
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මරදාන ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයක් ලබා දී වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත වයස අවුරුදු 43 ක් වූ පුද්ගලයකු පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
ක්ෂය රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණ සිටි මෙම පුද්ගලයාට පසුව සිදුකළ පි සි ආර් පරීක්ෂණයකදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබූ බව පොලිස්පතිවරයා පැවසීය.
පලා ගිය මෙම පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවට විමර්ශනවලදී අනාවරණ වූ බවත් එම පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd