ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන පළමු වතාවට අද (12) 10000 ඉක්මවා ගියේය.
ඒ අනුව ඉන්දියාවෙන් අද (12) පස්වරු 5න් අවසන් වූ පැය 24ක කාලයේදී වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 10,956ක් වූ අතර එය දිනක් ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ ගණන ද විය.
ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,97,535කි.
ඉන්දියාව ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර සිවුවැනි තැනට පත්ව ඇති අතර එක්සත් රාජධානිය ද පසු කර ගොස් ඇත.
ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන 1,41,842ක් වන අතර වයිරසය ආසාදනය වී සුව වූ ගණන 1,47,195කි. ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 396ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 8,498ක් දක්වා ඉහළ ගොස් ඇත.
දකුණු ආසියාවේ දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව ඇත්තේ පාකිස්තානයයි. පාකිස්තානයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,25,933ක් ලෙස දැක්වුණු අතර බංග්ලාදේශයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 78,052කි.
එන්.ඩී.ටීවී.
- 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ මේ අයුරින් ආබාධිතයින් වැඩිවීම අපටද ඉතා අහිතකර ආකාරයකට බලපෑමට හැකියි. ඒ කෙසේද යත්, අපේ රටට ඉන්දියානු බෝට්ටු මගින් කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය රහසිගතව ගේනවා. ධීවර බෝට්ටු මගින් මේවා රට තුළට ගෙනෙනාවිට ඒ සමග කොරෝනා ඒමේ දැඩි අවදානමක් තිබෙනවා. ඒ නිසා මේ ගැන මීට වඩා දැඩි පියවරක් අනුගමනය කළ යුතුයි. මේ සංවිධානාත්මක නීති විරෝධී ව්‍යාපාරය පිටුපස ප්‍රබලයින් සිටිනවා වෙන්නට පුළුවන්... මේවාට ඉක්මණින්ම නිසි ප්‍රතිකාර අවශ්‍ය යුතු මොහොතක තමයි අප මේ ජීවත්වන්නේ...
අපෙ රටේ කොවිඩ් මර්දනය කොතරම් සාර්ථකද කියා තේරෙනවා ද?