(නිමල කොඩිතුවක්කු)
ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට තම මරණයෙන් පසු ගෞරවාන්විතව සිය මව්බිමෙහි මිහිදන්වීමට ඇති අයිතියට ඉඩ දිය යුතු බව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වනවිටත් ලබාදී ඇති නිර්ණායකයන්ට හා මඟපෙන්වීම්වලට ගරු කරමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු ඔවුන්ගේ ගරුත්වයට හේතුවන ආගමික සිරිත් අනුව සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බවත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.
"ශ්‍රී ලංකාවේ උපන් සිංහල දෙමල,මුස්ලිම් හෝ වෙනත් ඕනෑම ජාතිකත්වයකට හෝ ජන වර්ගයකට අයත් පුද්ගලයෙකුට තම මරණයෙන් පසු ස්වකීය මව්බිමෙහි ගෞරවාන්විතව මිහිදන්වීමට අවස්ථාවක් නොදී බලහත්කාරයෙන් වෙනත් රටක භූමදාන කිරීමට කටයුතු යොදන්නේ නම් එය මියයන පුද්ගලයන්ට මෙන්ම ශ්‍රී ලංකාවටද කරන්නා වූ බලවත් අවමානයකි. එවැනි යම් හෝ උත්සහයක් මඟින් සිදුකරන්නේ රටක් ලෙස ශ්‍රී ලංකාව බලවත් හෑල්ලුවට ලක්කිරීමකි.
කොවිඩ් වසංගතයෙන් මියයන ලාංකීය මුස්ලිම් ජාතිකයන් මාලදිවයින තුළ භූමදාන කිරීම සඳහා ශ්‍රී ලංකා රජය එරට සමඟ සාකච්ජා කළ බවට පලවූ වාර්තාවන් පිලිබදව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය බලවත් කනස්සල්ට පත්වූ අතර මේ ආකාරයට අප මාතෘ භූමිය කවරෙකු විසින් හෝ හෑල්ලුවට ලක්කිරීම ගැන සංවිධානයක් ලෙස අපි දැඩි ලෙස සංවේගයට පත්ව සිටින්නෙමු.
කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කිරීමේදී අනුගමනය කල යුතු ආකාරයන් පිලිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයද ලබාදී ඇති උපමාන වලට පරිබාහිරව කටයුතු කිරීම මඟින් මෙන්ම වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රෙය් පිලිගත් පර්යේෂණ නිගමනයන්ට බැහැරව යමින් අදානග්‍රාහිත්වයෙන් යුතුව කටයුතු කිරීම නොකල යුත්තකි. අප කුමන හෝ කරුණක් මුල් කරගනිමින් එවැනි අගතිගාමී ස්ථාවරයන්ට එළඹෙන්නේ නම් එමඟින් සිදු කරන්නේ ශීලාචාර ලෝක ප්‍රජාවගෙන් අප මාතෘ භූමිය දුරස් කිරීමකි. ශ්‍රී ලංකා රජය මේ පිලිබදව ගැඹුරින් තේරුම්ගත යුතුව තිබේ.
මෙම සංවේදී කාරණයට අදාලව රජය නොයෙක් ආකාරයේ සාකච්ජාවන්හි නිරතව සිටින බවට වාර්තා පළවන්නේ වුවද මේ දක්වාම නිශ්චිත වූ යහපත් තීරණයක් ගැනීමට ප්‍රමාද කිරීම තේරුම්ගත නොහැකිය. එමඟින් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව වෙනස් කොට සලකන බවට බාහිර සමාජය තුළ අපකීර්තිමත් මතයක් ගොඩනැගීමට අනුබල සැපයීමකි. එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීමට අපේක්ෂා කරන ඕනෑම ආකාරයේ අන්තවාදී බලවේගන්ට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කිරීමකි. මේ වනවිටත් ලෝකයේ රටවල් ගණනාවකම ප්‍රධාන නගර කිහිපයකදීම ශ්‍රී ලංකාවට එරෙහිව සංවිධානය කර තිබූ විරෝධතා රැළි කෙරෙහි අවධානය යොමුකිරීම මඟින් ද ඒ බව අවබෝධ කරගත හැක.
ඒ අනුව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ අවස්ථාවේදී රජයෙන් ඉල්ලා සිටින්නේ යුක්තියේ, සාධාරණත්වයේ මෙන්ම මනුෂ්‍යත්වයේ නාමයෙන් බුද්ධිමත්ව තීන්දු තීරණ ගන්නා ලෙසටය. ලෝක මට්ටමේ පිලිගත් විශේෂඥ උපදෙස් මත ක්‍රියාකරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වනවිටත් ලබාදී ඇති නිර්ණායකයන්ට හා මඟපෙන්වීම්වලට ගරු කරමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු ඔවුන්ගේ ගරුත්වයට හේතුවන ආගමික සිරිත් අනුව සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.
COMMENTS
ලාංකිකයින් සිය ගණන් මැදපෙරදිග මියයන විට මෙයා කොහේද හිටියේ...?
කී වරක් එහෙට මෙහෙට පැන්නද? කොච්චර කලක් පාර්ලිමේන්තුවේ හිටියද? දැන් වයසත් වැඩියි. තවම බැරිවුණාද සාධාරණ සමාජයක් බිහිකරන්න. කවද්ද ඕක බිහි කරන්නේ. නිකන්, බොරුවට මිනිස්සු රවටන්න එපා කරු මහත්තයා. ඔය ඔක්කොම විගඩන්නේ...
බහුතර මිනිස්සුන්ගේ ජීවිත අවදානමේ දාන්නද කියන්නේ? අර ඩෙන්මාර්ක්වල කොරෝනා නිසා වළලපු මුගටි ආයෙත් ගොඩ අරන් පුච්චන්න හදන්නේ. ඒ දියුණු රටවල මිනිස්සුන්ට පිස්සු හැදිලා හින්දද?
වයසට යනකොට ඔහොම තමයි. නීති තිබිය යුත්තේ ජාතිය, ආගම් පදනම් කරගෙන නොවේ.
අංකල්, ඔයාගේ ගෙදර ගිහින් තියාගන්න.
පැරදිලා චාටර් වෙලත් තවම බලන්නේ මොකෙන් හරි එල්ලිලා ගොඩයන්න 2015 වගේ... ඔහේගේ සාධාරණ සමාජෙ අසාධාරණ ඒවා අපි නම් දැක්කා අවුරුදු 4ක්.. මතක් වෙනකොටත් පිළිකුල්...
ආපහු කරළියට ඇවිත් මිණියක් උස්සගෙන.. එක එක්කෙනාගේ ආගමික විශ්වාස උඩ මේ රටේ වසංගතක් වෙලාවේ පනවපු නීති වෙනස් කරන්න නම් මොකටද රටේ එක නීතියක්..? ආගමේ නීතිය පිළිපැද්දේ නැත්තං ඒක පවක් කියලා රටේ නිතීය නෙමෙයි ශරියා ඕනේ කිව්වොත් මේ නිවට දේශපාලකයන් ඡන්දය බලාගෙන ඒකත් කරයි. ඊයේ අටළුහම කොරෝනා ලෙඩ්ඩු ඉස්පිරිතාලෙ අරන් යද්දී මගදිගට කෙළ ගහද්දී කෝ අර මිණි වළලන්න ඕනෑ කියලා බෙරිහන් දීලා බැනර් උස්සගෙන හිටපු කට්ටිය.. මේකටත් විරුද්ධ වෙලා පෙන්නන්නකෝ.. අපි හරිම සාධාරණයි කියලා.. බෝම්බ ගහලා කිරි සප්පයන් අමු අමුවේ පිච්චිලා මැරෙනකොට කෝ ඔය බැනර් ..?
මෙතුමා විශ්වාසය තැබිය නොහැකි දේශපාලකයන් අතුරෙන් කෙනෙක්. එදා නායකත්වය නොදුන් නිසා ප්‍රතිවිරුද්ධ පැත්තට ගියේ ඒ පැත්තේ දෙඅත් ශක්තිමත් කරන්න. පසුව ආයෙත් හිටපු පැත්තටම ආවා. මේ වෙලාවේ වෛද්‍ය අංශ පවසන භූමදානය නොකළයුතුයී කියනා දෙය, අධිකරණයේ තීන්දුව ආදී දේ තඹයකට ගණන් නොගෙන මේ කියනා ප්‍රකාශ කිසිසේත් පිළිගත යුතු නැහැ. මන්දයත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෙර මතය වූයේ කොවිඩ් ලෝක වසංගතයක් ලෙස ලොව පැතිරෙන්නේ නැති බවයි. ඒත්, ඒක බොරුවක් වුණා. මෙතුමා ඉන්නෙත්, මිත්‍යා මතයක එසේ නැතිනම්, බොර ජලයේ මාළු බෑමට සැරසීමක් වෙන්නත් පුළුවන්... ගංවතුර කාලවලදී මිහිදන් මළ සිරුරු වලින් වෛරස් පැමිණියහොත් යන දේ ගැන නොසිතීමට තරම් ළාමක මෙතුමා ජීවත්ව සිටින මිනිසුන් රැකගැනීමට වෙරවඩනවා වෙනුවට, වෛරසින් පිරුණු මෘත දේහ ගැන කැක්කුමක් තිබීම සැබැවින්ම ලජ්ජාවට කරුණක් බව කිවයුත්තේය...
ඔය මතුවෙන්නේ සංහිදියාව... තව කොහොමද දිනුවා නම්...
ජාති විරෝධී වැඩ කරන කෙනෙක්...
සරා එතකොට එයා කාත් එක්කද හිටියෙ? දැන් ජනතාව මතක් වෙලා.
නැගෙනහිර ලබාගත හැකි ඡන්ද ප්‍රමාණය ගැන බලාගෙන කරන ප්‍රකාශ සිංහල නොවන ජාතීන් පවා අනුමත කරන්නේ නැහැ.
