නාවික හමුදා රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව ප්‍ර.ස. මන්ත්‍රී අත්අඩංගුවට ආරච්චිකට්ටුව කරුක්කුපනයේ නාවිකහමුදා අණුුඛණ්ඩයේ රාජකාරියේ යෙදී සිටි නාවික හමුදා නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරයෙකු අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 30 March 2020
රත්නපුරෙන් අයි ඩී එච් යැවූ තරුණියට කොරෝනා නෑ රත්නපුර ශික්ෂණ රෝහලේ සිට අයි.ඩී.එච් රෝහලට මාරු කර යැවූ 18 හැවිරිදි තරුණියකට කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වීම හේතුවෙන් යළි රත්නපුර රෝහලට ඒවා තිබේ. 30 March 2020
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු අලෙවි නොවීමෙන් ගොවීහු අසීරුතාවක දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පැය 24 පුරාම විවෘත කර තිබෙන අතර එළවළු අලෙවි නොවී විශාල වශයෙන් ගොඩ ගැසී ඇති බව ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පවසති. 30 March 2020
බ්‍රිතාන්‍යයේ සියලු ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් බ්‍රිතාන්‍යයේ සියලු ප්‍රදේශවල දැන් හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක වන බව අමාත්‍ය රොබට් ජින්රික් මහතා පවසයි. 30 March 2020
කැකිරාවේ සියලු ව්‍යාපාරික ස්ථාන වසා දමයි පවතින අනාරක්ෂීත හා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන අද (30 ) දිනයේ කැකිරාව පොලිස් බල ප්‍රදේශයට අයත් කැකිරාව හා ගනේවල්පොල නගරවල ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට තිරණය කර ඇති බව කැකිරාව පොලිසිය කියයි. 30 March 2020
කොරෝනා වයිරසයෙන් ඇමරිකාවේ 80,000 ක් පමණ මිය යා හැකියි ඉදිරි මාස හතර ඇතුළතදී කොරෝනා වසංගතයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 81,000 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කරන ලද දත්ත විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත. 29 March 2020
ජපුර සිසුවකුගෙන් ‘වෙන්ටිලේටර්’ ආකෘතියක් කොරෝනා රෝගීන්ට අවශ්‍ය කෙරෙන ලොවටම හිඟවී ඇති කෘත්‍රිම ස්වසන යන්ත්‍රවල (වෙන්ටිලේටර්ස්) මූලික ක්‍රියාකාරීත්වයට සමාන ක්රියාකාරීත්වයක් ඇති ආකෘතියක් නිර්මාණය කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ‘මැකාට්රෝනික්ස් ඉංජිනියරින්’ අධ්‍යයන අංශයේ පී.ඩී.එස්. අශාන් සිසුවා සමත්ව සිටී. 29 March 2020
ගුරුතලාවේ පුද්ගලයින් 7 දෙනෙකු ස්වයං නිරෝධායනයට අටුළුගම ප්‍රදේශයේ සිට ගුරුතලාවට පැමිණි පුද්ගලයින් තිදෙනෙක් ඇතුළු හත් දෙනෙකු අද (29) නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 29 March 2020
නිරෝධායනය නොවී හොරෙන් පෙම්වතියගේ නිවසට ගිය තරුණයකු අල්ලයි කොරියාවේ සිට පැමිණි කලුතර තරුණයකුට ස්වයං නිරෝධනයට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබියදී හොර රහසින් පැන ගොස් මහනුවර මයිලපිටිය පදිංචි ඔහුගේ පෙම්වතියගේ නිවසේ සිටියදී තලාතුඔය පොලිසියේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. 29 March 2020
රතුගල ආදිවාසීන්ට වියළි ආහාර පරිත්‍යාග කරයි බිබිල ’’රතුගල ආදිවාසින්ට ආහාර අර්බුදයක්’’ මැයෙන් පසුගිය දිනක ලංකාදීප වෙබ් අඩවියේ පලවු ප්‍රවෘත්තිය දැක ඌව ආණ්ඩුකාර අධිනිතිඥ රාජා කොල්ලුරේ මහතාගේ උපදෙස් මත අද (29) ගම්මානයටම රුපියල් ලක්ෂ එක හමාරක වියළි ආහාර හා එළවලු නොමිලයේ ලබාදීම සිදුවිය. 29 March 2020
බේරුවල, පන්නිල ග්‍රාමය වසා දමයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් බේරුවල පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ කොරෝනා වයිරස ආසාදිතයකු අද (29) රාත්‍රියේ සෞඛ්‍ය අංශ මැදිහත්ව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවසීය . 29 March 2020
වෙන්ටිලේටර් යන්ත්‍ර නිෂ්පාදනයට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහාය කෘත්‍රීම ස්වසන යන්ත්‍ර හෙවත් ස්වසන සංවාතන යන්ත්‍රවල (වෙන්ටිලේටර්ස්) සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනය සඳහා සහාය දෙන්නැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කාර්මික සංවර්ධන මණ්ඩලයට උපදෙස්දී ඇත. 29 March 2020
කොරෝනා මඬින්න රැකියා විරහිත උපාධිධාරීන්ගේ සහය කොරෝනා වයිරසය පාලන ක්‍රියාවලිය සඳහා රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට තාවකාලිකව අනුයුක්ත කිරීමට තීරණ කර ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි. 29 March 2020
සාදයක් පැවැත්වූ පිරිසක් වාරියපොළදී අත්අඩංගුවට ඇදිරි නීතිය අවස්ථාවේ රැස්ව බීමත්ව ගී ගයමින් සිටි පිරිසක් අත් අඩංගුවට ගත් බව වාරියපොල පොලිසිය කියයි. 29 March 2020
ඇඳිරිය නොතකා ක්‍රීඩා කළ 8 ක් අත්අඩංගුවට තෙලිකඩ පොලිස් වසමේ වක්වැල්ල පිහිටි ක්‍රීඩාංගනයකට රැස්වී ක්‍රිකට් ක්‍රිඩාව කරමින් සිටි 8 දෙනකු තෙලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇත. 29 March 2020
