සුළු වැරදි සම්බන්ධ රැඳවියන් 1645 කට ඇප බන්ධනාගාරවල පවතින අධික තදබදය සමඟ කොරෝනා වයිරසය පැතිරයමේ අවදානම සැළකිල්ලට ගෙන සුළු වැරදි මත ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකිව සිටින සැකකරුවන් 1645 දෙනකු පමණ අධිකරණය මගින් ඇප ලබාදී මුදා හැරීමට කටයුතු කර තිබේ. 30 March 2020
‘‘ඇමෙරිකාවේ මිලියන ගණනකට කොරෝනා වයිරසය ආසාදනය විය හැකියි‘‘ ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 100,000ත් 200,000 අතර පිරිසකට ජීවිත අහිමි වනු ඇතැයි එරට ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු අනතුරු අඟවයි. 30 March 2020
හපුතලේ නගරයේ වෙළඳ සැලක් මුද්‍රා තබයි කොරෝනා රෝගය වළක්වා ගැනීමට සහ නිරෝධායන කටයුතුවලට සහය නොදක්වමින් වෙළඳාම් කටයුතු කරගෙන ගිය හපුතලේ නගරයේ වෙළඳ සැලක් මුද්‍රා තැබීමට අද (30) හපුතලේ පොලිසිය පියවර ගනු ලැබීය. 30 March 2020
රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ට ඇප : විදෙස් ගමන් තහනම් රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකාර පොලිස් නිලධාරින් පහළොස් දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනා ඇතුලු සැකකරුවන් දාහත් දෙනා ඉදිරිපත් කර තිබු ඇප අයදුම් පත් සළකා බැලු දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් .පි.එස්. නිස්සංක මහතා අද (30)එක් අයෙකුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහය බැගින් වු ශරීර ඇප දෙකක් ඇතුලු දැඩි ඇප කොන්දේසි නියම කළේය. 30 March 2020
ශ්‍රී ලාංකික සිසුන් 475 ක් උතුරු ඉන්දියාවේ ආරක්ෂිතව ඉන්දියාව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික සිසුන් 700ක් පමණ පිරිසෙන් 475 දෙනකු උතුරු ඉන්දියාවේ ප්‍රදේශය කිහිපයක ආරක්ෂිතව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 30 March 2020
ආගරපතන වතුකම්කරුවෝ විරෝධතාවයක වැටුප් අත්තිකාරම් මුදල් අඩුවෙන් ලබාදුන් බව පවසමින් තලවකැලේ ආගරපතන ග්ලාස්ගෝ වත්තේ වතුකම්කරුවෝ අද (30) විරෝධතාවයක නිරතවූහ. 30 March 2020
මැකෝගේ අම්බලන්ගොඩ නිවසට හොරු පනිති මැතිවරණ කොම්සමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පිහිටි නිවස සොරුන් බිද අතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි . 30 March 2020
විශ්‍රාමික පොලිස් නිලධාරීන්ට සහන සලසන්න වැඩබලන පොලිස්පති නියම කරයි විශ්‍රාමික පොලිස් නිලධාරීන්ට හා ඔවුන්ගේ පවුල් වලට අවශ්‍ය පහසුකම් සලසන ලෙස වැඩ බලන පොලිස් පති සී.ඩී වි්මරරත්න මහතා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස්දී ඇත. 30 March 2020
ඒ 9 මාර්ගයේ කොටසක් වසයි මධ්‍යම පළාතේ පළමු වන නව කොරෝනා ආසාදිත රෝගියා අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වීමත් සමඟ අකුරණ නගරය ඇතුළු අවට ප්‍රදේශ සම්පූර්ණයෙන් වසා ඇති අතර මහනුවර මාතලේ ඒ 09 මාර්ගය අඹතැන්න කුඩුගල සිට බලකඩුව දක්වා වූ කොටසද වසා තිබේ. 30 March 2020
ඇඳිරිය ඉවත්කළ පසු බඩු ගන්න ආ අයෙක් බස් අනතුරකින් මරුට ඇදිරි නිතිය ඉවත් කළ පසු ත්‍රීරෝද රථයක් පදවාගෙන නගරයට පැමිණි පුද්ගයකු බස් රථයක් ගැටීමෙන් සිදු වු අනතුරකින් මිය ගිය බව පොලිසිය පවසයි. 30 March 2020
අරුණෝදය මාවත අගුළු දැම්මේ නැහැ “අරුණෝදය මාවත අගුළු දමයි“ සහ “අරුණෝදය මාවතේ වන්දනාගමන සංවිධානය කළ දේවගැතිවරයා හමුවෙයි“ යනුවෙන් අප විසින් ඊයේ (29) පළකරන ලද ප්රවෘත්ති දෙකම සාවද්‍ය තොරතුරු මත පදනම් වූවක් බව මේ වන විට තහවුරු වී තිබේ. එබැවින් මේ වන විට එම ප්රවෘත්ති දෙකම අපගේ වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. 30 March 2020
පොලිසියේ සැරයන්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම් කසිප්පු ජාවාරම්කරුවෙකු ගෙන් අරක්කු බෝතල් දෙකක් මිලදි ගැනිම සදහා රුපියල් 3000 ක් ඉල්ලා සිටි බව කියන ගල්කිරියාගම පොලිසියේ සැරයන්වරු දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි. 30 March 2020
තීරණ ගන්නේ ඉහළම තැනින් පමණයි ඇඳිරි නීතිය පැනවීම හෝ එය ළිහිල් කිරීම නැතහොත් කිසියම් ප්‍රදේශයක් අලුළු දැමීම හෙවත් හුදෙකළා කිරීම සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ රජයේ ඉහළම අධිකාරියෙනි. ඒ අදාළ කරුණු කාරණා සම්බන්ධයෙන් ඉතාමත් තීරණාත්මක වූ දත්ත සහ තොරතුරු මැනවින් විශ්ලේෂණය කිරීමෙන් පසුවය. 30 March 2020
