(ඩී.ජී.සුගතපාල)
බුස්ස බන්ධනාගාරයේ රාජකාරියේ යෙදි සිටින විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදි බන්ධනාගාරයේ විශේෂ ඒකකයේ ඩී.01වාට්ටුවේ සඟවා තිබු හෙරොයින් ග්රෑම් 7ක් ජංගම දුර කතනයක් ,දුර කතන බැටරි 3ක් චාජර් 3ක්, දුර කතන අංක සහිත කුඩා පොතක් සොයාගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති අතර විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට රට ජාතියේ ප්රණාමය... !!! මීට පෙර අපද බන්ධනාගාර ඇතැම් නිලධාරීන් හා බොහෝ අපරාධකරුවන්ගේ නෑයන් අතර අධිකරණ භූමියේදී සිදුවෙන ගජ මිතුරුකම් ගැන රටේ අවධානය යොමු කළෙමු. තඹෙකට විශ්වාස කළ නොහැකි ඇතැම් බන්ධනාගාර නිලධාරින්ව ප්රථමයෙන්ම බන්ධනාගාරගත කළ යුතුයි. බන්ධනාගාර හොර ගුහාවට රහසිගතව සී.අයි.ඩී නිලධාරීන් යෙදවිය යුතුයි. එමෙන්ම, අධිකරණ භූමිය තුළටද එසේම කළ යුතුයි.
බූස්ස නව තාක්ෂණයෙන් යුතු අධි ආරක්ෂිත හිරගෙදර මෙහෙම නම් අනික් තැන් කොහොම ඇද්ද?
මුලින්ම බන්ධනාගාර සේවයට යොදවලා ඉන්න අය ගෙදර යැවිය යුතුයි.
මේ හැමතැනම අරක්ගත් මහසෝන දේශපාලනය... අර හිරගෙදර ඉස්පිරිතාලේ අරක්ගෙන ඉන්නේ ඒ අය. මේ අලුත දාපු නීති දේශපාලුවා විසින්ම කඩනු ඇත. තිත්ත ඇත්ත ඇයයි.