අසරණ වු ජනතාවට සහන සළසන්නැයි ඌවේ පළාත් පාලන අයතනයන්ට දැනුම් දෙයි ඌව පළාතේ පළාත් පාලන ආයතන වල මහ සභා කඩිනමින් රැස්කර මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය මත පළාත් පාලන අරමුදල් තිබේනම් ඒවායින් අසරණ වූ ජනතාවට ආහාර දව්‍ය ලබා දෙන ලෙස ආණ්ඩුකාරවර අධිනිතිඥ රාජා කොල්ලුරේ මහතා නගරාධිපතිවරුන්ට හා සභාපතිවරුන්ට දන්වා තිබේ. 29 March 2020
‘නාගොඩ රෝහලට පැමිණිම සීමා කරන්න’ පවතින වත්මන් තත්ත්වය හමුවේ කළුතර නාගොඩ රෝහල වෙත වෙනත් බාහිර අසනීප සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණීම හැකිතාක් සීමාකරන ලෙස කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා අළුත්ගම, බේරුවල සහ දර්ගා නගරවාසීන්ගෙන් ඉල්ලා සිටී. 29 March 2020
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විෂබීජ හරණයට බාධා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විෂබීජ හරණය කිරීමේදී අද(29) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට බාධා එල්ලවීම නිසා එහි නිසියාකාර විෂ බීජහරණය කරගැනීමට නොහැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 29 March 2020
නාත්තණ්ඩියේ පවුල් 13 ක් නිරෝධායනයට කොරෝනා වයිරස ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගැනීමත් සමඟ නාත්තණ්ඩිය ප්‍රදේශයේ පවුල් 13 ක පුද්ගලයින් නිවාස වලම රඳවා නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්බව මාරාවිල පොලිසිය කියයි. 29 March 2020
අකුරණ ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයින් සොයයි මධ්‍යම පළාතේ පළමු කොරෝනා වයිරස් ආසාදිත පුද්ගලයා මහනුවර , අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වීමත් සමඟ එම ගම්මානය ඇතුළුව අකුරණ තෙළඹුගහවත්ත සහ අවට ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වසා දමා ඔහු ඇසුරු කළ පුද්ගලයින් සෙවීම මේ වන විට අරඹා තිබේ. 29 March 2020
දිස්ත්‍රික්ක 6ක ඇදිරීනීතිය දිගටම කොළඹ, ගම්පහ , කළුතර ,යාපනය , පුත්තලම සහ මහනුවර යන් දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙනතුරු ඇදිරිනීතිය දිගටම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. 29 March 2020
ශ්‍රී ලංකාවට ගුවන් මගීන් රැගෙන ඒමේ තහනම දීර්ඝ කරයි ශ්‍රී ලංකාවට ගුවන් මගීන් රැගෙන පැමිණෙන සියලුම මගී ගුවන් යානා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණිමට පනවා තිබූ තහනම අප්‍රේල් මස 07 වැනිදා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ . 29 March 2020
නිරෝධායනය අවසන් කළ හයවැනි කණ්ඩායම පිටව යයි යුද හමුදාවේ අධීක්ෂණය යටතේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ හයවැනි කණ්ඩායම අද (29) සිය නිවෙස් බලා පිටත්ව ගියහ. 29 March 2020
පුත්තලමේ කොරෝනා අසාදිතයා ඇසුරු කළ 100 කට ආසන්න පිරිසක් නිරෝධායනයට පුත්තලම කඩුමයන්කුලම් ප්‍රදේශයේ දි හමුවු කොරෝනා ආසාදිතයා ඇසුරුකළ හා ගැවසුණු පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් නිරෝධායනය කිරිමට කටයුතු කරන බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි. 29 March 2020
පුත්තලම කඩයන්කුලම - අකුරණ ගම් දෙකක් මුළුමනින්ම වසා දමයි පුත්තලම සහ මහනුවර අකුරණ ප්‍රදේශයේ ගම් දෙකක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව සම්පුර්ණයෙන්ම වසැ දැමීමට පියවර ගත් බව පොලීසිය කියයි. 29 March 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත සංඛ්‍යාව 115 දක්වා ඉහළට ශ්‍රී ලංකාවෙි කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 29 March 2020
කල්පිටියේ නාවික හමුදා කඳවුරක වෙඩි තැබීමකින් අයෙක් මරුට කල්පිටිය - මොහෙත්තුවාරම දූපතේ නාවික හමුදා කඳවුරක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව කල්පිටිය පොලිසිය කියයි. 29 March 2020
ඇඳිරිනීතියේදී බෙහෙත් තුණ්ඩුවක් ගෙන මත්කුඩු ජාවාරමේ ගිය අයෙක් අත්අඩංගුවට ඇදිරි නිතිය තිබියදි බෙහෙත් තුන්ඩුවක් රැගෙන බෙහෙත් රැගෙන යන මුවාවෙන් මත්කුඩු ජාවාරමේ යෙදි සිටි පුද්ගලයකු පිංකන්ද ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බැව් හික්කඩුව පොලිසිය පවසයි. 29 March 2020
කොරෝනා වයිරසයෙන් ඉතාලියේ මිය ගිය ගණන 10,000 ඉක්මවයි ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ මියගිය ගණන 10,000 ඉක්මවා ඇතැයි එරට සිවිල් ආරක්ෂක ආයතනයේ නිලධාරීහු ප්‍රකාශ කළහ. 29 March 2020
පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා මරණ 410 ක් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව කොරෝනා වයිරසය හේතුවෙන් ගෙවීගිය පැය 24 දී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මරණ 410 ක් වාර්තා වේ. 29 March 2020
ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට කෙරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් ශ්‍රී ලාංකිකයෙකු බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි. 28 March 2020
