
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
කුරුණෑගල වැහැර පොලිස් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසකට ඊයේ (18) රාත්‍රියේ දී ඓතිහාසික වාරියපොල නුවරකන්ද විහාරයට අයත් පුරාවිද්‍යා රක්ෂිතය තුල නිධන් හාරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
ඔහු සතුව තිබී ගිනි අවි දෙකක්ද පොලිසිය විසින් සොයාගන්න ලදී. එම පුද්ගලයා මෙම විහාරස්ථානය අසල වත්තක මුර කරුවෙකු වේ. නිධන් හාරමින් සිටි තවත් කීපදෙනෙකු පැනගොස් ඇති අතර ඒ අතර ප්‍රදේශයේ ග්‍රාමනිලධාරිවරයෙකුද සිටින බවට පොලිසිය සැකකරයි. එම නිලධාරියාට අයත් බවට සැකකරන යතුරුපැදියක් සහ හැදුනුම්පත් දෙකක්ද තවත් යතුරුපැදියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත. තවද එම ස්ථානයේ තිබී රාජ්‍ය ලකුණ සහිත ටී ෂර්ට් දෙකක් , පොලොව හෑරීමට සහ ගල් කැඩීමට යොදාගන්නා අයුධ ඇතුලු භාණ්ඩ තොගයක්ද පොලිසිය බාරයට ගෙන ඇත. පැනගිය පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන ක්‍රමයට නිධන් හොරු නෙමෙයි, ගෙවල් බිඳින්නන්, මංකොල්ලකරුවන් බොහෝදෙනෙක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න වේවි.
අනේ අහිංසක ග්‍රාම නිලධාරියා ... රස්සාව නම් නැති කරන්න එපා... ආර්.එම්.වී නිලධාරින් මෙන් ඔහු වරදක් කර නැත.... ගහමු රිවර්ස් එකක්..
දැන් නිධන් හාරන්නට කුරුණෑගලට රාජ්‍ය අනුග්‍රහය ඇති.