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 117 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිතයින් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 29 March 2020
ඉන්දීය අගමැති මෝදි ජනතාවගෙන් සමාව ඉල්ලයි ‘ලොක්ඩවුන්’ ක්‍රියාමාර්ග නිසා ඇති වී තිබෙන දැවැන්ත අර්බුදය හේතුවෙන් සමාව දෙන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී එරට දුප්පත් ජනතාවගෙන් අද (29) ඉල්ලීමක් කළේය. 29 March 2020
පෙර පාසල් හා ප්‍රාථමික පාසල් විවෘත කළාට ස්වීඩනයට දොස් නව කොරෝනා වයිරස වසංගතය හමුවේ ස්වීඩනයේ සියළුම ප්‍රාථමික පාසල් සහ පෙරපාසල් විවෘතව තැබීමට ස්වීඩන් රජය පියවර ගෙන තිබේ. 29 March 2020
ලොව පුරා කොරෝනා මරණ 30,000 ඉක්මවයි කොරෝනා වයිරසය ආසාදනයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 30,000 ඉක්මවා තිබේ. 29 March 2020
වෛද්‍යවරුන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල 2000 ක් ඇපරල් ආයතනයෙන් කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරුන්ට භාවිතයට ගත හැකි ආක්ෂිත ඇදුම් කට්ටල 2000 ක් ලබාදීමට නාඋල - ඔරිට් ඇපරල් ආයතනය අද(29) පස්වරුවේ පියවර ගත්තේය. 29 March 2020
කොරෝනා සහන වැඩට කොටපොල ප්‍රාදේශීය සභාවෙන් ලක්ෂ 10 ක් කොරෝනා වයිරස මර්ධන කටයුතු සහ ජනතාවට සහන ලබාදිම සදහා කොටපොල ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ 10 ක් වෙන්කර ඇතැයි කොටපොල ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා පැවසීය. 29 March 2020
යූජීසී වෙබ් අඩවියට පිවිසීම නොමිලේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය පරිශ්‍රීලනය කිරීම සහ එහි සියලුම සේවාවන් භාවිත කිරීම සඳහා අන්තර්ජාල ගාස්තු අය නොකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි. 29 March 2020
මහජන බැංකුවේ ටෙලර් යන්ත්‍රය ගෙයින් ගෙට යයි කොරෝනා වසංගත තත්ත්වය නිසා පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ රජයේ හා පෞද්ගලික අංශයේ බැංකු සේවා සීමාසහිතව ක්‍රියාත්මක වන අතර , අපහසුතාවයට පත් බැංකු පාරිභෝගිකයින් වෙනුවෙන් ’’ මහජන බැංකුව ’’ විසින් ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සේවාවක් ගම්පහ නගරයට ආසන්න අතුරු ප්‍රදේශවලදී අද(29) දවස පුරා පැවැත්විණි. 29 March 2020
කොරෝනා යැයි තහවුරු වූ කාන්තාවක් අයි ඩී එච් යවයි කොරෝනා බවට තහවුරු වු මොරටුවේ කල්දෙමුල්ල ප්‍රදේශයේ දෙවෙනි පටුමගේ පදිංචි 82) කාන්තාවක් ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (29) අයි.ඩී.එච් වෙත මාරු කර යවා ඇති බව මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පවසයි. 29 March 2020
කොරෝනා යැයි සැක රුමේනියානු නාවික ආරක්ෂකයා ඇතුළු දෙදෙනකු කරාපිටියට කොරෝනා වයිරසය ආසාදිත බවට සැක කරන රුමේනියානු ජාතික නාවික ආරක්ෂකයෙකු සහ ලාංකිකයින් දෙදෙනෙකු අද (29)සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය. 29 March 2020
ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තය නිරෝධායනය කෙරේ කොරෝනා වෛසරය පැතිරීම වැළැක්වීම සඳහා නිව්යෝක් ප්‍රාන්තය නිරෝධායනය කිරීම සඳහා සලකා බලන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. 29 March 2020
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර හතරක් හෙට වැසේ ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට (30) වැලිමඩ , බණ්ඩාරවෙල , හපුතලේ සහ දියතලාව යන නගර හතරම වසා දැමීමට පියවර ගත්බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා පැවසීය. 29 March 2020
හොරොව්පොතාන නගරය හෙට වැසේ පවතින අවදානම් තත්වය පිළිබඳ සලකා බලා ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට (30) දින හොරොව්පොතාන නගරය වසා දැමීමට කොරෝනා කාර්යසාධක බලකාය අද (29) තීරණය කළ බව ප්‍රාදේශීය ලේකම් ආර්.සෙන්තිල් මහතා පැවසීය. 29 March 2020
උගුර,කන,නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ජනතාවට උපදෙස් උගුර, කන සහ නාසය ආශ්‍රිතව මතුවිය හැකි ගැටලු සම්බන්ධයෙන් මේ දිනවල මහජනයා ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව විශේෂ උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා උගුර කන නාසය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් ඇත. 29 March 2020
පාස්කු දා සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට පාස්කු දින මඩකලපුව සියොන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු මෙහෙයවූ ප්‍රධාන සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ දී අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 29 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026