
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 5කට අධික මුදලක් හා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 310 සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
මෑත කාලයේ මෙරට සිදුකරන ලද වැටලීම්වලින් පුද්ගලයකු භාරයේ තිබී සොයාගත් විශාල මුදල මෙය බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
එම මුදල් මධ්‍ය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
සැකකාරිය ඇතුළු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලඹේ කඩුවෙල සහ වැලිවිට ප්‍රදේශවල සිදු කළ වැටලීම් වලදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd