ඩී.ජී.සුගතපාල
රත්ගම පොල්ගස් දුව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ හදිසි අපවත්විම ඝාතනයක් බව පවසා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ප්‍රදේශවාසින් පිරිසක් අද (15) උදේ හික්කඩුව නගරයේදි උද්ඝෝෂණයක් පවත්වන ලදි.
ජිනවංශ හිමියන්ගේ දේහය රත්ගම කලපුවේ පාවෙමින් තිබියදි ඉකුත් 8 වනදින සවස සොයාගනු ලැබු අතර පසුදින ගාල්ල මහේස්ත්‍රාත්වරයා ගොස් මූලික මහේස්ත්‍රාත් පරික්ෂණය පවත්වා පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට නියෝග කලේය.
ඒ අනුව කරාපිටිය රෝහලේදි පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු අධිකරණ වෛද්‍ය නිලධාරිවරිය මරණය සම්බන්ධයෙන් විවෘත තින්දුවක් ප්‍රකාශයට පත් කරමින් වැඩිදුර පරික්ෂණ සඳහා සිරුරේ කොටස් වෛද්‍ය පර්යේෂණායතනයට යවා වාර්තාව ලැබුන පසු මරණයට හේතුව ප්‍රකාශ කරන බව පැවසුවාය.
මෙම අභිරහස් අපවත්විම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවද පොලිස් කණ්ඩායම් කිහිපයක්ද පරික්ෂණ ආරම්බ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙක රටට වෙන බව අපි දැනගෙන හිටියා. තව ඉස්සරහට හැමදෙයක්ම කරගන්න වෙන්නේ උද්ඝෝෂණය කරලා තමයි. ටික දවසකින් ඔකත් නවත්තයි. හැමෝම එකතුවෙලා මෙ අසාර්ථක රජයට පාඩමක් ඉගන්විය යුතුයි. හරියට මහජන අදහස් හදුනගෙන රට පාලනය කරන්න.
රත්ගම කළපුව සංචාරක ව්‍යාපෘතියක් ලෙස ජලය මතු පිටට ගොඩ බෑ හැකි "සී ප්ලේන්" ව්‍යාපෘතියකට යොදාගැනීමට විදේශික ආයෝජකයෙක් ගන්නා උත්සාහයකට සහ ආරණ්‍ය සේනාසනය පිහිටා ඇති පොල්ගස්දූව සහ මැටිදූව නම් අක්කර දහතුන හමාරකින් යුත් මනරම් දූපත් ප්‍රධාන ගොඩබිමට යා කෙරෙන කොන්ක්‍රීට් පාලමක් ඉදි කිරීමට නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ හෙවත් "සුදු හාමුදුරුවෝ" විරුද්ධත්වය ප්‍රකාශ කරඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තියෙනවා.
සිංහල බෞද්ධයින් මහා බෞද්ධ රාජධානියට මේ සිදු වෙමින් තිබෙන්නේ කුමක් ද? - මේ කර ඇත්තේ එසේ මෙසේ පවක් නොවන, සියලුම බෞද්ධයින්ට වැටහේවා, ඊනීයා කල්ලි කන්ඩායම් මේ ගැන කටක් නො අරින්නේ ඇයි?
කෝ හැමදේම පෙරට... මීඩියා ඉස්සරහ ඝෝෂාකළා ශාසනේ රකින්න. පුරාවස්තු රකින්න, බෞද්ධයෝ රකින්න. වැඩම කළ සංඝයා වහන්සේලා....
මේ ඝෝර වූ සසර දුකින් එතෙර වීමට, අපේ මේ දිවයිනට වැඩම නොකර තායිලන්තයේ හෝ වෙන කුමන රටක හෝ බවුන් වඩමින් කල් ගත කලා නම් උන්වහන්සේ තාමත් ජීවතුන් අතර.....මේ පව්කාර කුරිරු යක්ෂයන්ට ජාති ජාතිත් මේ පව් ගෙවාගන්නට බැරිවෙයි..
බයියන්ට මෙවා වැඩක් නැහැ. ජාතිවාදය තිබ්බොත් ඇති. ඒක තමයි ආණ්ඩුවෙ පැවැත්ම...
ඒ අය සැතපී ඇත... කඩේ යාමට අවශ්‍ය වූ විට අවදිවෙනු ඇත.
පුදුමය කියන්නේ අපේ මහා සංඝ රත්නය මේ වගේ දේවල් වලදී නිහඬව ඉන්න එක. හැම දේකදිම උඩ පැනගෙන එන එකේ මොකද මෙතන නිහඬව ඉන්නේ?