(නිමල කොඩිතුවක්කු)
ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. යෝගරාජ් මහතාත් පත්කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(12) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එම පත් කිරීම සිදු කරනු ලැබීය.
වතු කම්කරු ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා තමා කැප වන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස පත් වීමෙන් අනතුරුව නවීන් දිසානායක මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ ය.
ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස හරීන් ප්‍රනාන්දු මහතා ද ලේකම්වරයා ලෙස වඩිවේල් සුරේෂ් මහතා ද මෙයට පෙර කටයුතු කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපෙන් මහින්ද මහත්තයා ගාවට ගියා.. මහින්ද මහත්තයාගේ ළඟින් එජාපයට ආයේ පැන්නා. දැන් රනිල් ගාව ඉන්නේම මේ වගේ කුණු ගොඩවල්...
දන්නේ නැති නිසා අහන්නේ වතු සංගමය කියන්නේ එජාපයේ එකක්ද?
මේ මනුස්සයා දැන් කාලයකට කලින් නුවරඑළියේ මීටින් එකකදී සාමාන්‍ය ඡන්ද දායකයෙකුට ගැහුවා. නමුත් ඊට මාස කිහිපයකට පසුව මෙයා තවත් මනුස්සයෙකුට ගහන්න හදනවත් සමගම මිනිහා දුන්නා බැස්ටිය. බඩ කට පුරා කෑවා. දැන් කවුරුවත් බය නැහැ මන්ත්රීලාට. මොකද ඒ අය දෙවියෝද?
රටේ නායකයෝ වෙන්නේ සිහින මවන අය...
මෙ දවස්වල ඔස්ටෙලියාවෙ ඇපල් වතුත් ලාඛෙට යනවා. ඉස්සර මහවැලියෙන් ඇපල් කාපු කෙනෙක්ව මතක් වුණා...
මහපොළොවේ පය නොගසා ජීවත් වෙන මෙවැනි දේශපාලන මැඩියන් වතුකම්කරුවන්ගේ ගැටළු කවදා අවබෝධ කරගනීවිද? ඔවුන්ගේ ප්‍රශ්නවලට උත්තර ලබාදේවිද?
ඔලුව ඉදිමිච්ච රදළයෝත් ඉන්නවනේ...
ගාමිණී දිසානායක මැතිතුමා ළඟින් වත් මෙයාව තියන්න බැහැ... මේ ඔලුව ඉදිමිච්ච පණ්ඩිතයෙක්... !!!
පිස්සු වැඩ තමයි කරන්නේ...
එදා 17 දෙනෙක් මහින්ද ළඟට ගියා. අද මෙයා සජිත්ව එළවන්නේ කුමන්ත්‍රණය කරලා ... පක්ෂ විනාශ කරලා...
යූ.එන්.පී. ය විනාශ කළා...
බක පණ්ඩිතයෙක්...
මෙයා හීන දකිනවා ... ඔලුව ඉදිමිලා ළඟදිම පුපුරයි වගේ...