මෙ වගේ වෙලාවට තමයි ලංකාව මව්බිම වෙන්නේ. අනික් වෙලාවට අරාබිය... නැතිනම් ඉන්දියාව....
ගරු අධිකරණ ඇමැති අලිසබ්රි මහත්මයා මේ භූමදානය ගැන කතාකරන කොට නැට්ට බඩ යට ගහගෙන හිටිය සිංහලයෝ තමයි දැන් මේ තවත් සිංහලයෙක් මේ ගැන කතා කළාම නැට්ට උස්සන්නේ... අනේ, මේ වගේ අමන ජාතියක්. මම නම් කියන්නේ, අලි සබ්රි මහත්මයා කියන ලෙස මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන එක තමයි හොඳ.
මෙයාලගේ මේ කියන ප්‍රතිපත්තිවලට බහුතර ජනතාව අකමැති නිසා යන එන මං නැතිවෙන්න අතුගාලාම දාලා තියෙනවා. ඒක නිසා මෙයාගේ අදහස් පොදු බහුතර ජනතාවට නම් පරණ පිළුණු යල්පැනගිය ප්‍රතික්ෂේපිත මතවාදයකි. කවුරු වුණත් ඒ මතවාදයම ඉදිරියට ගෙන යා නම් එම ඉරණමම ජනතාව විසින් ලබා දෙනු ඇත...
අයෙකු මිය යා යුත්තේ් තවකෙනෙකු නැසීමට නොවේ. සාධාරණ සෞඛ්‍යයක් සඳහා වූ ව්‍යාපාරය නමින්ද එකක් පිහිටුවිය යුතුයි. තම දේශපාලන පක්ෂයත්, තම වාසියත් අරඹයා මෙතෙක් කලක් කටයුතු කළේ මෙයා නේද?
ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන උපදෙස් ගෙඩිය පිටින්ම පිළිපදින්න අවශ්‍ය නැත. රටට ගැලපෙන ආකාරයේ ක්‍රම අනුගමනය කළ යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානය මුලින් මාස්ක් දාන්න එපා කිව්වා... ලෝක සෞඛ්‍ය සංවිධානය කියන පදයට නටන්න වුවමනාවක් නැත.
ලොකු උන්නැහේ මව්බිමේ මිහිදන් වෙන්න ඕනේ මව්බිමට අයත් මිනිස්සු. වසංගත ලෙඩ්ඩු මිහිදන් කිරීමෙන් ජනතාවට වසංගත ලෙඩ පැතිරෙනවා නම් මිහිදන් නොකර ඇසිඩ් වල දාලා දියකලත් කමක් නැහැ.
ධම්නෙත්, හරියටම හරි. කරන තරමක් කරන්නේ ශ්‍රී ලංකාවට ද්‍රෝහිකම්. කුඩු, වන විනාශ, හොර බේත්, පුරාවිද්‍යා වස්තු, හොර ෆාමසි, ඉංග්‍රීසි නම් දාගෙන හොර ව්‍යාපාර, බුදුසරණයි කියලා ගහලා ලොරියේ හොර හරක් මස්, මිනී වළලන්න තමයි මව්බිම ඕනෑ. මේවාට උඩගෙඩි දෙන අයට ඉතින්..
මොහු නැවත වරක් මෝඩකම ප්‍රදර්ශනය කළා. කිසිම කතානායක කෙනෙක් මෙහෙම පච වෙලා නැහැ. සද්දෙට අනුව ඡන්දෙ විමසපු කතානායකනේ...
ඔයාගේ දේශපාලන බෝම්බ ප්‍රහාරයට වගකිවයුතු අයෙකුට විරුද්ධව ඉදිරිපත් කරපු විශ්වාස භංගයට අත්සන් කරන්න ඉස්සෙල්ලා දෙවරක් සිතන්න. ළඟදී මැතිවරනයක් එනවා කියා මන්ත්‍රීවරුන් ආපසු හරවා යැව්වේ පාර්ලිමේන්තු කාර්යාලයේදී.... එය බොරුද? පුද්ගලිකව නම් ඔබට ගරු කරනවා.
මම දැක්කා යම්කිසි රටක කොරෝනා රෝගීන් සිටින නිවාස වලින් පිටවෙන මල අපද්‍රව්‍ය වලින් රෝගය වෙනත් ප්‍රදේශවලට ව්‍යාප්ත වෙනවා කියලා සොයාගෙන තිබ්බා මේ ලඟදී , ඉතින් මල සිරුරු වලිනුත් මේකම වෙන්න පුළුවන් නේද? එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ඡන්දෙ ගැන විතරක් හිතලා මේ වගේ වැඩ කරපු නිසා තමයි ගිය පාර විසිවෙලාම ගියේ...
සිංහල අපිට තියෙන පාංශුකූලය දෙන්න බැරි එකට කවුරුත් කතාකරන්නේ නැනේ. මේක තනිකරම ඡන්දය බලාගෙන කරන වැඩක්...
මෙ අය තමයි වසලයෝ ...
ජනතාව විසින් පිටුපසට පයින් ගසා එළවා දාමු .... පක්ෂයක අදෝනාව..