වැට් ගෙවන්නන්ට සහනයක් ඉකුත් පෙබරවාරි මාසයේ සිට මාසය සඳහා අප්‍රේල් 20 වැනි දිනට පෙර ගෙවීමට නියමිත මූල්‍ය සේවා මත, එකතු කළ අගය මත බදු ගෙවීම (වැට්) සඳහා අප්‍රේල් 30 වැනිදා තෙක් කල් දී ඇතැයි දේශීය ආදයම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 27 March 2020
කොරෝනා වයිරසය ආසාදිත බවට සැක 508ක් රත්නපුරෙන් කොවිඞ් 19 වයිරසය ආසාදිත යැයි සැකකරන පුද්ගලයින් 508 දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයේ සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්ව පසුවන බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය. 27 March 2020
රත්නපුර ඇඳිරි නීතිය ලිහිල් නොකරන්නැයි ඉල්ලයි රත්නපුර දිස්ත්‍රික්කය තුල පවතින ඇදිරිනීතිය ලිහිල් නොකර ඉදිරියටම පවත්වාගෙන යන ලෙස රත්නපුර දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව රජයට යෝජනා කරයි. 27 March 2020
හික්කඩුව ආරච්චි කන්ද රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් කරයි ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ආරච්චි කන්ද ප්‍රාදේශීය රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බව දකුණු පලාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි. 27 March 2020
තවලම ප්‍රාදේශීය සභාවට ආණ්ඩුකාරයාගෙන් රුපියල් ලක්ෂ 15 ක් කොරෝනා වයිරසය නිසා අපහසුතාවයට පත්ව සිටින තවලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි ජනතාවට සහන සැලසීම සදහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා රුපියල් ලක්ෂ 15 ක මුදලක් ලබා දුන් බව තවලම ප්‍රාදේශීය සභාවේ සභාපති බන්දුල විජේසේකර මහතා පවසයි. 27 March 2020
උකුවෙල ප්‍රා. ලේකම් නිලධාරින්ගේ දිනක වැටුප කොරෝනා සටනට උකුවෙල කොරෝනා ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්විම උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි අද (27) පැවත්විණි. 27 March 2020
සෞඛ්‍ය ඇමැති - යුද හමුදාපති ඉරණවිල යති නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරිමට නියමිත ඉරණවිල පිහිටි ඇමෙරිකන් හඩ මධ්‍යස්ථානය සෞඛ්‍ය ඇමැති , යුද හමුදාපති , හා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් ඇතුළු පිරිස නිරීක්ෂණය කළහ. 27 March 2020
කල්පිටියේ මාලු මිලදීගන්න පිට පළාත්වල වෙළඳුන්ට එන්න බැහැ කල්පිටිය අර්ධදීපයේ සාගරය හා කළපු ආශ්‍රිතව නෙලා ගන්නා මත්ස්‍ය සම්පත,මිළදී ගැනීම , පිට පළාත් වලට ප්‍රවාහනය කිරීම කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකය්න්ට පමණක් වන පරිදී සීමා කර ඇතැයි පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පවසයි. 27 March 2020
කොරෝනා ගැන දැනගන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෘදුකාංගයක් කොරෝනා වයිරසය පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා මෘදුකාංගයක් (ඇප් එකක්) හඳුන්වාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් කර ඇත. 27 March 2020
ගාල්ලේ සුපිරි වෙළදසැල් අසල පා සළකුණු කිරීමේ ව්‍යාපෘතියක් භාණ්ඩ මිලදි ගැනිම සදහා ජනතාව වැඩි වශයෙන් පැමිණෙන ගාල්ල නගරය හා ඒ අවට පිහිටි ලක් සතොස හා සුපිරි වෙළදසැල් ඉදිරිපිට පා සලකුණු කිරීමේ වැඩසටහනක් අද (27) ආරම්භ කරණු ලැබිය. 27 March 2020
කටුනායක වෙළඳ කලාපයේ පිරිස ප්‍රවාහනයට ලංගමයෙන් බස් රථ 20ක් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් ඔවුන්ගේ නිවෙස් වෙත ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් බස්රථ 20 ක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත අද (27) ලබා දී තිබේ 27 March 2020
වැඩි මිලට එළවළු විකුණූ වෙළඳුන් 4 ක් අත්අඩංගුවට නියම කළ මිලට වඩා වැඩි මිලට මැනිං වෙළඳ පොළේ එළවළු විකුණූ වෙළඳුන් හතර දෙනෙකු පාරිභෝගික අධිකාරිය මගින් අද (27) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. 27 March 2020
බද්දේගම ප්‍රාදේශීය සභාවෙන් කොරෝනා මර්දනයට ලක්ෂ 25 ක් බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල කොරෝනා සහන කටයුතු ක්‍රියාත්මක කිරිමට අද (27) වන විට රුපියල් ලක්ෂ 25 ක් එම ප්‍රාදේශීය සභාව වැයකර ඇතැයි බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර අමරසිරි නාරංගොඩ මහතා පැවසිය. 27 March 2020
කටුනායක අපනයන සැකසුම් කලාපයේ සේවක පිරිස් නිවෙස්වලට යවති කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවය කරන , එහෙත් මේ වනතුරු තම නිවෙස් වෙත යෑමට නොහැකිව , නේවාසිකාගාර තුළ රැදී සිටි සේවක පිරිස් , ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යෑමේ වැඩසටහන අද (27) ආරම්භ කෙරිණි. 27 March 2020
වෙනිසුවේලාවේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි වෙනිසුවේලාවේ ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය අද(27) වාර්තා වී ඇතැයි එරට උප ජනාධිපති ඩෙල්සි රොඩ්රිගොස් මහතා පවසයි. 27 March 2020
