මොණරාගල අඩු ආදායම්ලාභීන්ට කෝටි 28 ක ණය ආධාර
මොනරාගල දිස්ත්රික්කයේ ජීවත්වන සමෘද්ධිලාභී පවුල් 50,724 ක් සඳහා රුපියල් 5000 බැගින් ලබාදීමට පියවර ගත් බැව් මොනරාගල දිසාපති සහ දිස්ත්රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවැසීය. ඒ අනුව මොනරාගල දිස්ත්රික්කයේ ජීවත්වන සමෘද්ධිලාභී පවුල් වෙනුවෙන් බෙදාදෙන ලද මුදල රුපියල් 25,362,000 කි.