සමාජයේ පිළිකුලට ලක්වූ බන්ධනාගාර
වෙළේ සුදා, කංජිපානි, ඉම්රාන් ඇතුළු පාතාලයේ මුදල්වලින් තම දරුවන් පෝෂණය නොකරන ලෙසට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. බන්ධනාගාරයේ දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් මාධ්‍යවල පළවන වාර්තා අනුව නිල ඇඳුම තමන්ට ඇඳීමට සුදුසුද නැද්ද කියා හෘද සාක්ෂියෙන් විමසිය යුතු බව ද ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.