ඇඳිරි නීතිය කැඩුවොත් පොලිස් ඇපත් නෑ ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අද (27) සිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට පොලිස් ඇප ලබා නොදෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 27 March 2020
බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම්ටත් කොරෝනා තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් (අමාත්‍ය) මැතිව් හැන්කොක් මහතා අද (27) පැවැසීය. 27 March 2020
සෞඛ්යාරක්ෂක අරමුදලට අස්ගිරියෙන් මිලියන 5 ක් හා සහල් තොගයක් කෝවිඩ් - 19 සෞඛ්‍ය ආරක්ෂක අරමුදල සදහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රුපියල් මිලියන 5 ක් ලබා දිම අස්ගිරි මහා විහාර පරිශ්‍රෙය්දි අද (27) සිදුකෙරිණි. 27 March 2020
කසක්ස්ථානයේ අගනුවර වසාදමයි කසක්ස්ථානයේ කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් අගනුවර වන නුර්-සුල්තාන් සහ දෙවැනියට විශාලම නගරය වන අල්මාටි වසා දැමීමට බලධාරීහු තීරණය කළහ. 27 March 2020
සරසවි ප්‍රවේශ ලියාපදිංචිය කල් යයි 2020 වර්ෂය වෙනුවෙන් විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට ලබාදී තිබූ කාල සීමාව තව සති 2කින් කල්දැමීමට කටයුතු කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේය. 27 March 2020
ඉන්දුනීසියාවේ කොරෝනා අසාදිතයින් ඉහළට ඉන්දුනීසියාවේ කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව එක් දිනක් තුළ 123කින් ඉහල ගොස් තිබේ. 27 March 2020
දකුණේ රෝහල්වල කොරෝනා යැයි සැක පිරිස් වෙන් කරන්න ලක්ෂ 22 ක් දකුණු පලාතේ මූලික රෝහල් වලට පැමිණෙන කොරෝනා ආසාදිතයන් යැයි සැකකෙරෙන පුද්ගලයන් වෙන් කොට තැබීමට අවශ්‍ය පරිදි වාට්ටු සැකසීමට තීරණය කර තිබේ . 27 March 2020
සිංගප්පූරුවේ ප්‍රසිද්ධ ස්ථානවල මීටරයක පරතරයක් නොමැතිනම් දඬුවම් ප්‍රසිද්ධ ස්ථානවලදී පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටරයක අවම පරතරය පවත්වා නොගැනිම දඩුවම් ලැබිය හැකි වරදක් බවට සිංගප්පූරු රජය විසින් ප්‍රකාශයටපත් කර තිබේ. 27 March 2020
එතෙර ලාංකිකයින්ට රජයෙන් සජීවි අන්තර්ජාල පිවිසුමක් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ නැමැති සජීවි අන්තර් ජාල පිවිසුමක් විදේශ සබඳතා අමාත්‍යාංශයේදී දියත් කෙරිණි. 27 March 2020
අටුළුගම ගම්මානයට අගුළු දමයි නව කොරෝනා වයිරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින් කලුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග්‍රාමය අද (2) පස්වරුවේ සිට සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. 27 March 2020
ළමා නිවාසවලට සතොසින් වියළි ආහාර ආහාර පාන හා වෙනත් ද්‍රව්‍යවල අවශ්‍යතා සහිත ළමා නිවාසවලට ස.තො.ස මගින් එම ද්‍රව්‍ය සපයාදීමට පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස්වරුන් වෙත උපදෙස් ලබා දී ඇති බව පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 27 March 2020
බෙහෙත් ගෙදරටම ගෙන්වා ගන්න ක්‍රමයක් ඖෂධ නිවසට ගෙන්වා ගැනීම ක්‍රමවේදයක් රජය විසින් හඳුන්වා දී තිබේ. 27 March 2020
දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම් දිස්ත්‍රික්ක අතර ගමනාගමන තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ. 27 March 2020
බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා තමන්ට කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වූ බවත් ස්වයං-නිරෝධායන ක්‍රියාවලියට යොමුවන බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද (27) පැවැසීය. 27 March 2020
මහජන පැමිණිලි බාර ගන්න ජනපති කාර්යාලය පැය 24 පුරා විවෘතයි පවතින තත්ත්වය පදනම් කරගනිමින් ජනතා පැමිණිලි බාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24 පුරා විවෘත කර තැබීමට පියවර ගෙන ඇත. 27 March 2020
ඩොලරය 192 ආසන්නයේ ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (27) ඉතිහාසගත ලෙස පහළ ගියේය. 27 March 2020
බේකරි නිෂ්පාදන වතු ඇතුළටම කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානමත් සමඟ පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වතුකරයට සහ ගම්මාන වලට බෙදා හැරීමේ වැඩසටහනක් හැටන් බේකරි හිමියන්ගේ සංගමය විසින් අද (27) සිට ආරම්භ කර ඇත. 27 March 2020
ඇඳීරිනීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට උපදෙස් ඇඳීරීනීති නියෝග අකුරටම කි‍්‍රයාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 27 March 2020
කොරෝනා සහන වැඩට නියාගම ප්‍රා. සභාවෙන් ලක්ෂ 50 ක් කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින නියාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි මහජනතාවට සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ පනහක මුදලක් වෙන්කර ඇතිබව නියාගම ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසාද් වීරක්කොඩි මහතා පවසයි. 27 March 2020
උදයංග වීරතුංග ජාතික රෝහලට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවූ බව කියන සිද්ධියට සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා හදීසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි. 27 March 2020
දේව මෙහෙයක් පැවැත්වූ 17 දෙනකුට නීතීමය පියවර පවතින ඇඳිරිනීතිය සහ අවදානම් තත්ත්වය නොසලකමින් (27) සිකුරාදා දේව මෙහෙයකට සහභාගීවු හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ සභාපතිවරයා ඇතුළු 17 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හොරොව්පොතාන පොලිසිය කියයි. 27 March 2020
භික්ෂූන් වහන්සේලාට දානය - ගිලන්පස දිවයින පුරා විහාරස්ථානයන්හි දිනපතා දානය හා ගිලන්පස නොලැබෙන භික්ෂුන් වහන්සේලාට දානය ලබා දීම සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සංවිධානය කර තිබේ. 27 March 2020
පැය 24 දී තායිලන්තයේ කොරෝනා අසාදිතයෝ 91 ක් තායිලන්තයේ පසුගිය පැය 24 තුළ කොරෝනා වයිරස ආසාදනය වු පුද්ගලයින් 91 දෙනකු සහ එක් මරණයක් වාර්තා වී ඇත. 27 March 2020
ඇඳිරිනීතිය කඩ කළ 4217 ක් අත්අඩංගුවට කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා ඉකුත් (20) දින සිට මේ දක්වා දිවයින පුරා පනවා ඇති පොලිස් ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයන් 4217 දෙනෙක් අද (27) පස්වරු 12.00 වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය. 27 March 2020
රාජ්‍ය ඔසුසැල් හැර සියලු වෙළෙඳසැල් වසා දමයි වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ඔසු සල් හැර සියලු ඖෂධ හල් හා සියලු වෙළදසැල් වසා දැමීමට නියෝග කර තිබේ. 27 March 2020
දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට දකුණු අප්‍රිකාවේ කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 1000 සීමාව පසුකර ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 27 March 2020
කොරෝන ආසාදියින් හඳුනාගන්න රත්නපුර රෝහලට නව පී සී ආර් යන්ත්‍රයක් කොරෝනා වයිරසය හඳුනාගැනීමට වෛද්‍ය පර්යේෂණ සඳහා අත්‍යවශ්‍ය නවීන පීසීආර් යන්ත්‍රයක් රත්නපුර ශීක්ෂණ රෝහලේ ස්ථාපිත කළ බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනූජ් රුද්‍රිගු මහතා පවසයි. 27 March 2020
ඇමරිකාවේ රෝගීන් දෙදෙනකුට එක ස්වසන සංවාතන යන්ත්‍රයක් වෛද්‍ය සැපයුම්වල හිඟයක් ඇතිවීමේ අවදානමක් හටගැනීමත් සමඟ රෝගීන් දෙදෙනකුට එක් ස්වසන සංවාතන යන්ත්‍රයක් (වෙන්ටිලේටර්ස්) භාවිත කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර රෝහල් තීරණය කර ඇත. 27 March 2020
කොරෝනා සහන වැඩට වැලිගම ප්‍රා. සභාවෙන් එක් කෝටි විසි ලක්ෂයක් කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින වැලිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි මහජනතාවට සහන සැලසීම සදහා එම ප්‍රාදේශීය සභාව රුපියල් එක් කෝටි විසි ලක්ෂයක මුදලක් වෙන්කර ඇතැයි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා පවසයි. 27 March 2020
යුද හමුදාපති දඹුලු ආර්ථික මධ්‍යස්ථානයට යයි ඉහළ ගිය එළවළු මිල පිළිබඳව සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි වෙළඳ කණ්ඩායම් පිළිබඳව සොයා බැලීම සඳහා යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද 27 දහවල් හදිසියේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වන්නට විය. 27 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026