
(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් මෙරටට රැගෙනවිත් තිබූ වියළි කහ කිලෝ 532 ක් අද (28) මන්නාරම මූලස්ථාන පොලිසිය විසින් විනාශකරනු ලැබීය.
කොවිඩ් 19 වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන උපදෙස් අනුව එලෙස පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබූ වියළි කහ තොග විනාශ කිරීම ආරම්භ කෙරිණි.
මන්නාරම නගර සභාවට අයත් අපද්‍රව්‍ය පිරිපහදු කරනස්ථානයේදී මෙම කහතොගය විනාශකරනු ලැබූ අතර එහි වෙළෙඳ වටිනාකම රුපියල් ලක්ෂ පහ ඉක්මවන බවද මන්නාරම පොලිසිය සඳහන් කළේය.
පසුගිය 20 වැනිදා මන්නාරම නගරයේදී ඉන්දියාවේ සිට රැගෙනවිත් කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා මෙම කහ තොගය සූදානම්කොට තිබියදී අත්අඩංගුවටගෙන තිබිණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවා ගේන්න ලංකාවෙන් කවුරුහරි ඉන්දියවට ඩොලර් වලින් ගෙවල. ඒවා අල්ලල විනාශ කරපුවම අපෙ ඩොලර් ඉන්දියවට ගිනින් අපිට ඒ වෙනුවට ගත්තු කහත් නෑ.
නොදකින් මෙහෙම පාලකයින්... රටෙ කහ නැතිව මිනිස්සු ගිනි ගණන් ගෙවනවා.
මම අහන්නේ එතකොට කුඩු මුදලාලිලාගේ කෝටි ගණන් සල්ලි අහුවෙනකොට ඒ සල්ලිත් මෙහෙම පුච්චනවද? දන්නැති කමට අහනනේ, ඔය කහ තත්ව පරීක්ෂාවක් කරලා රජසන්තක කරලා මිනිස්සුන්ට කන්ඩ දුන්නම් හොදයි... නීතිය මොනවා වුණත් අන්තිමට වැදගත් වෙන්නේ මිනිසා ජීවත් කරවීමයි..
මේවාට තමයි අපරාධ කියන්නේ...රජයේ රෝහලකට දුන්නා නම් කොච්චර වටිනවද? මහජනතාවට වගේම රෝගීන් ටත් කෑමට අවශ්‍ය කුළුබඩු වර්ගයක් තමයි කහ... IDH රෝහලට කොපමණ වටිනවද?...නිවැරදි සම්බන්ධීකරණයක් නොමැති අඩුව...
විනාශ නොකොට රාජ සන්තක කොට පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙට, රජයේ ආයුර්වේදයට, රජයේ රෝහල් මුළුතැන්ගෙවල් වලට දුන්න නම් කහ වෙනුවෙන් ගෙවන ජනතා මුදල් ඉතුරු කර ගන්න තිබ්බා...
මේවාට උපදෙස් දෙන අය... අඩුම තරමේ හමුදා කඳවුරුවල ප්‍රයෝජනයට ගන්න පුළුවන්..
ඇත්තටම කවද්ද අපේ මිනිසුන්ට මොලේ එන්නේ පාලකයන්ට...? මේවා විනාශ කරන්නේ නැතුව නැවත ආයෝජනය කරන්න තිබ්බා. කුඩුවලට ලිකුඩු එකතුවෙනවා. මේවා කෙලින්ම පුච්චනවා....
කහ තියාගෙන පිදුරු පුච්චලාද දන්නේ නැ. ඔය ඔක්කොම පිච්චුනයින් පස්සේ අලු වලටනේ පත් වෙන්නේ...
ඔය රාජසන්තක වෙන ඔක්කොම විනාශ කරන්න ඕනේ කියන උන්දැලා රාජසන්තක වෙන වාහන ටිකත් ඔයවගේ පුච්චනවද දන්නේ නැති හින්ද අහන්නේ...?
පාලකයින්ට බැනලා වැඩක් නැහැ. රජයේ සේවකයෝ ඉස්සර 55න් විශ්‍රාම ගියා.. දැන් 60න් විශ්‍රාම යනවා. අපේ රටෙ තීන්දු තීරණ ගන්න පාලකයන් දෙදෙනාට අවුරුදු 75ට වැඩියි. අපේ රටෙ පාලකයින්ට වයස වැඩි නිසා මොලයේ කාර්යක්ෂමතාවය ටික ටික අඩුවෙමින් පවතිනවා. එමනිසා ඔවුන් ගන්න තීන්දුවලට වගකියන්න ඔනේ මොවුන්ට ඡන්දෙ දීපු ඡන්ද දායකයෝ.... 69 ලක්ෂය....
ලංකාවේ දැන් ඔක්කොම පුච්චනවා.
මේ වගේ හරක් ජාතියක්...
මෙවා ජාතික අපරාධ.... අපිට හොද්දට දාන්න කහ ටිකක් නැහැ. මෙ අය කහ ගිනි තියනවා.
රටේ මෝඩ පාලකයන් සිටින විට මේ ආකාරයේ දේ සිදුවනු ඇත. මොනතරම් නාස්තියක්ද!
ලංකාවේ මිනිස්සු මේ තරම් අවාසනාවන්තද? අපි මේ මුළු අවුරුද්දෙම කහ නැතිව කෑම කෑවේ. සල්ලිවලටත් ගන්න නැතිව හිටියේ. මේ රටින් ගෙනා කහ පුච්චනව. හෙන ගහන වැඩ.