
(ඩයනා උදයංගනී)
ප්‍රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා අද (28) අභාවප්‍රාප්ත විය.
අසනීප තත්ත්වයක් හේතුවෙන් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මුතුනමගේ මහතා මියයන විට 73 හැවිරිදි වියේ පසුවිය.
ෂෙල්ටන් මුතුනමගේ මහතා එක් දියණියකගේ පියෙකි.
‘මහ සයුරේ ගැඹුරු දියේ ගෙවන ජීවිතේ’, ‘දීග නොයන් රත්තරනේ’, ‘මේ දෙව් මැදුරේ පුදසුන අබියස’, ‘සමාව ඉල්ලා දෙපා සිඹින්නට’, ‘අවන්හලක ඉපදී මා මියයනවා නම්’, ‘වාරු නැගෙන් සිත’ ඇතුළු තවත් ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් ගායනා කර ඇත.
ෂෙල්ටන් මුතුනමගේ මහතා සංගීත ප්‍රසංග සංවිධායකයකු හා සම්බන්ධීකාරකයකු ලෙසද වසර ගණනාවක් කටයුතු කළ අතර හේමසිරි සෙල්ලප්පෙරුම මහතා අධ්‍යක්‍ෂණය කළ ‘සඳරේඛා’ චිත්‍රපටයේ පසුබිම් ගායනයෙන් ද දායක විය.
ඔහු පුවත්පත් පින්තූර කතාවල සහ ටෙලිනාට්‍යයකට රංගනයෙන් ද දායක වී ඇත.
මුතුනමගේ මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා මීගමුව, කුරණ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු කුරණ රෝමානු කතෝලික සුසාන භූමියේදී අනිද්දා (30) පස්වරු 3.00ට සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව...
සොදුරු කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව ලැඛෙවා..!!!
හිතවත් මිතුර, ඔබට දෙව් සමිඳාණන්ගේ ස්වර්ග රාජ්‍යයේ දොරටු විවරවෙවා..!!!
ඔබට නිවන් සුව අත්වේවා...!!!
සාමයේ සැතපේවා....!!!
සොඳුරු කලාකරුවාණෙනි, ඔබගේ ඒ දයාබර ලයාන්විත මධුර කටහඬ මගින් ගැයූ ගීත අපි රස වින්දෙමු. ඔබට නිවන් සුව...!!!
ඔබට නිවන් සුව අත්වේවා...!!!
ඔබට නිවන් සුව ලැබේවා... !!!