ගලගොඩඅත්තේ හිමි පාර්ශ්වයේ පෙත්සම ඉල්ලා අස්කරගනී
ඉදිරි මහ මැතිවරණය සඳහා කලුතර , කොළඹ , කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්ක වෙනුවෙන් තම නායකත්වයෙන් යුතු අපේ ජනබල පක්ෂය බාරදුන් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු එම පක්ෂයේ පිරිසක් ගොනු කළ රිට් පෙත්සම් එම පෙත්සම්කාර පාර්ශවය විසින් අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී.