(රංජිත් රාජපක්ෂ)
අලුත උපන් බිලිදෙකු තේ වත්තේ වලදැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.
නොර්වුඩ් ජනපදයේ පදිංචි 26 හැවිරිදි එක්දරු මවක් දරු ප්‍රසුතියක් සිදු කර බිලිදා නිවස ආසන්නයේ තේ වත්තේ ඉලුක් වගාවක වල දමා ඇති බවට නොර්වුඩ් පොලිසියට ලද තොරතුරක් මත නොර්වුඩ් පොලිසිය විසින් මව සැකපිට අත්අඩංගුවට ගෙන දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව අවිවාහක කාන්තාවක් බවත් , ඇයට පිරිමි දරුවෙකුද සිටින බවට පොලිසිය පැවසුවේ.
කාන්තාවගේ මව ගෘහසේවයට විදේශගත වි ඇති බවත් , පියා සමග නොර්වුඩ් ජනපදයේ සැකකාර කාන්තාව පදිංචිව සිටි බවයි පොලිසිය පැවසුවේ.
අලුත උපන් බිලිදා වල දැමුවේ යැයි කියන ස්ථානය නොර්වුඩ් පොලිසිය විසින් හදුනාගෙන ඇති අතර මුලික විමර්ෂණ අවසන් විමෙන් අනතුරුව හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු බිලිදු මල සිරුර ගොඩ ගන්නා බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ! දෙවියනේ .. කාගේ හෝ ලොවෙන් සඟවාගත යුතු රහසක් නිසා කිසිවක් නොදත්, කිසිඳු වරදක් සිදුනොකළ මේ කිරිසප්පයාට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ සැටි ... අනේ ... මෙලොව එළිය දකිනවාත් සමගම චූටි ඇස් කන් නාසා පස් වලින් වැසෙනා විට අනේ මොනවා හිතෙන්නට ඇතිද පුංචි සුරතල් සිතට ... ප්‍රාණය නිරුද්ද වෙනතුරු පසේ සිටි විෂ කඩින් කුහුඹුවන් සැපීමෙන් දැඩි වේදනා විඳින්නට ඇති ... පුංචි ගත දිගේ පස් පිරෙන විට මහා බරක් දැනෙන්නට ඇති .. පුංචි ඇස්වලට කඳුළු ගලා එන්නට ඇති .. ප්‍රථම වා රැල් සමග පුංචි පෙනහළු තුලට පස් හා ගල් කැට ගොස් ඉමහත් වේදනා දැනෙන්නට ඇති.. "අනේ ! අම්මේ .. තාත්තේ .. මට මෙහෙම කරන්නට මා කළ වරද මොකක් දැයි පුංචි සිතෙන් විමසන්නට ඇති.. පුංචි මම දෙව්ලොව යනවා කියා කුරිරු මනුලොවින් සදහටම නික්ම යන්නට ඇති ....
මේ එළියට ආපු එක් ආරංචියක් විතරයි මහත්වරුනේ... ඒ කාන්තාව අත්අඩංගුවට ගත්තා වගේම ඔය වගේ දේවල් වෙන්න හේතුව මොකක්ද කියල හොයල බලල අන්න ඒ ප්‍රශ්නවලට උත්තරයක් හොයන්න උත්සාහ ගන්න බලධාරීන් උනන්දු වෙනවා නම් හොඳයි. අඩි කීපයක ලැයිම් කාමරයක තාත්තා අතින් දූෂණය වන දියණිවරුන් බොහොමයක් වතුකරයේ සිටිනා වගක් රජුන් තනන්නන් ලෙස වැජඹී අවසන් ගමන් ගිය අය සේම අලුතින් කිරුළ පළඳවා ගත් අයත් නොදන්නවා සේ සිටීම අපට අරුමයක් නොවේ. මොකද ඔවුන්ට තමන්ගේ බලය හැරෙන්නට ලෙච්චමීලාගේ දුක් අඳෝනා වැඩකට නැති බැවිනි.
කාලෝචිතයි,.. තව ලෝක ප්‍රවෘත්තියක් වුණා නම් හොඳයි...
සිවා හරි. මහා ලොකු සාරධර්ම සපිරි ශ්‍රී ලාංකික සමාජයේ අවිවාහක කාන්තාවක් ගැබ් ගතහොත් එල්ලවන ආක්‍රෝෂ පරිභව මෙන්ම අනෙක් පීඩනද නිසා ඇගේ ජීවිතය සහ අනාගතය එතැනින් හමාර වෙනවා. ඇගේ දරුවාටත් හිමි වන්නේ 'අවජාතක' ලේබලය පමණයි. මේ පටු දෘෂ්ටි කෝණය පවතින කෙක් මේ ඛේදවාචක නවතීවි යැයි සිතන්න බැහැ. අඩුම ගණනේ මෙවැනි දරුවන් එපා නම් භාර දීම සඳහාවත් නීත්‍යනුකූල ස්ථානයක් තිබිය යුතුයි.