(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල දෙද්දුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයාගේ මළ සිරුරු ආදාහනය නොකර ශීතාගාරයක තබන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මත්මිය අද (21) නියෝග කළාය.
අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළේ, එම මරණය අධිකරණ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත කොරෝනා මරණයක් බවට තීරණය කිරීමෙන් පසුව ආදාහනය කිරීම සඳහා යොමු කරන බවට ගාල්ල ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂකවරයා තීන්දු කිරීමෙන් පසුව එයට එරෙහිව ඥාතීන් විසින් ගොනුකළ පැමිණිල්ල විභාගයට ගැනීමෙන් අනතුරුවය.
මියගොස් ඇත්තේ 84 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි. ඔහු තිදරු පියෙකු වන අතර, කොරෝනා වයිරසය ආසාදිතව සිට රෝහල්ගත කිරීමෙන් පසුව හෘද රෝගයක් හේතුවෙන් මිය ගියේය.
මෙම තැනැත්තාගේ දේහය නිරෝධායන නීති යටතේ රජයේ නියමයන්ට අනුව ආදාහනය කරන ලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා නියෝග කර තිබියදී, ආදාහනය කරන්නේ නම් දේහය බාරනොගන්නා බව මිය ගිය අයගේ පුතා සඳහන් කර තිබේ.
කොරෝනා මරණ භූමදාන කිරීමේ හැකියාව පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු අධ්‍යයනය කරමින් සිටින බැවින් ඒ පිළිබඳ අවසන් තීන්දුව ලැබෙන තුරු සිරුර ආදාහනය කිරීම වැළැක්වීමේ නියෝගයක් දෙන ලෙස එහිදී මරණකරුගේ ඥාතීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. කොරෝනා මරණ භූමදාන කිරීමේ හැකියාව පිළිබඳ අගමැතිවරයා සමඟ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඇතුළු නියෝජිතයන් සෞඛ්‍ය නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වූ රැස්වීමක දී සාකච්ඡා කළ පරිදි ශීතාගාර පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍යවරයාට යවන ලද ලිපියක් ද පැමිණිලි පාර්ශවය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
එම කරුණු සැළකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය මළ සිරුරු භූමදානය කිරීමට හැකියාවක් පවතින්නේ ද යන්න පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසන් තීරණයක් ලැබෙන තුරු මෙම තැනැත්තාගේ මළ සිරුර ශීතාගාරයක් තුළ තැන්පත් කර තබන ලෙස නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතක් පපුවක් තිබෙන මහේස්ත්‍රාත් කෙනෙක්. අවසානයේ තීන්දුව මොනවාද කියලා රටේ ජනතාව තීන්දු කරලා ඉවරයි. දෙවියන්ගේ ශාපයට පත්වේවා.
දේශපාලන බලයට යටවී තීරණ වෙනස් කළොත් එය මේ රජය ගැනද තීන්දුව ගන්නා තැනක් වනු ඇත. මෙය අනතුරු ඇඟවීමකි.
බලමුකෝ ඒකට ලැඛෙන තීන්දුව මොකක්ද කියලා? නිකම් සවුත්තු වෙන්නේ නැතිව නම්බුව තියාගෙන ඔනෑ කෙනෙකුට කැමැති විදිහට ඒ දේවල් කරගන්න ඉඩ දෙන්න ඔනෑ..නැතිනම් කාටත් නීතිය එක විදිහට ක්‍රියාත්මක කරන්න ඔනෑ. ඔයාලට මිනිය බාරගන්න බැරි නම් රජයෙන් හරි ආදාහනය කරන්න ඔනෑ..
කෙනෙක් මියගිය පසු හැකි ඉක්මනින් භූමදානය කරන එකනේද ඉස්ලාම් සම්ප්‍රදාය? දැන් මේකටත් පෙළපාලි යයිද දන්නේ නැහැ.
සෞඛ්‍ය අංශ කොවිඩ් ආසාදිත මෘතදේහ භූමදානය නොකරන ලෙස නිර්දේශ කොට තිබියදීත්, අළි සබ්රි මහතා හා අගමැතිවරයා ඊට සම්බන්ධවී මේ කරගෙන යන වැඩපිළිවෙළ කුමක්ද ? අධිකරණය නියෝග කොට තිබියදීත්, මේ මෘතදේහය පොදුජන යහපත සඳහා පුළුස්සා දැමීම කළයුතුයි නේද? මේ වසංගතයෙන් රට විනාශ වෙනවා. මළමිනී මගින් තවත් බෝකර ගැනීමට නේද මේ දඟලන්නේ? අනේ මන්දා මේ මිනිසුන්ගේ මොළේ කොලොප්පන් වෙලාද කියලා.
ෆාතිමා, වැඩිපුරම මියයන්නේ මුසල්මානුවන්... ඒ මොකද?
එහෙම නං කතෝලික මරණ භූමදානය කරන්නත් පුලුවන් වෙන්න ඕන.
ෆාතිමා, මොකද අටලුගම මුස්ලිම් අය කෙළ ගහන්නේ...? අල්ලා ළගට ඉක්මණට යන්නද?
මැරිච්ච ගමන් පශ්චාත් මරණ පරීක්ෂණත් නොතියා පැය 24ට කලිං වලලන්න දඟලන, එහෙම බැරි වුණාම ඒකට විරුද්ධව පෙළපාලි ඉස්පිරිතාලෙටත් ගල්ගහන යන අයමද මේ ශීතාගාරවල තියන්න කියන්නෙ.... දැං මොන විහිළුද මේ? කොරෝනාවට හපං වයිරසයක් තමයි මේක නං....
අලි සබ්‍රිතුමා අපිට අවශ්‍ය දේ කරලා දෙනවා.
ෆාතිමා, දෙවියන් ඇයි ශාප කරන්නේ? මිනිසුන් එසේ කරන්නේ කිසිවක් කරකියාගත නොහැකි වූ විටයි...
වෙන රටවල් අර කොරෝනා සඳහා වූ එන්නත් ගබඩා කරන්න අවශ්‍ය අධි ශීතකරණ ගන්නවා. මේ අය මිනී ගබඩා කරන්න උසාවි නියෝග ගන්න දඟලනවා.
ෆාතිමා ඔයත් අටලුගම නේද? පාරදිගේ උඩ බලන් කෙල ගහගන්න කෙනෙක් නේද ඔයා?
මේක නිකන් අන්දරේ හරකුන්ට කිව්වා වගේ තමයි...