
( කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් මාර්ගය දෙපස වාහන තුළදී මෙන්ම මහපාරේද දෙස් හා විදෙස් කණ්ඩායමක් වෙළදාමේ නිරතව සිටිති.
පාකිස්තානය, ඉන්දියාව, තුර්කිය ,මාලදිවයින ,චීනය ආදී රටවල් රැසකින් පැමිණි පිරිස් රැසක් මෙලෙස නිරෝධායන නීතිද උල්ලංඝනය කරමින් වෙළදාම් කටයුතුවල නියැලෙන අයුරු දකින්නට ලැබිණි.
රටේ පවතින පොදු නීති උල්ලංඝනය කරමින් ඔවුහු මෙම කාර්යයෙහි නිරතව සිටිති.
මහා පරිමාණයෙන් සිදු කෙරෙන මෙම වෙළඳාමට මෙතෙක් රජයේ හෝ වෙනත් වගකිවයුතු බලධාරියකුගේ අවධානයට ලක්ව නොමැත.
මෙම පිරිස ප්‍රධාන මාර්ගයේ කාණු සියල්ල බොරළු සහ විශාල දැව කොටන් දමා ගොඩ කර. මාර්ග නීති විදහා දැක්වෙන නාමපුවරු සලකුණු සියල්ල කඩා බිඳ දමා.මාර්ගය දෙපස ඇති පාලම් බෝක්කු සියල්ල ද මේ වන විටත් කඩා දමා අවසන්ය .
එමෙන්ම විදේශ රටවලින් ගෙන්වන අර්තාපල් අල ලොකු ලූනු ආදී බහාලුම්වල අපද්‍රව්‍ය විශාල වශයෙන් මාර්ගය දෙපස තැන තැන ගොඩ ගසා තිබේ .
කාණු සියල්ල ගොඩ කර දමා ඇති නිසා තැන තැන විශාල වතුර වළවල් පිරී ඒවාට අපද්‍රව්‍ය එක්වීම නිසා තනිකර කසල සුසානයක් බවට පත්ව ජනතාවට ලෙඩබෝ කරන මධ්‍යස්ථානයක් බවට පත්වී තිබේ.
ඔවුහු කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයකින් තොරව විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනු අර්තාපල් අල කාන්තාවන් සහ පිරිමින් විසින් බෑම පැටවීම තේරීම සිදු කරති.
මෙහි එක් දෙසකට පමණක් වාහන ගමන් කිරීමට හැකි බව නාගරික කොමසාරිස් වරයාගේ අණ පරිදි දැන්වීම් පුවරු සවිකර තිබුණ ද මෙම ස්ථානයේ ගනුදෙනු කරන සහ වෙළඳාම් කරන බොහෝ දෙනා එම නීතිය කිසිදු ආකාරයකට මායිම් නොකර රථවාහන තමාට අවශ්‍ය තැන්වල නවතා ගැනීම ගමන් කිරීම ආදී සිදු කරනු ලබන ආකාරය දැකිය හැකිය.
මෙම මාර්ගය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් හට එළවළු රැගෙන ඒම සඳහා පහසුවට ඉදිකරන ලද්දකි ,ගොවීන් කියා සිටින්නේ තමන්ට පාපැදියකින් හෝ එළවළු ටිකක් රැගෙන ඒමට නොහැකි වන පරිදි විදේශ රටවල ගොවීන්ගේ බවභෝග එහි මාර්ග හරස් කොට අලවි කරන බවය.
මෙම ස්ථානය දඹුල්ල පොලිසියේ මහ නගර සභාවේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ දේශපාලන අධිකාරියේ අවධානය යොමු විය යුතුම ස්ථානයකි.
එක රටක එකම නීතියක් ක්‍රියාත්මක වෙද්දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස මාර්ගයේ වෙනම කැලෑ නීතියත් ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි ගැටලුවකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ රට ආණ්ඩු කරන්නේ සිරිසේන උන්නැහේද?
අපේ රටේ වෙළඳුන්ට මොකද වෙන්නේ? සංචාරක වීසා ඇවිත් බිස්නස් කරනකල් අපේ පාලකයෝ නිදිද? ලැජ්ජයි මහ රජාණෙනි.
කාන්චන මහත්තයෝ, මුලින්ම බලන්න මේ ප්‍රෙද්ශය අයිති චීනටද? ලංකාවටද කියලා... සමහර ඉඩම් දැන් අපට අයිති නැහැ.
එකම රටක්, එකම නීතියක් කොහේද දන්නේ නැහැ ක්‍රියාත්මක වෙන්නේ?
මේ මොන මගුලක්ද..? මේ කල්ලතෝනින්වයි හොර කට්ට කයිරාටික චින්නුන්වයි එලවන්න පොලිසියට බැරිද...? අනිවාර්යයෙන්ම මේ අයට විසා නැහැ. නමුත් මේ ගොල්ලෝ ආපු රටවල්වලට අපේ පාලකයෝ බයයි. ගමේ මිනිස්සු එකතුවෙලා ගහලා පන්නන්නයි තියෙන්නේ...
සහරාන් ආයෙ ආවොත් ජනාධිපති වෙලා තමයි නවතින්නේ...
ඔය පැත්තේ හයේ හතරෙ පොලු නැද්ද?
ආසියාවෙන් කියන්නේ ඇයි ලැජ්ජයිද චීනෙන් ඇවිත් කියන්න..? ඔය පහත් වැඩ කරන්නේ චීන්නු. වස තමයි එයාලා විකුණන්නේ. කෑවොත් ඉතින් ඉවරයි. ආසනික් තව හොඳයි. ලංකාවේ මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි.
මට හොදටම හිනා ... මෙකෙ තියෙන විදිහට හිතෙන්නේ පොලිසියේ ඔක්කොම භාවනා වැඩසටහනකට ගිහිල්ලා වගේ...
අපිට මතකයි පහුගිය කාලේ මෙ වෙළද මධ්‍යස්ථානයේදී STF එකටත් බැනලා එළෙව්වා. මෙක වෙනම රටක්... දැන් සැපද?
දඹුල්ල කියන්නේ රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන පාතාල කල්ලි විසින් මෙහෙයවන ආර්ථික මධ්‍යස්ථානයක්...