදා කදවුරේ රේඩාර් පද්ධතියේ සටහන්ව තිබුණි.ඒ අනුව ගුවන් හමුදා කදවුරේ නිලධාරින් විසින් පොලිසියට කළ දැනුම්දිම මත අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කිරිමේ චෝදනාව මත මෙම පුද්ගලයන් හා ඩ්‍රෝන කැමරාව අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරැවන් පස් දෙනා අද(11)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අධිකරණයට ඉදිරිපත් කිරිමට තරම් දෙයක්ද? මේ කියන විදියට නම් වෙලා තියෙන්නේ අවවාදයක් කරලා යවන්න නේ තිබුනේ. ප්‍රසිද්ධියේ නීතිය කඩන මිනිස්සු, හොරු රට පුරාම. මේ වගේ කෙනෙක් අල්ල ගත්තම ලොකු දෙයක්.
කදවුර ආසන්නයේම මෙම පාසල පිහිටා තිබීමෙන් සිදුවුණු දෙයක්.... මේක පැහැදිලිවම නොදැනුවත්කමින් සිදුවුණු දෙයක්. මෙය විශාල වරදක් සේ සැලකිය යුතු නොමැත.
ඩ්‍රෝන කැමරා තියෙන අය හිතාගෙන ඉන්නෙ එයාල කැමති කැමති විදිහට තව කෙනෙකුගේ පුද්ගලිකත්වයට හානි වෙන මට්ටමට වුනත් ඒවා පාවිච්චි කරන්න පුළුවන් කියලයි. ඒවටත් නීති රීති සහ ආචාර ධර්ම තියෙනව කියලා හිතන්නෙ නැහැ. හමුදා කඳවුරක් අසල මෙහෙම දෙයක් කරන්න තරම් මෝඩද මේ මිනිස්සු...
ඔන දෙයක් කිව්වහැකි... ඔයාලා වගේ අය ඉන්න කොට කොහොමද රටක නීතියක් ක්‍රියාවෙ යොදවන්නේ..?
ඕක තම්බියෙක් කරානම් මෙලහකට පරීක්ෂණ කරනවා කියල බයිලා ගහල ගෙදරටත් ගිහින් දාල මෙලහකට .
මෙක ජාතික ආරක්ෂාවට තර්ජනයක්... අවවාද කරලා මුදා හරින්න තිබ්බ යහපාලනය වගේ පිස්සු පාලකයෝ හිටියා නම්.. පාස්කු ප්‍රහාරය දැක්කේ නැහැ.. වගේ මෙ මිනිස්සු කරන්නේ...
අපි තවම හැකිලුන රටක, මේ වගේ ආකල්ප සහ පුහු දැනුම නිසා තමයි අපට කවදාවත් ඉදිරියට යන්න බැරි. මෙවගේ දේවල් වලින් රටේ ජාතික ආරක්ෂාවට මොකක්ද වෙන තර්ජනය? කාට හරි ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන්න අවශ්‍ය නම් මේ විදියට සෙල්ලම් බඩුවක් පාවිච්චි කරන්න ඕනද? වෙනත් රටකට අපි ගැන ඔත්තු බලන්න ඕන නම් මේ වගේ සෙල්ලම් බඩු රටට එවන්නේ නැ! - අපේ රටට පය තියෙන්නේවත් නැතුව තොරතුරු ගන්න පුලුවන් අන්තිම දශමයට ගනන් හදලා, ලෝකය ඩ්‍රෝන යුගයට දියුණු වුනත් අපි ආකල්ප, දැනුම අතින් තවම ඉන්නේ ගල් යුගයටත් එහා යුගයක...
ගූග්ල් ආයතනයේ ලොක්කන් අත්අඩංගුවට ගන්න. ගූග්ල් මැප් මගින් ජායාරූප ලබාගෙන ඇති නිසා