ඩොලරය 192 ට නගී ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මෙටර ඉතිහාසයේ පළමු වතාවට අද (30) 192 සීමාව ඉක්මවා ගියේය. 30 March 2020
භූතානයේ සිසුන් පිරිසක් රැගෙන යෑමට විශේෂ ගුවන් යානයක් කටුනායකට ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි භූතාන ජාතික සිසුන් 86 දෙනෙකු රැගෙන යෑම සදහා එරට සිට විශේෂ ගුවන් යානයක් අද(30) දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි. 30 March 2020
චීනයේ සිට වෛද්‍ය ආධාර තොගයක් කටුනායකට රැගෙන එයි චීනයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පරිත්‍යාග කරන ලද වෛද්‍ය ආධාර තොගයක් , ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ. 30 March 2020
කල්පිටිය නාවික හමුදා කඳවුරේ වෙඩි තබා පළා ගිය සෙබළා බාර වෙයි කල්පිටිය මොහොත්තුවරම් නාවික හමුදා අනුකණ්ඩයේ නාවික හමුදා නිලධාරියෙකු මරණයට පත්කරමින් තවත් නිළධාරීන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකරමින් වෙඩිතැබීමක් සිදුකර පළාගිය නාවික හමුදා සෙබළා අද (30) ඉච්චන්කාඩු නාවික හමුදා අනුකණ්ඩයට බාරවී ඇති බව කල්පිටිය පොලීසිය පවසයි. 30 March 2020
සිරියාවේ ප්‍රථම කොරෝනා මරණය වාර්තාවේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් සිරියාවේ සිදු වූ පළමු මරණය වාර්තා වී තිබේ. 30 March 2020
දකුණු පළාතේ 2173 ක් ස්වයං නිරෝධායනයට දකුණු පළාත තුළ අද (30) වන විට 2173 ක් ස්වයං නිරෝධායනය ට ලක් වී සිටින බවත් ස්වයං නිරෝධායනය අවසන් කළ පිරිස 1816 ක් බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය. 30 March 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1000 ඉක්මවයි ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,160 දක්වා ඉහළ ගොස් ඇත. 30 March 2020
සැරයන් සුනිල් රත්නායකට නිදහස ලබා දීම දෙමළ ජාතික සන්ධානයේ විරෝධය යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනාධිපතිතුමා නිදහස ලබා දීම දැඩි ලෙස කනගාටුවට කරුණක් බව ජාතික සන්ධානයේ ඉලංගගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේය. 30 March 2020
ඇඳිරියෙන් පීඩිත උතුරේ ජනතාවට සහය වන්නැයි විග්නේෂ්වරන් ඉල්ලයි කොරෝනා වයිරස අවදානම හේතුවෙන් දින ගනණාවක් යාපනයට නොකඩවා ඇඳිරි නීතිය පැනවීමත් උතුරේ සෙසු දිස්ත්‍රීක්කයන් වෙතට කඩින්කඩ ඇඳිරිනීතිය පැනවීමත් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසන ලෙසට උතුරු පලාත් හිටපු පධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ඉල්ලා සිටියි. 30 March 2020
කෝටි දෙකක කේරළ ගංජා සමග ධීවරයකු අත්අඩංගුවට ඉන්දියාවේ සිට ඩිංගි යාත්රාවකික් මෙරටට රැගෙනවිත් තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 144 යි ග්‍රෑම් 400 සමඟ ධීවරයකු පලෙයි තාලෙඅඬි වෙරළ තීරයේදී අත්අඩංගුවට ගත් බව පලෙයි පොලිසිය කියයි. 30 March 2020
පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයට තවත් පිරිසක් රැගෙන එයි පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායන මධ්‍යස්ථානයට අද ( 30 ) පවුල් 15 ක පුද්ගලයින් 67 දෙනෙකු එක්වි සිටි බව යුද හමුදාව පවසයි. 30 March 2020
දියතලාවේදී නිරෝධායනය අවසන් කළ 76 ක් පිටව යති දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය අවසන් කළ 76 දෙනෙකු අද (30 ) සිය ගම්බිම් බලා පිටත් වූ බව දිය තලාව යුද හමුදාව පවසයි . 30 March 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත ගණන 120 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 30 March 2020
නිරෝධායනය අවසන් කළ හත්වැනි කණ්ඩායම පිටව යයි නිරෝධායනය අවසන් කළ හත්වැනි කණ්ඩායම පිටව යයි 30 March 2020
මහියංගණයේ-ගිරාදුරුකෝට්ටේ සියලු කඩ සාප්පු වසාදමයි ඇඳිරි නීතිය ඉවත් කළ ද අද (30) මහියංගණ නගරය හා ගිරාදුරුකෝට්ටේ නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට පියවර ගත්බව මහියංගණ ප්‍රාදේශිය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා පැවසීය. 30 March 2020
ගෙවුණ පැය 24 දී ඇදිරිනීතීය කැඩූ 809 ක් අත්අඩංගුවට කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීම සදහා දිවයින පුරා ක්‍රියාත්මක ඇදිරි නීතීය පැනවීමෙන් පසු ගෙවුණු පැය 24 තුලදී පුද්ගලයන් 809 අත් අඩංගුවට ගෙන වාහන 166 පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 30 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026