ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන පළමු වතාවට අද (12) 10000 ඉක්මවා ගියේය.
ඒ අනුව ඉන්දියාවෙන් අද (12) පස්වරු 5න් අවසන් වූ පැය 24ක කාලයේදී වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 10,956ක් වූ අතර එය දිනක් ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ ගණන ද විය.
ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,97,535කි.
ඉන්දියාව ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර සිවුවැනි තැනට පත්ව ඇති අතර එක්සත් රාජධානිය ද පසු කර ගොස් ඇත.
ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන 1,41,842ක් වන අතර වයිරසය ආසාදනය වී සුව වූ ගණන 1,47,195කි. ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 396ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 8,498ක් දක්වා ඉහළ ගොස් ඇත.
දකුණු ආසියාවේ දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව ඇත්තේ පාකිස්තානයයි. පාකිස්තානයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,25,933ක් ලෙස දැක්වුණු අතර බංග්ලාදේශයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 78,052කි.
එන්.ඩී.ටීවී.
- 055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගෙවුණු පැය 24 දී ඉන්දියාවෙන් ආසාදිතයන් 10000ක්
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 13 June 2020 04:28 AM
ඉන්දියාවේ මේ අයුරින් ආබාධිතයින් වැඩිවීම අපටද ඉතා අහිතකර ආකාරයකට බලපෑමට හැකියි. ඒ කෙසේද යත්, අපේ රටට ඉන්දියානු බෝට්ටු මගින් කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය රහසිගතව ගේනවා. ධීවර බෝට්ටු මගින් මේවා රට තුළට ගෙනෙනාවිට ඒ සමග කොරෝනා ඒමේ දැඩි අවදානමක් තිබෙනවා. ඒ නිසා මේ ගැන මීට වඩා දැඩි පියවරක් අනුගමනය කළ යුතුයි. මේ සංවිධානාත්මක නීති විරෝධී ව්‍යාපාරය පිටුපස ප්‍රබලයින් සිටිනවා වෙන්නට පුළුවන්... මේවාට ඉක්මණින්ම නිසි ප්‍රතිකාර අවශ්‍ය යුතු මොහොතක තමයි අප මේ ජීවත්වන්නේ...
සාලිය Saturday, 13 June 2020 10:35 AM
අපෙ රටේ කොවිඩ් මර්දනය කොතරම් සාර්ථකද කියා තේරෙනවා ද?