වාහන අංක තහඩු නිකුත් කිරීමේදී වාහනය ලියාපදිංචි කෙරෙන පළාත සංඛේතවත් කිරීම සඳහා යොදන ඉංග්‍රීසි අකුරු ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
කාබන් විමෝචන පරීක්ෂණ සහ වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී පහසුවන පරිදි, පළාත් හඳුනා ගැනීමේ ඉංග්‍රීසි අකුරු දෙකක් වාහනයේ අංක තහඩුවට එක් කරනු ලැබ තිබිණ. එහෙත් වාහනයේ හිමිකරු වෙනස් වන සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කළ යුතු බැවින් පාරිභෝගිකයින්ට මෙන්ම මෝටර් රථ ගමනාගමන දෙපාර්තමේන්තුවටද මෙම තත්ත්වය නිසා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවේ.
ලියාපදිංචි කරන ලද සෑම වාහනයකටම වෙනමම අංකයක් නිකුත් කර ඇති බැවින්, එක් එක් වාහනයේ අනන්‍යතාවය දෙපාර්තමේන්තු දත්ත පදනම හරහා පහසුවෙන් හඳුනාගත හැකිය.
එම කරුණු සැලකිල්ලට ගනිමින්, වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් හඳුනාගැනීමේ පහසුව සඳහා ඇතුළත් කරන ලද අකුරු ඉවත් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටෙ තිබුණ ලොකුම ප්රශ්නය
පසුගිය කාලයේ අදාළ වාහනවල ප්‍රදේශය අනුව පුද්ගලයන් පිළිබඳව හඳුනාා ගැනීමට හැකිවුණා... එතුළින් ජනතාව දැනුවත්...
මගේ අම්මෝ රටෙ හැමතැනම හොරුන්ට චෙක් නොවීම යන්න පුළුවන්.... ඒ නිසා බුදු සර් මෙක නවතා දමන්න. මෙක තේරුම් කරන්න උත්සාහ කරන්න.
වාහනයේ හිමිකරු වෙනස් වන සෑම අවස්ථාවකදීම අලුත් අංක තහඩුද වෙනස් වියයුතුම වේ. පාරිභෝගිකයින්ට මෙන්ම මෝටර් රථ ගමනාගමන දෙපාර්තමේන්තුවටද මෙම තත්ත්වය නිසා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බව පැවසීම මුසාවකි...
මෙ රටෙ තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි වාහනවල පළාත් අකුරු. ඔන්න අපි ඒක ඉවර කළා. ඊළග ප්‍රශ්නෙ තමයි පළාත් සභා.... අපි හෙට අනිද්දාම පළාත් සභාවලටත් වැඩෙ දෙනවා ඔන්න.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පහසුවට වඩා රටේ ආරක්ෂාව වැදගත්ය. පළාත් අකුරු ආරක්ෂ අංශ වෙත වැදගත් වනු ඇත. යම් යම් කාරණා සම්බන්ධයෙන් සැක කටයුතු පරීක්ෂාවන් සඳහා පළාත් අංකය තිබීම නොතිබීමට වඩා පහසු වේ.
මගෙ පොතේ තියෙන්නේ WP... ඒත් අංක තහඩුවේ තියෙන්නේ NC... ඒ නිසා දුම් සහතිකේ ගන්න බෑ කිව්වා... මොකක්ද කරන්න ඕනෑ ඒකට...?
V l 7632 බයිසිකලේ විස්තර
කවදා ඉඳලාද ක්‍රියාත්මක කරන්නේ? මේ දවස්වල මම වෙනස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ..