IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇමැති ප්‍රසන්න ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් යන්න යයි

 



(තිළිණි ද සිල්වා) 

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංචාරක අමාත්‍ය කාර්යාලයෙන් ඉවත් වීමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා තීරණය කර ඇත.                   

සංචාරක අමාත්‍ය කාර්යාලය මෙතෙක් පිහිටියේ  ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 25 වන මහලේ වන අතර ඊට විශාල මුදලක් වැයවීම හා ජනතාවගේ පහසුව සලකා මෙම තීරණයට එළැඹි බවද සංචාරක  අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
මෙතෙක් රක්ෂණ මන්දිරයේ පිහිටි සංචාරක අමාත්‍යංශය ලබන වසරේ මුල් කාර්තුවේ සිට අලුතින් පිහිට වූ කොළඹ 01,යෝර්ක් වීදිය 51-ඊ පිහිටි ඇසෙට් ආකේඩ් ගොඩනැගිල්ලටම රැගෙන යන අතර ඒ අනුව සිය අමාත්‍ය කාර්යාලය ද එම ගොඩනැගිල්ලට ගෙනයාමට තිරණය කල බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
 
 
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ අමාත්‍යංශය එක තැනකත් අමාත්‍ය කාර්යාලය තවත් තැනකත් පැවතීම නිසා ජනතාවට දුෂ්කරතාවයන්ට පත්වීමට සිදුවන බැවින් ජනතා සේවය වඩාත් කාර්යක්ෂම ඉටුකිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු කියා සිටියේය                 
 
කඩිනමින් එම ස්ථානයට සිය කාර්යාලය ගෙනයාමට අවශ්‍ය වුවද ඉඩකඩ පිළිබඳ පශ්නයක් නිසා තව මාස කීපයක් ඒ සඳහා ගතවිය හැකි බවද ඔහු කීවේය.
 
ජනතාවාදී අමාත්‍යංශයක් ලෙස සංචාරක අමාත්‍යංශය ජනතාව අතරට ගෙනයාමත් හොඳම අමාත්‍යංශ වලින් එකක් ලෙස සංචාරක අමාත්‍යංශය ඉහලට ගෙන ඒමත් සිය අපේක්ෂාව බව ඔහු එහිදී කීවේය.
 
කොවිඩ් 19 වසංගත තත්වයත් සමඟ බිඳ වැටී ඇති සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්වයට පත් කිරීමේදී සංචාරක අමාත්‍යංශයට සුවිශාල වගකීමක් ඇති බවත් , 2025 වන විට ලංකාවට විදේශ විනිමය ගෙනෙන ප්‍රධානතම කර්මාන්තය බවට සංචාරක කර්මාන්තය පත් කිරීම රජයේ අපේක්ෂාව යැයිද අමාත්‍යවරයා කියා සිටියේය.

 

 



අදහස් (2)

ඇමැති ප්‍රසන්න ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් යන්න යයි

69lakshaya Tuesday, 22 December 2020 09:17 PM

බලන්න මොන තරම් රට ගැනයි, රටේ ජනතාව ගැනයි හිතන ඇමැතිතුමෙක්ද කියලා...

:       0       0

නිමල් - ගම්පහ Wednesday, 23 December 2020 12:02 AM

මේ ගොල්ලො යනවා නම් තමයි වඩා හොඳ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site