
(නිමල කොඩිතුවක්කු)
බේරුවල දුම්රිය ස්ථානයේ සේවය කරනු ලබන දුම්රිය සේවකයකු කොවිඩ්-19 රෝගියෙකු බව තහවුරු වීමත් සමග එම දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දැමීමට දුම්රිය බලධාරීන් අද (15) පියවර ගත්තේය.
ඒ සමග එම දුම්රිය ස්ථානයේ සේවය කල දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු හා කාර්යමණ්ඩලයේ සේවකයන් 04 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.
බේරුවල දුම්රිය ස්ථානය විෂබීජහරණයට ලක් කර හැකි ඉක්මනින් නව කාර්යමණ්ඩලයක් යොදා එහි දුම්රිය කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගැනීමට කටයුතු කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
බේරුවල දුම්රිය මගී ජනතාවගේ ගමන් පහසුව පිණිස එම දුම්රිය ස්ථානයේ නවත්වනු ලැබු සියලුම දුම්රියන් මග්ගොන හා හෙට්ටිමුල්ල යන උප දුම්රිය ස්ථාන වල නැවැත්වීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්තරා ප්‍රජාවක් තමන් ගැන පමණක් සිතීම මුළු රටම භයානක ස්ථානයකට ගෙන ගොස් හමාරයි.