තුර්කියේ කොරෝනා නව ආසාදිතයන් 2433ක් තුර්කියේ නව කොරෝනා වයිරස මරණ 59ක් වාර්තා වීමත් සමග මෙතෙක් වාර්තා වූ සම්පූර්ණ මරණ සංඛ්‍යාව 75 දක්වා ඉහළ ගොස් තිබේ. 27 March 2020
වැලිකන්ද- පුනානිවල නිරෝධායනය වු 188ක් පිටව යති මඩකලපුව පුනානි හා වැලිකන්ද කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානවල දින 14 ක් නිරෝධායනය වු ලාංකිකයින් 188 දෙනෙකු අද 27 පෙරවරුවේ සිය නිවෙස් කරා පිටත්ව ගිය බව හමුදාවේ උසස් නිලධාරීයකු පැවසිය. 27 March 2020
රටවල් තුනකින් විශේෂ ගුවන් යානා තුනක් ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ සිටින විදේශිකයින් ගෙන්වා ගැනීම සඳහා රුසියාව සහ ස්විට්සර්ලන්තය අද (27) ගුවන් යානා තුනක් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ. 27 March 2020
කොරෝනා මඬින්න වැලිවිටිය දිවිතුර ප්‍රා.සභාවෙන් ලක්ෂ 10 ක් වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ කොරෝනා සහන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ දහයක මුදලක් වෙන්කර ඇතැයි වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ගුණසිරි ලොකුගේ මහතා පැවසීය. 27 March 2020
දියතලාවේදී නිරෝධායනය අවසන් කළ කණ්ඩායමක් පිටව යයි යුද හමුදාවේ අධීක්ෂණය යටතේ නිරෝධායනවලිය සාර්ථකව අවසන් කළ 309 දෙනකු අද (27) පෙරවරුවේ නිවෙස් බලා පිටත් කළ බව යුද හමුදාව පවසයි. 27 March 2020
ස්විස්ටර්ලන්තයේ සිටි ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට ස්විස්ටර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාදනයෙන් මිය ගොස් ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය එසැණට පැවසුවාය. 27 March 2020
පමුණුවේ රෙදිපිළි අලෙවිසැල් 6 ක ගින්නක් මහරගම පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි වෙලෙදසැල් 6ක් මේ වන විට ගිනි ගැනීමට ලක් වන බව දෙහිවල ,ගල්කිස්ස හා කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකකය කියයි. 27 March 2020
කොරෝනා මඬින්න දකුණේ පළාත් පාලන ආයතන සඳහා මිලියන 55ක් කොරෝනා වසංගතය මැඬලිම සදහා දකුණු පළාතේ පළාත් පාලන ආයතන 49 සඳහා රුපියල් මිලියන 55ක මුදලක් ලබාදිමට පියවරගෙන ඇති බැව් දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා පවසයි. 27 March 2020
ඇදිරීනීතියේදී කටානේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් හසු වෙයි කටාන බටහිර කලූවාරිප්පුව ප්‍රදේශයේ ඇඳිරි නීතීය අස්සේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය මත්කුඩු ජාවාරමක් හෙළිකර ගැනීමට කටාන පොලිසිය සමත්විය. 27 March 2020
කොරෝනා මඬින්න හබරාදූව ප්‍රා.සභාවෙන් ලක්ෂ 35ක් හබරාදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ කෙරෝනා සහන කටයුතු ක්‍රියාත්මක කිරිම සදහා රුපියල් ලක්ෂ 35 ක මුදලක් යොදා ගැනීමට විශේෂ සභා රැස්වීමකදී සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ එකඟත්වය හිමිවූ බව හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා පැවසීය. 27 March 2020
නිකරගුවා රාජ්‍යයෙන් ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි මධ්‍යම ඇමරිකානු රටක් වන නිකරගුවා රාජ්‍යයෙන් ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය වාර්තා වී තිබේ. 27 March 2020
රතුගල ආදීවාසීන්ට ආහාර හිඟයක් බිබිල රතුගල ආදිවාසි ගම්මානයේ ජීවිත්වන පවුල් 98 ක ජනයා මේ දින වල උග්‍ර ආහාර හිගයකට මුහුණ දී සිටින බව එහි නායක සුදා වන්නිල ඇත්තෝ පවසයි. 27 March 2020
ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් ලෝකයේ සියලුම රටවල් අභිබවා යමින් අද(27) වනවිට වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි. 27 March 2020
කොරෝනා මඬින්න බෝපේ පොද්දල ප්‍රා.සභාවෙන් ලක්ෂ 40ක් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොරෝනා සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ 40ක් යොදා ගැනීමට විශේෂ සභා රැස්වීමක දී සියලුම මන්ත්‍රීවරුන්ගේ එකඟත්වයෙන් අවස්ථාව හිමි වූ බව බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් එන් අබේකෝන් මහතා පවසයි. 27 March 2020
වෙලේ සුදාට-මොහොමඩ් නියාස්ට දෙන්න මුදල් ගෙනා අයෙක් අත්අඩංගුවට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ අපරාධකරුවන් දෙදෙනෙකු වන සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සහ මොහොමඩ් නියාස් යන දෙදෙනාට ලබා දිම සඳහා රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් රැගෙනවිත් බන්ධනාගාරය අසල රැඳි සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන අද (27)අලුයම රත්ගම පොලිසිය වෙත බාරදි තිබේ. 27 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026