ලංවීම ඉංජිනේරු සංගමයෙන් පානදුර මහ රෝහලට උපකරණ පරිත්‍යාගයක් රුපියල් ලක්ෂ 11 ක් පමණ වටිනා සෞඛ්‍ය උපකරණ සහ අයි සී යූ ඇඳන් තුනක් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් අද (28) පානදුර මහ රෝහලට පරිත්‍යාග කළේය. 28 March 2020
ආහාර බෙදාදීම ගැන මුහුණපොතේ අපහාස සටහන් පළ කළ අයෙක්ට පරීක්ෂණයක් බද්දේගම ප්‍රාදේශිය ලේකම්වරයාගේ මැදිහත් වීමෙන් ඊයේ සහ අද දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් එම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාවට සහන මිලට ආහාර ද්‍රව්‍ය බෙදාදිම අපහාසයට ලක් කරමින් මුහුණු පොතේ සටහන් තබන ලද පුද්ගලයෙකුට එරෙහිව සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අද(28) සවස බද්දේගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 28 March 2020
හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට වහාම ක්‍රියාත්මක වන පරිදි හොරොව්පොතාන ‘කිව්ලේකඩේ’ ජුම්මා පල්ලියේ පූර්ණ භාරකාර මණ්ඩලයම ඉවත් කර තාවකාලිකව විශේෂ භාරකරුවකුට පවරා තිබේ. 28 March 2020
අටුළුගම ආසාදිතයාගේ පියාට-සහෝදරියටත් කොරෝනා අටුළුගම මාරාවෙන් හමු වූ කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත රෝගියාගේ පියා සහ සහෝදරියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි බණ්ඩාරගම සෞබ්‍ය සේවා ආරංචි මාර්ග සදහන් කරයි. 28 March 2020
කරාපිටිය රෝහලට විශේෂිත ඇඳුම් කට්ටල පරිත්‍යාගයක් කොරෝනා වයිරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී අත්‍යවශ්‍ය වන ආරක්ෂිත ඇඳුම් කට්ටල 125 ක්, රෙදි සෝදන යන්ත්‍රයක්,විශේෂිත ආරක්ෂිත කැමරාවක් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ප්රදානය කිරීම අද (28) සිදුවිය. 28 March 2020
ඉන්දියාවේ දුම්රිය කොරෝනා ප්‍රතිකාර වාට්ටු කරයි ඉන්දියාවේ දුම්රිය කිහිපයක් කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රථිකාර කිරීමේ වාට්ටු බවට නවීකරණය කිරීමට සැලසුම් කර ඇතැයි එරට බලධාරීහු පවසති. 28 March 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 113 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව අද (28) වැනිදා රාත්‍රි වන විට 113 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 28 March 2020
කොරෝනා ආසාදනය වී මියගිය ලාංකිකයාගේ අවසන් කටයුතු ස්විට්සර්ලන්තයේදීම කොරෝනා වයිරසය ආසාදනය වී ස්විට්සර්ලන්තයේදී මියගිය ප්‍රථම ලාංකිකයාගේ දේහය පිළිබද අවසන් කටයුතු එරටදීම සිදු කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී. 28 March 2020
’ඉන්දියාව වසා දැමුවද ලාංකික සිසුන් ගැන රජය සොයා බලනවා’ කොරෝනා වයිරස වසංගතය හමුවේ සති තුනකට සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙන ඉන්දියාවේ අධ්‍යාපන කටයුතු සදහා රැදී සිටින 600 කට ආසන්න ශ්‍රී ලාංකික සිසුන් හා ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් රජය නිරන්තර අවධානයෙන් පසුවන බව විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී. 28 March 2020
යුද හමුදා මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට සමාවදීම ගැන ක්ෂමා සංවිධානයේ කනගාටුව යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතාට, ජනාධිපති සමාව ලබාදීමට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය සමාජයට ලබා දෙන්නේ ඉතා කණගාටුදායක පණිවුඩයක් යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි. 28 March 2020
ලංකාවටම තවමත් ඇඳිරි නීතිය මේ වනවිට සමස්ත දිවයින පුරා ක්‍රියාත්මකව පවත්නා ඇදිරි නීතිය කොළඹ, ගම්පහ, කළුතර හා යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට 30 සදුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර යළි එදින පස්වරු 2.00 සිට ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය කියයි. 28 March 2020
ජපානයේ විශේෂ අවශ්‍යතා සහිත පිරිස සිටි මධ්‍යස්ථානයක 57කට කොරෝනා ජපානයේ චිබා දිස්ත්‍රික්කයේ විශේෂ අවශ්‍යතා සහිත පිරිස සඳහා වූ මධ්‍යස්ථානයක පුද්ගයන් 57දෙනකුට කොරෝනා වයිරස රෝගය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. 28 March 2020
අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙක් මරුට කොරෝනා ආසාදනය වී කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. 28 March 2020
ඇමෙරිකාවෙන් ලංකාවට ඩොලර් මිලියන 1.3 ප්‍රදානයක් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට කොවිඩ් 19 වයිරසයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් මිලයන 1.3 ප්‍රදානයක් කීරීමට එරට රජය තීරණය කර ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව අද (28) නිවේදනය කළේය. 28 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026