(හර්ෂණ තුෂාර සිල්වා)
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (24) 194 ක් දක්වා පහළ ගියේ ය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය අද (24) රුපියල් 194.66 දක්වා පහළ ගිය අතර ගැනුම් අගය රුපියල් 189.08ක් ලෙස දැක්විණි.
මේ වසරේ අප්‍රේල් මාසයේ 3 වැනිදා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 193 සීමාව ඉක්මවා ගිය අතර මැයි මස (4) වැනිදා නැවත වරක් 194 සීමාව ඉක්මවා ගියේය.
ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කළ නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අප්‍රේල් මස (8) වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට 200 සීමාව ඉක්මවා ගිය අතර එදින ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 200.46ක් ලෙස දැක්විණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවලට මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 18 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියල 3.3%කින් අවප්‍රමාණය වී තිබේ. යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂාව 11.5%කින් ද ජපාන යෙන් ඒකකයට සාපේක්ෂව 8.1%කින් ද ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 6.3%කින් ද ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ. ඊට අමතරව ඉන්දීය රුපියලට සාපේක්ෂාව මේ වසරේ මේ දක්වා කාලයේදී ශ්‍රී ලංකා රුපියලේ අගය 0.3%කින් ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිදේකට බිය නොවන්න. රුපියල ආපහු නැග්ග හැටි. බන්දුල, විමල්, ජී එල්ගෙන් අහන්න.
අපේ රටේ තණ කොලට අමතකද? 165 නැගපු කාලේ කීව කතා....
කෝ දැන් අර ඉස්සර ඩොලරය බාල්දු වෙලා කියලා කෑගහපු ආර්ථික විශේෂඥයා. එයා මේ දවස්වල හරි නිශ්ශබ්දයි. ඉස්සර මෙයාගෙන් කණක් ඇහිලා ඉන්න පුලුවන් වුණාද? මං හිතුවේ ඒ කතා කරපු දේවල් වල හැටියට ආර්ථිකය නැග්ගයි කියලා සිංගප්පූරුවටත් එහා ගිහින්... කටින් බතල හිටුවන අය...
කෝ මේ පොහොට්ටු මෝඩයින්ගේ හොර උපාධිධාරී ආර්ථික ඔස්තාර්බ න්දුල ගුණවර්ධන ..? ගෝත්‍රිකයින් ලක්ෂ 69 ටම ලබන අවුරුද්දේ මාර්තු විතර වෙද්දී සිදුවන්නේ කුමක්ද කියා දන්නේ දෙවියන් පමණයි.
රුපියල පල්ලම් බහින්න පටන් ගත්තා විතරයි.
රුපියලක් හොයාගන්න නැතිවෙයි මෙයාලගේ කාලෙ ඉවර වෙද්දී 2026දී රුපියලට...
ලංකාවෙ ඉන්න බහුතරයන්ට මෙවා ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුවටත් අවුලක් නැහැ. මුස්ලිම් අය ආදාහනය කළොත් ඔක්කොම හරි...